Holiday (2014) with Sinhala Subtitles


Holiday (2014) with Sinhala Subtitles
Add to Favorites
Holiday (2014) with Sinhala Subtitles (154 min 10 sec)
08-02-2014 at 08:47 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 80 - Views: 22681



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor





ටික දවසක් පරක්කු වෙලා චිත්‍රපටිය ගෙනල්ල දුන්න එකට සමාවෙන්න ඕන.එහෙම උනේ මේ දවස් වල ඇත්තටම සබ් එකක් දාන්න තියන වෙලාව ගොඩක් අඩුයි. හැබැයි පුලුවන් වෙලාවට කොහොම හරි සබ් එකක් කරලා අරන් එන්න උත්සහා කරනවා. හොලිඩේ කියන මේ චිත්‍රපටිය 2012 වසරේ නිකුත් උන Thuppakki චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටි දෙක ගත්තාම මගේ අදහාස නම් හොලිඩේ චිත්‍රපටියට වඩා 80%ක් විතරම Thuppakki චිත්‍රපටිය ඉදිරියෙන් සිටිනවා. Thuppakki චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නේ විජේ විසින්.විජේගේ කටහරි නැති නිසා අපේ සමහර අය එයාගේ චිත්‍රපටි බලන්නේ නැහැනේ. කොහොම උනත් රංඟන ශිල්පියෙක් විදියට දමිළ සිනමාවේ විජේ කියන්නේ ප්‍රභල චරිතයක්.ඉතින් මම කියන්න උත්සහා කලේ Thuppakki චිත්‍රපටියේ විජේ හා හොලිඩේ චිත්‍රපටියේ අක්ෂේ කුමාර් අරගෙන බැලුව විට මේ චිත්‍රපටිය අතින් වැඩිපුරම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙන්නේ විජේ.ඒ වගේම සොනක්ෂි මේ වගේ දඟකාර චරිතයකට කොතරම් ගැලපෙනවාද කියන එකත් පොඩි අවුලක් තියෙනවා.දමිළ චිත්‍රපටියේ කාජල් අග්‍රාවාල් තමයි ප්‍රධාන නිළිය චරිතය නිරුපණය කලේ ඇයත් ඒ චරිතයට සාධාරණයක් කලා කියන එකයි මගේ හැඟිම. අක්ෂේ කුමාර් ගේ රංඟනය මේ චිත්‍රපටියේ අවුලක් ලෙස දකින්න හේතුව තමයි Thuppakki චිත්‍රපටියේ විජේ කරන්න යන විහිළු ඒ ආකාරයෙන්ම කරන්න උත්සහා දැරිම. සැම නළුවෙක්ටම අනන්‍ය වු රටාවක් තියෙනවා නේ. අක්ෂේ හොද හාස්‍ය උපදවන්න පුලුවන් නළුවෙක්. එත් මේ චිත්‍රපටියේ විජේගේ වැඩ කැලි දාන්න ගිහින් පොඩ්ඩක් අවුල් කරගෙන කියන එකයි මට හිතෙන්නේ. මේ කතාව කොයි තරම් සධාරණද කියලා චිත්‍රපටි දෙකම බලපු කෙනෙක්ට තේරුම් ගන්නට හැකිවේවි.


එහෙනම් චිත්‍රපටියේ අපි මොකද වෙන්නේ කියලා බලමු විරාට් කියන්නෙ ඉන්දියන් හමුදාවේ සේවය කරන නිලධාරියෙක් ඒ විතරක් නෙමෙයි බුද්ධි අංශයේ විශේෂඥයෙක්, මොහු තමන්ගේ නිවාඩුව ගත කරන්න තමයි තමන්ගේ ගම වන මොම්බායට පැමිණෙන්නේ. මෙහෙම දවසක් ඉන්න කොට බස් එකකට බෝම්බයක් තියල පැනල ගියපු ත්‍රස්තවාදියෙක්ව විරාට් අල්ලගන්නව. අල්ලආ පොලීසියට බාර දුන්නත් එදා රෑම ත්‍රස්තවාදිය පැනලා යනවා.හැබැයි විරාට් මේ වගේ දෙයක් වෙයි කියලා දැනගෙන රැකගෙන ඉදලා ත්‍රස්තවාදියාව අල්ලගෙන තමන්ගෙ ගෙදරට ගෙනියනව ප්‍රශ්න කරන්න.කොහොමහරි විරාට් දැනගන්නව එයාලගෙ කණ්ඩායමේ 12 දෙනෙක් ඉන්නව කියලා.. ඒ දොලොස් දෙනා ඉන්දියාවේ ස්ථාන 12ක බෝම්බ පුපුරවන්න යනබවත් දැනගන්නවා.මේ ප්‍රහාර එල්ල කරන්න යන 12 දෙනා උඩින් ලැබෙන නියෝග වලට අනුව වැඩ කරන්නේ. මේ වග‍ෙත්‍රස්තවාදී කණ්ඩායම් වලට කියන්නෙ Sleeper Cells (ස්ලීපර් සෙල්ස්) කියලා. ඉතින් නිවාඩුවට කියලා ආපු විරාට් තමන්ගේ නිවාඩුව අමතක කරලා මේ ත්‍රස්තවාදි කණඩාම කොටු කරගන්න හදන එක තමයි චිත්‍රපටිය පුරාවට තියෙන්නේ. එහෙනම් අරන් බලන්න. හැමදාම වගේ සුම් එකෙන් වගේම මගේ සබ් ගැන විශ්වාස කරලා පරක්කු උනත් චිත්‍රපටිය නොබලා ඉන්න හැමදෙනාටම ස්තුතියි. එහෙනම් අදම අරන් බලන්න. ගිහින් එන්නම් තව චිත්‍රපටියක් එක්ක.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment