Zodiac (2007) Sinhala Subtitles


Zodiac (2007) Sinhala Subtitles
Add to Favorites
Zodiac (2007) Sinhala Subtitles (165 min 41 sec)
05-20-2014 at 08:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 118 - Views: 19147



Tags:


උපසිරැසි ගැන්වීම: තිලින රාජකරුනා




  1. Most Popular Subtitles of this Contributor






මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වුන අති විශිෂ්ඨ සිනමා පටයක්.මේකේ ඉන්න නළුවන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.October Sky,Source Code වැනි චිත්‍රපටිවල රඟපෑ Jake Gyllenhaal එතකොට Avengers චිත්‍රපටියේ හල්ක් ලෙසින් රඟපෑ Mark Ruffalo ඒ වගේම අපි කවුරුත් දන්න Iron Man චරිතයට පණ පොවන Robert Downey Jr. මෙහි ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දෙනවා.1960 හා 1970 දශක වලදි කැලිෆෝනියාව භිතියෙන් මුසපත් කල මිනිමරුවෙක් ගේ සත්‍ය කතාවක් ඇසුරින් නිපද වු චිත්‍රපටියක් තමයි සෝඩියැක් කියන්නේ.මේක සත්‍ය කතාවක් නිසා ඔබ නරඔන අනික් චිත්‍රපටි වලට වඩා නම් හොද අත්දැකිමක් ලබා දෙන්න අනිවාර්යෙන්ම සමත්වේවි.

Zodiac Killer නමින් අනුවර්තන නාමයක් ලබාගත් මේ මිනිමරුවා මිනිමරන්නේ හරිම අමුතු ආකාරයකට ඇත්තටම කිව්වොත් මේකේ කියවෙන්නේ මිනිමරුවෙක් තමන්ගේ මිනීමැරුම් ගැන පොලිසියට සහ පත්තරේට ලියුම් වලින් හෙළි කරන එකක් ගැන,(ඒ කාලේ ගොඩක් සන්නිවේදනය දියුණු නැහැ, නරඹන කොට තේරෙනවා).මේ මිණීමරුවා බොහොම බුද්ධිමත් කෙනෙක්. ඔහුගේ සහාජ බුද්ධියෙන් ඔහු දන්නවා මිනිමරුමක් කරලා පොලිසියෙන් සැඟවෙන්නේ කෙසේද කියලා. ඒ නිසා ඔහු මිනිමරන්න බයවෙන්නේ නැහැ. ඒ වගේම මම ඉහත කිව්වා වගේ මොහු මිනි මැරුමක් කළ සැනින් ඇමරිකාවේ තියන ප්‍රධාන පත්තර වලට ඒ ගැන දන්වලා ලිපියක් එවනවා.තමා ඒ මිනිමැරුම කලේ ඇයි ඒක කරන්න හිතුනේ ඇයි කියලා දන්වලා. ඒ වගේම මේ ලිපිය එක්ක මේ මිනිමරුවා අපුරු දෙයක් කරනවා එතමයි ..රහස් සංඛේත වලින් ලියපු ලිපියක් එවන එක. මේ රහස් සංඛ්තය විසදගත්තොත් පොලිසියට මිනිමරුවාගේ විස්තර හොයාගන්න පුලුවන් වෙන විදියට.ඉතින් මේ ලිපිවල තියෙන්නේ ඔහු ගැන විස්තර හැබැයි ඔහු ගැන හොයාගන්න බෑ මොකද රහස් සංඛේතයකින් නේ තියෙන්නේ. පොලිසියට දැන් මොනා කරන්න වෙයිද? ඒ වගේම මොහු ගේ මිනිමැරුම් එන්න එන්න වැඩිවෙනවාත් එක්ක. මේ එවන ලිපි පත්තරේට චිත්‍රකතා ලෙසින් අදින කෙනෙක් තමයි රොබට් (Jake Gyllenhaa) කියන්නේ. ඔහු ඒ වගේම මේ රහස් කේත හදුනගන්නත් උත්සහා කරනවා. මොහුගේ මේ උත්සහාය සාර්ථක වෙලා මිනිමරුවා හොයාගන්න පුලුවන් වේවිද කියලා චිත්‍රපටිය බැලුවොත් හොයාගන්න පුලුවන් ඒ වගේම ඔබට මේ මිනිමරුවා ගැන ඇත්ත විස්තර හොයාගන්න ඕන නම් Zodiac Killer කියන මේ ලින්ක් එක මගින් දැනගන්න පුලුවන්.තවත් මෙවැනිම අර්ථාන්විත චිත්‍රපටියකින් හමුවෙන තෙක් සුබදවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Direct Links මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිලින රාජකරුනා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment