Ek Villain (2014) Sinhala Subtitles


Ek Villain (2014) Sinhala Subtitles
Add to Favorites
Ek Villain (2014) Sinhala Subtitles (123 min 34 sec)
07-18-2014 at 06:31 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

Hindi Movies
Favorites: 260 - Views: 69562



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor







ඔන්න කවුරුත් බලන් හිටියානේ මේ චිත්‍රපටියේ හොද පිටපතක් එවි කියලා. අද උදේම හොද පිටපතක් ආවා වගේම ඒකට හරියට ගානටම සබ් කරලා අරන් ආවා. ස්ක්‍රිනර් පිටපත කලින් දුන්නා මතක ඇතිනේ. එකම අනික් පැත්තට හැදුවේ නැහැ. ආපහු මුල ඉදන් ඩිවිඩි රිප් එකට ගැලපෙන විදියට සකස් කලා වගේම ගීත සේරමත් ආපහු පොඩි පොඩි වෙනස් කම් එක්ක අරන් ආවා. එහෙනම් කලින් ඩවුන්ලොඩ් කරපු හැමෝටමත් ස්තුතියි. එහෙනම් ඩිවිඩි පිටපත එනකම් හිටපු ඔයාලාටයි මේ අද චිත්‍රපටිය.


දැන් කතාවට පිවිසෙමු. කවුරුත් Aashiqui 2 චිත්‍රපටියෙන් පස්සේ මේ චිත්‍රපටිය ගැන සැහෙන්නම බලාපොරොත්තු තියන් හිටියානේ. ඒක ට්‍රේලර් එක නිකුත් උනාම එහෙම කට්ටියගේ තිබුණ උද්යෝගයෙන්ම පෙන්න තිබ්බා.Luv Ka the End,Aashiqui 2,Gori Tere Pyaar Mein චිත්‍රපටිවලින් ඔයාලා හොදටම දැනගත්ත Shraddha Kapoor ගේ රංඟනය වගේම Student of the Year,Hasee Toh Phasee වැනි චිත්‍රපටි වලින් රසික හදවත් දිනාගත්ත Sidharth Malhotraගේ රංඟන දායක්තවයත් මෙයට ලැබි තිබෙනවා. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටියේ කැපි පෙනෙන චරිතයක් කරන්නේ Tere Naal Love Ho Gaya,Housefull 2 වැනි චිත්‍රපටිවල රඟපැ Ritesh Deshmukh විසින්.

කතාව ගැන කිව්වොත් නන්නාදුනන මිනිමරුවෙක් විසින් නඟරයේ කාන්තාවන් අභිරහස් ලෙස ඝාතනය කරමින් පලායනවා. ඔහුගේ මිනිමැරුම් ගොදුරු වලට හසුවෙන එක කාන්තාවක් තමයි අයිෂා (Shraddha Kapoor) කියන්නේ. අයිෂා ගේ සැමියා තමයි ගුරු. ගුරු මේ අපරාධකාරයා සොයායන ආකාරය තමයි චිත්‍රපටියේ දැක්වෙන්නේ. ඔයාලා බයවෙන්න ඇති මම කෙලින්ම දැන් ගැණු කෙනා මැරෙනවා කියලා කිව්වා කතාව බලලා වැඩක් නැහැ කියලා. කතාව ආරම්භ වෙන්නේම අයිෂාගේ මිනිමැරුමෙන් තමයි. එතැන ඉදන් ගුරු මේ මිනිමරුවා පසු පස හබා යන ආකාරය වගේම කවුද මේ මිනිමරුවා කියලා ඔහු හොයාගන්න දරණ උත්සහාය තමයි තියෙන්නේ. මේ අතර අයිෂා හා ගුරුගේ හමුවිම සිදුවුන ආදර කතාවත් ඔයාලාට බලාගන්න පුලුවන්. චිත්‍රපටියේ සිංදු ටික ඉතින් වැදගත්නේ ඉතින් ඔන්න සිංදු සේරටමත් සබ් දාලා තියෙන්නේ. ඒක නිසා සිංදු ටිකත් ඔයාලට හොදටම රසවිදින්න පුලුවන්. මගේ මතය ගැන නම් කිව්වොත් චිත්‍රපටිය ආෂිකි චිත්‍රපටිය තරම්නම් මගේ සිත්ගත්තාද කියන එක නම් ගැටළුවක්. මොකද මම මේ චිත්‍රපටියෙන් මිට වඩා බලාපොරොත්තු උන නිසා. එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්නකෝ.මගේ හින්දි දැනුමේ පොඩි පොඩි අවුල් තිබිලා සමහර තැන් වැරැදි තිබ්බොත් ගනන් ගන්න එපා. මොකද මේක අසාලිවිමක් කරපු නිසා.හැබැයි පුලුවන් උපරිමයෙන් කලා. අපේ ගයාන්ට පහුගිය දවස් ටිකේ මම කියපු වැඩේ තමයි මේක.
ගයාන් වෙන එකක් ගැන හිතාගෙන ඉදලා තිබ්බේ . එහෙනම් ඒ කතා ඉවරයි..............හැම ආදර කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා නේ...හැබැයි දුෂ්ටයෙක් විතරක් ඉන්න ආදර කතා බලලා නැත්නම් අද අරන් බලන්න එක් වීලන්ව. ගිහින් එන්නම් එහෙනම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 890MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720p 890MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
500MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment