Untraceable (2008) Sinhala Subtitles


Untraceable (2008) Sinhala Subtitles
Add to Favorites
Untraceable (2008) Sinhala Subtitles (2 min 36 sec)
06-13-2014 at 09:54 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 65 - Views: 20062



Tags:


උපසිරැසි ගැන්වීම: අනුෂි ශමල්කා



  1. Most Popular Subtitles of this Contributor





දැන් ටිකකට කලින් ඔයාලා මොකද කලේ සමහර විට ෆෙස්බුක් එකේ ඉන්නත් ඇති. මේ දවස් වල ෆෙස්බුක් පවා බලද්දි ගොඩක් රෙඩියෝ නාලිකා වල නැත්නම් රුපවාහිනි නාලිකා වල එහෙමත් නැතිනම් තව විවිධ ෆෙස්බුක් ෆැන් පෙජ් වල වැඩියෙන්ම ෂෙයා වෙලා තියන පොස්ට් විඩියෝ මොනාද කියලා ඔයාලා නිකමටවත් බැලුවාද? කවුරු හරි මැරෙන එකක්,ගංවතුරකට ගහාගෙන යන එකක් නැත්නම් කොහේ හරි ත්‍රස්තවාදි සංවිධානයක් කවුරු හරි එළිපිට මරන එකක්,නැත්නම් මතකද දන්නේ නෑ පුස් පැටියෙක් ගැණු ළමයි ටිකක් පාගලා මරන විඩියෝවක් අන්තර්ජාලයේ වේගයෙන් පැතිරුණා. ඇයි මේ වගේ විඩියෝ ජනප්‍රිය වෙන්නේ පැතිරෙන්නේ. ගොඩක් අය බැන බැන ඒකම කරනවා.එහෙම වෙන්න හේතුවක් තමයි මිනිස්සුන්ගේ මානසික තත්වයත් හරි විවිධාකාරයි ඒ අය කැමැතියි මේ වගේ දෙවල් බලන්න නමුත් මේ කවුරු හරි වින්ද වේදනාවක් නැතිනම් කාට හරි වෙච්චි කරදරයක්,මේ කෙනා මේ වෙලාවේ කොහොම ඉන්න ඇතිද කියලා තත්වය ඔවුන්ට තේරේවිද කියලා ප්‍රශ්නයක් පැනනගිනවා.සමහර අයට ඒක තත්පර ගානක විඩියෝ එකක් වෙන්න පුලුවන් එත් ඒ විඩියෝවේ මොන වගේ සිදුවිමක් ඇත්ද කියලා කවුරුත් හිතන්නේ නැහැ. මම මේ වගේ කාරණාවක් කිව්වේ අද මම ඔයාලට ගෙනාපු චිත්‍රපටියත් ඒ වගේ එකක් නිසා.


2008 වර්ශයේදි ලොවපුරා තිරගත වු මේ චිත්‍රපටියට පාධක වෙන්නේ සයිබර් අපරාද ගැන.නමුත් මේ පාර FBI එකට හම්බවෙන සයිබර් අපරාධකාරයා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඔහු විසින් විවෘත කරන වෙබ් අඩවියේ නම killwithme.com(මගෙත් එක්ක එකතුවෙලා මරන්න) වගේ තේරුමක් දෙන සයිට් එකක්. මම කතාව වැඩිය විස්තර කරන්නේ නැහැ මොකද ට්‍රේලර් එක කැමැති නම් බලන්න එකෙන් ගොඩක් දේ චිත්‍රපටිය ගැන කියවේවි.මම මෙහෙම කියන්නම් චිත්‍රපටිය ගැන පොඩි දෙයක් මේ මම අර කියපු සයිට් එකට ගියාම වෙන්නේ කෙනෙක් වදදිලා මරන රුපරාමුවගයක් පෙනෙන එක. මේක වෙන්නේ සජීවිව. නරඔන පිරිස වැඩිවෙත්ම අර කෙනාගේ මරණය ඉක්මන් වෙනවා.මේක කරන්නේ කවුද? ඇයි මෙහෙම සයිට් එකක් හදන්න හේතුව මේ දෙවල් ගැන දැනගන්න ඔයාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

තව දෙයක් මේ වගේ තව සයිට් එකක් තියනවා නේට් එකේ. හිත බයනැත්නම් ගිහින් බලන්න. හැබැයි චිත්‍රපටිය නැරඔුවාට පස්සේ විතරක් මේකට පිවිසෙන්න http://www.killwithus.com/

මම චිත්‍රපටියේ පරිගනකයේ දැක්වෙන කමෙන්ට්ස් අංකන දත්ත පිටපත හදලා සිංහලට හරවලා දාලා තියෙන්නේ මොකද එහෙම කරන්න හේතු උනේ ඒ කමෙන්ට් චිත්‍රපටියටත් ටිකක් වැදගත් නිසා. සමහර විට අපි මේ වගේ විඩියෝ අන්තර්ජාලයේ දැක්කාම පල කරන්නෙත් එවැනි අදහසක්ම වෙන්න පුලුවන්.මේ චිත්‍රපටියේ මම කොපි දෙකටම සබ් හැදුවා. බුලුරේ එක නම් ගොඩක් කොලිටි.පුලුවන් නම් ඒකම ගන්න.එහෙනම් තවත් හොද චිත්‍රපටියක් එක්ක ඉක්මනින් මුණගැහෙමු.


මෙම චිත්‍රපටියේ දැනට නිකුත් වී ඇති DVD පිටපත් හා Bluray පිටපත් සියල්ල සදහාම උපසිරැසි නිකුත් කර ඇති අතර ඔබට ඇවැසි උපසිරැසි ගොනුව ලබාගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment