Heropanti (2014) Sinhala Subtitles


Heropanti (2014) Sinhala Subtitles
Add to Favorites
Heropanti (2014) Sinhala Subtitles (145 min 15 sec)
08-17-2014 at 10:54 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 135 - Views: 32191



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ






චිත්‍රපටිය - Heropanti (2014)
අධ්‍යක්ෂණය - Sabir Khan
කතාව - Sanjeev Dutta
සංගීතය - Sajid Ali / Wajid Ali
සිනමාකරණය - Hari Vendantam
සංස්කරණය - Manan Sagar
නිෂ්පාදනය - Sajid Nadiadwala

IMDB දර්ශක අගය - 5.8/10
වර්ගීකරණය - Action / Romance
තිරගත වීම ඇරඹූ දිනය - 2014 මැයි මස 23 වන දින
ධාවන කාලය - මිනිත්තු 146

රංගනය -
Tiger Shroff බබ්ලු ලෙසින්
Kriti Sanon ඩිම්පි ලෙසින්

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක දෙන්න මෙතරම් ප්‍රමාද වීම ගැන. මේකෙ හොඳ පිටපතක් නිකුත් උනාට පස්සෙ මට නිවාඩු දවසක් සෙට් වුනේ අද තමයි.ඉතින් ඉඩක් ලැබුණු සැනින් කළේ මේ වැඩේ ඉවරයක් කරපු එක තමයි. අද මැච් එක බලන්න යන්න හිතාගෙන හිටියත් ඒ වැඩෙත් පැත්තකට දාලා මේ වැඩේ ඉවර කළා.ප්‍රමාද වුනත් කමක් නෑ පුලුවන් වෙලාවක සබ් එක කරල දෙන්න කියල කියමින් හැමදාමත් බොහෝම ඉවසීමෙන් යුතුව වැඩ කරන අපේ ඇඩ්මින් සහෝට මේ වෙලාවේ ස්තූති කරනවා අ‍පිව ඒ විදියට දිරිමත් කරන එක ගැන.

2014 වර්ෂයේ හිට් එකක් බවට පත් වූ තවත් බොලිවුඩ් සිනමා නිර්මාණයක් තමයි අද අරගෙන ආවේ. ප්‍රධාන නළු නිළි දෙපලගේම පළමු බොලිවුඩ් රංගනය වුනත් මේ චිත්‍රපටය නොසිතූ විදියෙ ප්‍රේක්ශක ප්‍රතිචාරයක් දිනාගන්නට සමත් වුනා. ප්‍රවීණ නළු ජැකී ෂෙරොෆ්ගෙ පුතණුවන් වන ටයිගර් ෂෙරොෆ් තමයි මෙහි ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන්නේ. ඔහු ආත්මාරක්ෂක සටන් කළාවට වගේම නර්ථනයටත් බොහෝම දක්ෂයෙක් බව ඔබට මේ චිත්‍රපටය නැරඹුවාම පෙනී යාවි. මේ චිත්‍රපටය ආදායම් අතින් අති සාර්ථක වෙන්නටත් කිසිදු ආදේශක නළුවෙක් නොමැතිව ටයිගර් විසින්ම රඟ දැක්වූ ක්‍රියාදාම හේතු වන්නට ඇති. ඒ වගේම අති දක්ෂ සංගීතඥයන් වන සජිත් සහ වජිත් දෙපළ විසින් සංගීතය අධ්‍යක්ෂණය කරන ලද සුමියුරු ගීත කිහිපයක්ම අඩංගු වී තිබීමත් මේ චිත්‍රපටියේ සාර්ථකත්වයට රුකුල් සපයන්නට ඇති බව මතක් කළ යුතුමයි.

හරියානා ප්‍රදේශය කිට්ටුව එක්තරා ගමක් තියෙනවා චණ්ඩිගෙන් පිරිච්ච. ඒ ගමට නායකත්වය දෙන පුද්ගලයා තමයි චෞද්‍රී කියන්නේ, ඔහුට මුළු ගමම යටත්. මේ ගමේ සම්ප්‍රදායක් විදියට විවාහ වෙන්න කලින් ආදරය කිරීම තහනම්. හැබැයි ගමේ නායකයා වුන චෞද්‍රි‍ගේ බාල දියණිය රේණු විසින්ම මේ සම්ප්‍රදාය බිඳ හෙලනවා.රේණු රාකේෂ් කියල තරුණයෙක්ට ආදරය කරනවා. නමුත් ඇගේ පියා ඇයට වෙනත් කෙනෙක්ව විවාහ ‍කරල දෙන්න සූදානම් වෙනවා. කල හැකි වෙන කිසිවක් නැති නිසා ඇය රාකේෂ් සමගින් පැනල යනවා. ඔවුන්ව සොයාගෙන යන ඇඟේ පවුලෙ උදවිය රාකේෂ් සමගින් එකට ඉගෙන ගත්තු යාහළුවන් 3න් දෙනෙක්ව අල්ලගන්නවා.ඔවුන් හිතන්නෙ රාකේෂ් ඉන්න තැනක් ගැන මේ යහළුවො දන්නව ඇති කියලා. නමුත් ඇත්තටම ඒ තුන් දෙනා රාකේෂ් ගිය තැනක් ගැන දන්නෙ නෑ.

මේ යහළුවො තුන් දෙනා අතර ඉන්නවා අපේ කතා නායකයා බබ්ලු (Tiger Shroff) ඔවු බොහෝම නිර්භීත කෙනෙක්. ඔහු රේණු සහ රාකේෂ් ගිය තැනක් ‍නොදන්නා බව චෞද්‍රී සහා ඔහුගෙ පවුලේ අයට කියා සිටියත් ඔවුන් ඒ බවක් පිළිගන්නෙ නෑ. රේණුව සොයාගන්න තුරු ඔවුන් මේ යහළුවො තුන් දෙනාව තමන්ගෙ ගමේ සිර කර තබා ගන්නවා. බබ්ලුට අපේ කතා නායිකාව වෙච්ච ඩිම්පිව (Kriti Sanon) මුණ ගැහෙන්නෙ මේ ගමේදි. ඔහු ඇයට ආදරේ කරන්න ගන්නවා. නමුත් ඔහු දන්නෙ නෑ ඩිම්පි කියන්නෙ චෞද්‍රීගෙ බාල දියණිය බව. මෙතනින් එහාට වෙන දේවල් මම කියන්නෙ නෑ. මේ ගමේ නීතියට අනුව විවාහ වෙන්න කලින් ආදරේ කරන අයට ලැබෙන දඩුවම තමයි මරණය. ඉතින් බබ්ලු-ඩිම්පි, රාකේෂ්-රේණු ආදර කතාවලට මොනව වේවිද කියල දැන් ගන්න එක ඔයාලටම බාර කරමින් මම සමුගන්නවා ඔබට වින්දනීය දවසක් ප්‍රාර්ථනා කරමින්.සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
1GB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment