Vadacurry (2014) Sinhala Subtitles


Vadacurry (2014) Sinhala Subtitles
Add to Favorites
Vadacurry (2014) Sinhala Subtitles (138 min 18 sec)
07-17-2014 at 10:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 108 - Views: 32101



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






එකදිගටම හොලිවුඩ් ෆිල්ම් කීපයක්ම බලලා වෙනසකටත් එක්ක සුපිරි ඝනයේ දමිල ෆිල්ම් එකක් අරගෙන ආවා, ඉතින් මේ තමයි මේ චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට එකතුවෙන පලවෙනි උපසිරැසිය මේක තමයි, ඉතින් සුපුරුදු විදියටම අපිට මේ උපසිරැසියෙ අංක දත්ත පිටපත් හදලා පරිවර්ථනය කරල දුන්නෙ කෙවින් සීඩි හවුස් ආයතනෙයේ අපේ යාලුවො සෙට් එක, අපිට කරන්න තියෙන්නෙ උපසිරැසිය ටයිප් කරගෙන යන්න විතරයි, ෆිල්ම් එක ගැන විස්තර කියනවනම් මේක තිරගතවීම ආරම්භ කරල තියෙන්නෙ 2014 ජූනි 19 වෙනිදා, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ saravana rajan විසින්, මෙහි රංගනයෙන් දායක වෙන නළු නිලියන් ගැන කියනවනම්, අපි ලබාදුන්න Jilla චිත්‍රපටයේ ප්‍රධාන නලු විජේගෙ මල්ලි Jai තමයි මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ ඒවගේම Swamy Ra Ra වැනි චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Swaty Readdy, වගේම, jackpot, Ragini Mms 2 වගේ චිත්‍රපට වල රංගනයෙන් දායක වුන, කවුරුත් දන්න අපේ ප්‍රමෝද්ගෙ අරයා නැත්නම් සනි ලියෝන් දායක වෙනවා,

කතාව පැත්තට හැරෙනවනම් සතිශ් (jai) කියන්නෙ වෙද්‍ය රෙෆ් කෙනෙක් මෙයා සේවය කරන්නෙ බෙහෙත් සමාගමක, ඉතින් මෙයා ලඟ ෆෝන් එකක් තියෙනවා, ඉතින් මේකෙ හොදකම කියන්නෙ එයාගෙ ෆෝන් එකට කෝල් එකක් ආවම ඒක පෞද්ගලික ඇමතුමක් වෙන්නෙ නෑ, ලඟ පාත ඉන්න හැම කෙනෙක්ටම එයාගෙ ඇමතුම ඇහෙනවා, ඉතින් මේ ෆෝන් එක නිසා මෙයා සෑහෙන්න අපහසුතාවලට ලක් වෙනවා, ඉතින් මෙයාට යාලුවෙක් ඉන්නවා ඒ තමයි කරී, කරීත් ඉතින් සතිශ්ටම හරියන යාලුවා, ඉතින් කරී, සතිශ්ට කියනවා, හොද ෆෝන් එකක් තිබුනොත් තමයි කෙල්ලො බලන්නෙ කියලා, සතිශ්ට හොද ෆෝන් එකක් ගන්න කියලා පෙරෙත්ත කරනවා, ඉතින් සතිශ්ගෙ රස්සාවෙ මුල්ම පඩියෙන් හොද ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා, ඒත් ඉතින්, අන්තිමට පඩියෙන් ඉතුරු වෙන්නෙ බොහොම සුළු මුදලක්, ඉතින් ඒ ගානට තියෙන හොදම ෆෝන් එක මෙයා ගන්නවා, චයිනීස් ෆෝන් ගැන කියන්න දෙයක් නෑනෙ, මේකෙ ඉතින් කන පැලෙන්න සද්දෙ ඇහෙනවා, ඉතින් අපරාදෙ කියන්න බෑ මේ ෆෝන් එකෙනුත් සෑහෙන්න ප්‍රයෝජන තියෙනවා, කට්ටිය බය කරන්න, ඈත ඉන්න කෙනෙක්ට කතාකරන්න, කට්ටියව වට්ටන්න, පොඩි ලමයින්ව බය කරලා බත් කවන්න වගේ සෑහෙන්න ප්‍රයෝජන තියෙනවා, ඉතින් මේ අතරෙ සතිශ්ට ගෑනු ලමයෙක් පස්සෙනුත් යනවා, හැබැයි එතනදිත් නියම වැඩක් තමයි වෙන්නෙ, මේ අලුතෙන් ගත්ත ෆෝන් එකෙනුත් සතිශ් සෑහෙන්න අපහසුතා වලට මුහුණ දෙනවා, ඉතින් මේ අතරෙදි මෙයාට කඩයක තිබිලා අහම්බෙන් ෆෝන් එකක් ලැබෙනවා, ඒක ඉතින් නිකන්ම ෆෝන් එකක් නෙමෙයි ඇපල් අයි ෆෝන් එකක්, මෙයත් ඉතින් දෙපාරක් හිතන්නෙ නැතුවම ඒක ගන්නවා, ඉතින් සතිශ් මේ ෆෝන් එක කරදරයක් නැතුව පාවිච්චි කරනවා, හැබැයි ඒ ෆෝන් එකට ඇමතුමක් එනවා බඩු වගයක් ඉල්ලලා, ඉතින් කොහොමින් හරි සතිශ්ට අන්තිමට හිතෙනවා මේ ෆෝන් එකේ අයිතිකාරයා හොයලා බාර දෙන්න, ඉතින් බාර දෙන්න යනකොට, ඒ ෆෝන් එක වෙනුවෙන් එන්නෙ ෆෝන් එක අයිති අය නෙමෙයි, වෙන කට්ටියක්, මෙතන ඉදන් සතිශ්ට ප්‍රශ්න ඇතිවෙන්නෙ පෝලිමට, ඔන්න ඔතනින් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නෙ, ඉතින් මීට වඩා කියන්න ගියොත් කතාවම කියන්න වෙනවා, ඉතින් හොද කුතුහලය පිරුනු, ක්‍රියාදාම තියෙන කතාවක් ඔයාලට බලාගන්න පුලුවන්, එවගේම මේක බලල හොදට හිනාවෙන්නත් පුලුවන්, චිත්‍රපටය ගැන ලොකු විස්තරයක් කලා, එහෙනම් ඉතින් චිත්‍රපටය ඔයාලට බාරයි, ඒවගේම මේ උපසිරැසිය වෙනුවෙන් KEVIN CD HOUSE ආයතනයටත් ස්තූති වන්ත වෙනවා, ඉතින් මේ වගේ සුපිරි චිත්‍රපට කීපයක්ම හෙට අනිද්ද වෙනකොට ඔයාලට ලැබෙයි, ඒවගේම ඔයාලා කැමති මේ වගේ දමිල චිත්‍රපට තියෙනවනම් මෙතන සදහන් කරගෙනම යන්න, ගිහින් එන්නම් ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment