Youngistaan (2014) Sinhala Subtitles


Youngistaan (2014) Sinhala Subtitles
Add to Favorites
Youngistaan (2014) Sinhala Subtitles (141 min 07 sec)
06-20-2014 at 08:44 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 109 - Views: 29446



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor








පහුගිය දවස් ටිකේ වැඩරාජකාරි බොහෝමයක් තිබ්බ නිසා චිත්‍රපටිය දෙන්න ගොඩක් පරක්කු උනා. ඒ වගේම ගොඩ්සිලා චිත්‍රපටියත් ඒ අතර කරන්න ගත්ත නිසා මේ චිත්‍රපටිය තවත් පමා උනා. කොහොම හරි ලබන සතියේ ගිය සතියේ වගේම හින්දි චිත්‍රපටි 3ක් අනිවාර්යෙන් දෙනවා කියලා පොරොන්දුවෙනවා.

චිත්‍රපටිය මම අරගත්ත දවස්වලම දාන්න ගත්තේ මේ චිත්‍රපටියේ එක් සිංදුවක් ගොඩක් ජනප්‍රිය උන නිසා. ඇත්තටම ඒ සිංදුව ඇහුවාම නම් මම හිතුවේ ලස්සන ආදර කතාවක් වේවි කියලා.නමුත් ඒ බලාපොරොත්තුව නම් මේ චිත්‍රපටිය කඩලා දැම්මා.ඒ මේක ටිකක් දෙශපාලනයට බර චිත්‍රපටියක් නිසා. ඒ තුලින් ගලා යන ආදර කතාවකුත් තියෙනවා. නැතුවාම නෙමෙයි. චිත්‍රපටියක් ලෙස ගත්තාම මේක හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් කෝ අභිමන්යු කොල් කියන්නේ රටේ අගමැතිගේ පුතා. ඔහු ජිවත් වෙන්නේ ජපානයේ. පරිගනක ක්‍රිඩා සකසන්නෙක් ලෙස. ඇයගේ පෙම්වතිය තමයි අන්විතා කියන්නේ. දවසක් අභිමන්යුට ඇමතුමක් එනවා ඒ තමන්ගේ තාත්තා අසනිපෙන් ඉන්නවා වහාම එන්න කියලා. අභිමන්යු යද්දි තාත්තා අවසන් හුස්ම හෙළමින් ඉන්නේ. ඒ වෙලාවේ තාත්තා අභිගෙන් එක පොරොන්දුවක් ගන්නවා. ඒ තමන්ගෙන් හිස්වන අගමැතිකම ඔහුට බාරගන්න කියලා.අභිමන්යු තමන්ගේ තාත්තාගේ අවසාන කැමැත්ත ඉටු කරන්න සිතාගන්නවා. නමුත් ඉන්දියාවේ අගමැති කියන එක සුළුපටු වඟකිමක් නෙමෙයිනේ. ඒ වගේම අන්විතා කැමැති වෙන්නේ නැහැ අභිමන්යු දේශපාලනයට එනවාට.ඇය විසින් කියනවා දේශපාලනයද නැත්නම් තමන්වද තියාගන්නේ කියලා තෝරගන්න කියලා. කොහොම හරි අභිමන්යු රටේ අගමැති ලෙස දිවුරුම් දෙනවා. අවුරුදු 28 කොල්ලෙක්ට රටක පාලනය ලැබුනාම මොනවා වෙයිද කියලා හැමෝටම ඒ අතර ප්‍රශ්නයකුත් තියනවා. සමහර විට ඔයාලාටත් ඒ ප්‍රශ්නය ඇති. ඒක විසදගන්න එහෙනම් චිත්‍රපටිය අරන් බලන්න.

කාලවේලාව මදි නිසා පොඩි කතාවක් ලිව්වේ.ඔයාලා අරන් බලන්නකෝ.හැමදාම මගේ උපසිරැසි ගැන විශ්වාස තියලා සබ් එකක් දෙනකම් රැදි ඉන්න හැමෝටම ස්තුතියි.එහෙනම් තව චිත්‍රපටියකින් ඉක්මනින් හමුවෙමු. හැමෝටම සුභදවසක්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 890MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 890MB Direct Link එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 890MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment