The Amazing Spider Man 2 (2014) with Sinhala Subtitles


The Amazing Spider Man 2 (2014) with Sinhala Subtitles
Add to Favorites
The Amazing Spider Man 2 (2014) with Sinhala Subtitles (138 min 41 sec)
08-02-2014 at 08:10 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 86 - Views: 22828



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (තාරක)






ඔන්න කවුරුත් ඇඟිලි ගැන ගැන සිටි හොලිවුඩ් චිත්‍රපටයක් සිංහල උපසිරැසි සමගින් ඔබට සමීප කරන්නටයි මේ සූදානම. මාවල් වීර කතා අතරේ ලොකු පොඩි කා අතරත් ඉහළ ජනප්‍රියතාවයක් දිනාගත් මාවල් වීරයා ස්පයිඩර්මෑන්ගේ පුනරාගමනයයි මෙසේ සනිටුහන් වෙන්නේ. The Amazing Spider-Man 2 චිත්‍රපටය මේ වසරේ මැයි මස 2 වන දින හොලිවුඩයට සමගාමීව ලොව පුරා සිනමා ශාලාවන්හිදී ප්‍රදර්ශනය කිරීම ඇරඹුවා. ආදායම් වාර්තා තබමින් තිරගත වූ මේ අපූරු සිනමා නිර්මාණයේ නිමැවුම්කරුවා වුනේ Marc Webb කියන අධ්‍යක්ෂක වරයා. The Amazing Spider-Man පළවන චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන්නෙත් ඔහුමයි. Action / Adventure / Fantasy යන වර්ගීකරණයන් යටතේ තිරගත වූ මේ චිත්‍රපටය මිනිත්තු 142ක් පුරාවට ඔබව චිත්‍රපටය වෙතම ආකර්ෂණය කර තබා ගන්නට සමත් වන බව නම් නිසැකයි. ත්‍රිමාණ තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය ජාත්‍යයන්තර සිනමා දර්ශකයේ 7.3/10 ක අගයකට හිමි කම් කියන්නට සමත්කම් දක්වලා තියෙනවා.

පළමු චිත්‍රපටයට රංගනයෙන් දායක වූ Andrew Garfield සහ Emma Stone මෙම චිත්‍රපටයේදීත් ප්‍රධාන චරිතවලට දායක වන අතරේ තවත් ජනප්‍රිය නළු නිළියන් ගණනාවක් මෙයට රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා. Jamie Foxx, Dane DeHaan, Colm Feore ඒ අතරින් කිහිප දෙනෙක්. The Amazing Spider-Man චිත්‍රපටයෙහි තෙවැන්න 2018 වර්ෂයේදී එළිදකින්නට නියමිත බැවු මෙහි නිෂ්පාදක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම් පළමු කතාවේදි දකින්න ඇති ග්වෙන්ගේ තාත්තා නැති වෙනවා.එතැනදි ග්වෙන්ගේ තාත්තා පොරොන්දුවක් ගන්නවා පිටර් ගෙන් ඔහු පැටලෙන මේ අවුල් වලින් ග්වෙන්ව ඇත් කරලා තියනවා කියලා. නමුත් පිටර් හා ග්වෙන්ගේ සම්බන්ධය නතර වෙන්නේ නම් නැහැ. මේ චිත්‍රපටියෙන් ඉලෙක්ට්‍රෝ නැමැති හතුරාගේ ආගමනය සිදුවන්නේ. ඔහුගෙන් නගරය ගලවා ගන්නට මෙවර ස්පයිඩර් මැන්ට සිදුවෙනවා.ඒ වගේම ග්වෙන් හා පිටර් ගේ ආදර කතාවට කුමක් වේවිද? ඒ වගේම ස්පයිඩර් මැන් කාටුන් ටික ඔබ බැලුවා නම් ඔබ දන්නවා ඇති ස්පයිඩර් මෑන් කොමික්ස් කතා මාලාව තුල ස්පයිඩර් මෑන් ගේ කතාව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ඔහුගේ පාසල් කාලය තුල පාදක වූ කතා පෙළ සහ ඔහු පාසලෙන් පසුව තරුණ වියට පතුවූ පසු රැකියාව කරන කාලය තුල ජිවන කතාව. මෙහිදී ඔහුට අදරවන්තියන් දෙදෙනෙක් සිටිනවා. පාසල් වියේදී තමයි ඔහුට Gwen Stacy නම් වූ තරුණිය මුණ ගැසෙන්නේ. අද මේ ලබා දෙන දෙවැනි චිත්‍රපටයේත් අදරවන්තිය වෙන්නේ Gwen Stacy නම්වූ පාසලේදී මුණගැසෙන තරුණියයි. අනෙත් ආදරවන්තිය වෙන්නේ Mary Jane Watson නම්වූ තරුණියයි.දැන් ඔබටත් කුතුහලයක් එනවා ඇති මේරි ජෙන් එහෙනම් මේ චිත්‍රපටියේදි දක්නට එනවාද කියලා.හැබැයි ඉගියක් දෙන්නම් දැන් ස්පයිඩර් මැන්ගේ සැබැ පෙම්වතියට කරළියට බහින්න කාලය එළබිලා තියෙනවා.එහෙනම් ඒ කුතුහලය තියාගනිමින් කතාව රසවිදින්න කියලා ආරාධනා කරනවා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
1080P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 930MB BR RIP Torrent file එක මෙතනින් ගන්න.
900MB Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
720P 930MB BR RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment