The Mortal Instruments: City of Bones (2013) Sinhala Subtitle


The Mortal Instruments: City of Bones (2013) Sinhala Subtitle
Add to Favorites
The Mortal Instruments: City of Bones (2013) Sinhala Subtitle (124 min 34 sec)
09-07-2014 at 09:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 95 - Views: 26275



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න මම තවත් ඉංග්‍රිසි චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. මේකේ මුල ලයින් කිහිපය නම කියන්න බැරිකෙනෙක් කරලා තිබුනාත් කාලයාගේ ඇවැමෙන් අවසානයේ මටම කරන්න ලැබුනා. ඉතින් ඔයාලා වෙනුවෙන් මේ චිත්‍රපටිය මම ඉවර කරන්න තිරණය කලා. හෙට අනිද්දාත් චිත්‍රපටියක් දෙන්න පුලුවන් වේවි අපේ හින්දි රසිකයන් වෙනුවෙන්. ඒකත් මතක් කරන්න ඕන.මේ දවස් ටිකේ උපසිරැසි දාන එකත් පොඩ්ඩක් විතර පමාවෙන්නේ අපේ ඉසුරු මලයා විසින් සුම් එකේ උපසිරැසි දාන අය එකතු කරගෙන සමිතියක් පිහිටුවාගෙන තියෙනවා. ඉතින් රෑ කට්ටියම ඒ සමිතියේ වැඩ.ඒ සමිතියට ඉතින් එකතු වෙන්න පුලුවන් සුදුසකම් වෙන්නේ අපේ සබ් ටිමි එකේ ඉන්න එක විතරයි. ජිවිතයට ඕන කරන ඕනම උපදෙසක් එකෙන් ගන්න පුලුවන් ඉතින් රෑ එලිවෙනකම් එකේ කට්ටිය ඉන්න නිසා සබ් එකක් දාන්නත් අමතක වෙනවා. කොහොමත් තියන ප්‍රශ්න අමතක වෙලා යන්නත් වැඩක් එපැයි.... අපේ කතා ඇති එහෙනම් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ


මේ චිත්‍රපටිය බලන්න හැරිපෝටර් වගේ කතාවක් කිව්වාත් නිවැරිදි..මන්තර ඒ වගේම වැම්පයර්ස්ලා එතකොට ටින් වුල්ෆ් කතාමාලාවේ වගේ වෘක මිනිස්සු හැම කෙනෙක්ම මේ චිත්‍රපටියේ ඉන්නවා.කෙලේරි කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න ගැණු ළමයෙක් එයාට ටික කාලේක ඉදන් අතින් ඉබේටම අමුතු අක්ෂර වගයක් ලියවෙන්න ගන්නවා. මේ ගැන කේලේරි ගේ අම්මා දැනගත්තාම ගොඩක් කලබල වෙනවා. අම්මා මොකක් හරි මේ ගැන රහසක් දන්නවා කියලා ක්ලේරි හිතුවාත් අම්මාගෙන් ඒ ගැන ඇහුවාත් අම්මා කවදාවත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. ක්ලේරි ගේ ආශ්‍රය කරන හොදම යාළුවා තමයි සයිමන්. ටික දවසක් යද්දි ක්ලේරිට එක එක තැන්වල පාරේ යද්දි පවා අර තමන් අදින සලකුණු පෙන්න ගන්නවා. පුදුමේ කියන්නේ මේ දේවල් තමන්ගේ යාළුවා සයිමන්ට පෙන්නේ නැති එක. දවසක් සයිමන් හා ක්ලේරි ක්ලබ් එකකට යනවා. එතැනදි ක්ලේරි දකිනවා පිරිසක් විසින් කෙනෙක්ව ඝාතනය කරනවා. මේ ඝාතනය කරන කෙනා ක්ලේරි මේ සිදුවිම දකින බව දකිනවා. ඔහු ක්ලේරි පසුපසින් හබා එන්න ගන්නවා. කේලරෙි මේ ගැන සයිමන්ට කියනවා. නමුත් පුදුම දේ කියන්නේ මේ හබා එන කෙනාවවත් සයිමන්ට පෙන්නේ නැති එක. ක්ලේරි හිතනවා මේවා සේරම තමන් හිතින් මවාගන්න එවාද කියලා. එක් දිනක් ක්ලේරිගේ අම්මා ඉන්න නිවසට පිරිසක් පහර දෙනවා ඒ වගේම අම්මාව පැහැරගන්නවා. මේතැනින් පස්සේ ක්ලේරි නොහිතපු ගොඩක් දේවල් එයාගේ ජිවිතේ සිද්ද වෙනවා. කොටින්ම කියනවා නම් කේලේරිට නොපෙනන අදූෂ්‍යමාන බලයක් තියන බව පවා දැනගන්නවා. ඇයට මේ බලය කාගෙන් ආව එකක්ද? එතකොට මේ මිනිස්සුන්ට නොපෙනන කේලේරිට විතරක් පෙනෙන මිනිසුන් කවුද? තමන්ගේ මව පැහැරගන්නේ කවුද? මේ දේවල් දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා

ක්ලේරි ගේ චරිතය අපි කවුරුත් දන්න Lily Collins නිරුපණය කරන අතර තව ඩ්‍රැකිවුලා රුපවාහිනි කතාමාලාවෙන් අපි දැනඅදුන ගත්ත Jonathan Rhys Meyers වගේම ටර්මිනේටර් කතාමාලාවේ හිටිය Lena Headey මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා. එහෙනම් හැමෝම චිත්‍රපටිය අරන් බලන්නකෝ. ලස්සන හින්දි චිත්‍රපටියක් අරන් ඉක්මනින්ම හම්බවෙන්නම් කෝ.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 920MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment