X-Men: Days of Future Past (2014) Sinhala Subtitles


X-Men: Days of Future Past (2014) Sinhala Subtitles
Add to Favorites
X-Men: Days of Future Past (2014) Sinhala Subtitles (134 min 26 sec)
08-19-2014 at 12:01 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 80 - Views: 33457



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor





ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ මම ආපහු සුපිරි ඝනයේ චිත්‍රපටයක් අරගෙන ආවා, මේකෙ හොද කොපියක් එනකම් ගොඩක් දෙනෙක් බලාගෙන හිට්යනෙ, ඔන්න එහෙනම් බලාඉදීම අහවරයි, මෙය X-Men චිත්‍රපට මාලාවෙ හත්වෙනි චිත්‍රපටය වගේම X-Men චිත්‍රපට මාලාවෙන් එදා මෙදා තුර වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටයත් වෙනවා, මෙහි අධ්‍යක්ශණය X Men First Class 2011, Jack The Giant Slayer 2013 වැනි චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Brian Singer විසින් සිදු කරලා තියෙනවා, ඒවගේම සුපුරුදු විදියටම මෙහි රංගනය වෙනුවෙන් Hugh jackman, james mcavoy, michael fassbender, jennifer lawrence, ian mckellen, patrick stewart වගේ සුපිරි ඝනයේ නලු නිලියන් රැසක් දායක වෙලා තිබෙනවා, චිත්‍රපටයේ මුළු ආදායම විදියට සටහන් වෙන්නෙ ඇමරිකානු ඩොලර් 743,802,486ක්. මෙය තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ 2014 මැයි 10 වෙනිදින, මිනිත්තු 131ක් පුරා දිව යන මෙය, ක්‍රියාදාම, ත්‍රාසජනක, විද්‍යා ප්‍රබන්ධ කියණ කාණ්ඩ වලට අයිති වෙනවා වගේම, IMDB දර්ශකය තුල 10/8.4 වගේ ඉහල අගයක් රදවාගන්න සමත් වෙනවා,

කතාව පැත්තට හැරෙනවනම්, 70 දශකයේ කීර්තිමත් විද්‍යාඥයෙක් වුන වෙද්‍ය බොලිවර් ට්‍රාස්ක් විකෘතිකයන් යොදාගෙන පරීක්ශන ආරම්භ කරනවා, ඒ විකෘතික ජාන භාවිතයෙන් විකෘතික ජනතාව විනාශ කරලා දාන්න, මුර භටයන්ව නිර්මාණය කරන්න, හැබැයි මුලින්ම මේ ට්‍රාස්ක්ගෙ මුර භටයන් ව්‍යාපෘතියට රජයෙන් අනුමැතිය ලැබෙන්නෙ නෑ, හැබැයි ට්‍රාස්ක් මේ විදියට හොර රහසේ විකෘතික ජාන භාවිතා කරලා මුර භටයන් නිර්මාණය කරන්න යන බව කලින්ම කෙනෙක් දැනගන්නවා ඒ තමයි රේවන්, ඇය කරන්නෙ ට්‍රාස්ක්ව මරා දාන එක, ඒ සිදුවීම නිසා ට්‍රාස්ක්ගෙ ව්‍යාපෘතිය ගැන හැමෝගෙම අවධානය යොමු වෙනවා, ඉතින් ඒ විදියට තමයි මුර භටයන්ගෙ උපත සිදු වෙන්නෙ, ඉතින් වර්ථමානය වෙනකොට මුර භටයන් ව්කෘතිකයන්ට සෑහෙන තර්ජනයක් වෙනවා, ඉතින් මහාචාර්ය සේවියර් සූදානම් වෙන්නෙ ලෝගන්ව අතීතයට යවලා, රේවන් විසින් ට්‍රාස්ක්ව මරා දාන එක නතර කරලා, මුර භටයන්ගේ නිර්මානය වෙන එක නතර කරන්න, ඉතින් ලෝගන්ට රේවන්ව නතර කරන්න හැකියාව ලැබෙයිද කියලා බලාගන්න ඔයාලට මේක නරඹන්න සිද්ද වෙනවා, එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment