Hate Story 2 (2014) Sinhala Subtitles


Hate Story 2 (2014) Sinhala Subtitles
Add to Favorites
Hate Story 2 (2014) Sinhala Subtitles (134 min 10 sec)
08-22-2014 at 11:30 AM
Uploaded by HEDZ

Rating: 4.33333 after 3 votes

Hindi Movies
Favorites: 101 - Views: 32890



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor





2014 වසරේ නිපදවු තවත් සිනමා නිර්මාණයක් අරන් තමයි මේ හමුවෙන්න ආවේ. මේ චිත්‍රපටියේ පළමු චිත්‍රපටිය වන Hate Story (2012) චිත්‍රපටිය මම ඔයාලාට දුන්නා මතක ඇතිනේ. පලවෙනි වතාවට කියලා හින්දි ෆිල්ම් එකක් සිංහල උපසිරැසි එක්ක අන්තර්ජාලයට එක්උන ප්‍රථම වතාවත් ඒක. ඉතින් පළමු චිත්‍රපටියේ ජනප්‍රියතාවයත් එක්ක නිෂ්පාදකයින් විසින් දෙවැනි චිත්‍රපටියක් නිපදවන්න කටයුතු කලා. හැබැයි මගේ අදහස අනුව නම් පළමු චිත්‍රපටිය එක්ක සංසන්දනය කරලා බලද්දි ඒ වගේ ප්‍රභල කතාවත් දෙවැනි චිත්‍රපටියෙන් දකින්න ලැබෙන්නේ නැහැ.නමුත් රසවිදිය හැකි මට්ටමකින් චිත්‍රපටිය තියෙනවා කියලා නම් මතක් කරන්න ඕන.

චිත්‍රපටිය ගැන කියනවා නම් සෝනිකා කියන්නේ ලස්සන තරුණියක්. නමුත් ඇයගේ අවසනාවට අම්මා තත්තා නැති උනාට පස්සේ ඇයව බලාගන්න ගත්ත මන්දාර් නැමැති දේශපාලකයෙක් ගේ අනියම් භාර්යාව විදියට ඇයට ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඇය මන්දාර් නැමැති පුද්ගලයාට කොහෙත්ම කැමැති නැහැ නමුත් මන්දාර් ගෙන් සෝනිකාට ගැලවිමක් නැතිවෙනවා. සෝනිකා ඡයාරුපකරණය ගැන හදාරන්න ක්ලාස් එකකට මේ අතර කාලයේ යනවා. මෙහිදි ඇයට අක්ෂේ නැමැති තරුණයාව මුණ ගැසෙනවා. අක්ෂේ සෝනිකාට ආදරය කරන්න පටන්ගන්නවා. සෝනිකා දැනගන්නවා මේ දේවල් නිසා අක්ෂේගේ ජිවිතේට මන්දාර් අනතුරක් කරන්න පුලුවන් කියලා. ඒ නිසා සෝනිකා අක්ෂේට හැමදේම කියනවා. නමුත් අක්ෂේ මේ දෙවල් ගැන බයවෙන්නේ නැහැ.ඇය සෝනිකාවත් එක්කගෙන මොම්බායේ ඉදලා ගෝවා වලට පැනලා ඇවිල්ලා ජිවත්වෙනවා. මන්දාර් කොහොම හරි මේ දෙන්නාවම හොයන්න පටන්ගන්නවා. අවසානයේ දෙන්නාවම කොටුකරගන්නවා. එයින් ප්‍රතිඵලයක් විදියට අක්ෂේගේ ජිවිතේ මන්දාර්ගේ අතින් අවසන් වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝනිකාවත් මන්දාර් පනපිටින් වලලලා දානවා. නමුත් සෝනිකා එයින් ගැලවෙනවා. දැන් සෝනිකාගේ එකම අරමුණ මන්දාර්ගෙන් පලිගැනිම... ඒක කොහොමද කියලා බලන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා කියන එක මතක් කරන්න ඕන. කොහොම හරි චිත්‍රපටිය +18 චිත්‍රපටියක් නම් නෙමෙයි. දැන් තියන හින්දි චිත්‍රපටි එක්ක බැලුවාම මේක පවුලේ සැමඑක්ක උනත් හරි බලන්න පුලුවන්. ඒ නිසා බැනර් දැකලා රැවටෙන්න එපා.



තව පොඩිකාරණාවක් කියන්න තියේ... මගේ මිත්‍රයෙක් එක් විලන් චිත්‍රපටියේ මම දුන්න සබ් එක ගැන පොඩි චෝදනාවක් කරලා තිබ්බා.ඇත්තටම ඒක ගැන මම මම දෙන මිළග චිත්‍රපටියෙන් පැහැදිලි කිරිමක් කරන්නම්. කොහොම උනත් අදටත් ඒක් විලන් චිත්‍රපටියේ මම දුන්න ස්ක්‍රිනර් පිටපතේ උපසිරැසි ඔබට ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. වැරැදි 7ක් ඇරෙන්න මගේ අසාලිවිම සාර්ථකයි. මම ඒ චිත්‍රපටියේ සබ් එක ඩිවිඩි රිප් එකට නැවත ලිව්වා කිව්වේ ආපහු දැම්මා කියන එක නෙමෙයි ලයින් ගානට හැදුවා කියපු එක. මොකද හින්දි චිත්‍රපටියක ඉංග්‍රිසි දෙබස් තියෙන්නේ කැලිකිහිපයකට කඩලා. එක ඉංග්‍රිසි තේරුමට හරි උනත් සිංහලට හදද්දි සමහර විට ලයින් දෙකක එකක් එකක් කරන්න සිද්දවෙනවා. හෙට් ස්ටොරි මේ චිත්‍රපටියේ ලයින් 1480ක් විතර තිබ්බාත් මම සබ් එක අවසානයේ හැදුවාම ඒක ලයින් 1208කට අඩු උනා. ඒ ලයින් මඟහැරලා නෙමෙයි කියවන්න පහසුවෙන්න එක ලයින් එකකට පැහැදිලිව හදන්න යන නිසා. ඒකයි මම එක් විලන් එකෙත් කියලා තිබ්බේ. තව කිසිම නමක් ගෞරවයක් මම බලෙන් අරන් නැහැ. ඩවුන්ලොඩ් දහාදහස් ගණන් විසිදහස් ගනන් නොගියාට කමෙන්ට් 100ක් 200ක් නොලැබුනාට ඩවුන්ලොඩ් කරන 1000ක් 2000ක්ගේ වැටෙන කමෙන්ට් 10ක් 15 දෙන අවංක ගෞරවය කවදාවත් සල්ලි වලට ගන්න බැහැ කියන්නේ ඒක තමයි. මට ඒක වටිනවා. මගේ උපසිරැසි එකක් ගැන විශ්වාසය තියලා ඉන්න ඔයාලා හැමෝටම නැවතත් ගොඩක් ස්තුතියි. රෂ් චිත්‍රපටියේ කිව්වා වගේ දෙයක් කරන්න පලවෙනියා වෙන්නම නොවේ කවදාහරි මිනිසුන්ගෙන් ආදරයක් ලබාගන්න විතරක්. දෙයක් කරන්න ප්‍රතිඋපකාරයක් ලබාපොරොත්තුවෙන් නොවේ තමන්ගේ සිතට සැනසිමක් ලබාගන්න පමණක්. ජයවේවා!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment