Jannat 2 [2012] Sinhala Subtitles


Jannat 2 [2012] Sinhala Subtitles
Add to Favorites
Jannat 2 [2012] Sinhala Subtitles (120 min 00 sec)
06-16-2012 at 08:45 AM
Uploaded by HEDZ

Rating: 4.83333 after 6 votes

Hindi Movies
Favorites: 189 - Views: 34223



Tags:



අග්නිපාත් චිත්‍රපටියෙන් පස්සේ ආපහු මම හින්දි චිත්‍රපටියක් අරගෙනම ආවා.ඉන්දියාවේ දවසකට කොයි තරම් චිත්‍රපට එළියට ආවත් එවයින් හොදයි කියලා කියන්න පුලුවන් කිහිපයකට විතරයි.අන්න ඒ හොදයි කියලා තෝරගන්න චිත්‍රපටවලින් එකක් තමයි අද මම අරන් ආවේ.නිකමට හරි අර වැඩකට නැති හින්දි එකක් බලලා අපෝ හින්දි ෆිල්ම් නම් වැඩක් නෑ කියලා හිතන්න යන්න එපා මොකද හින්දි සිනමාවෙත් ඉතාමත් ලස්සන සිනමා නිර්මාණ නිතරම එළියට එන නිසා.මම ඉතින් කොහොමත් උපසිරැසිද දාන්න කැමති හින්දි වලට.මම ඒකට තමයි කැමති.හුගක් අය හින්දි තොරගන්නේ නැත්තේ අනිවාර්යෙන් එකේ ලයින් 1500කට වඩා තියනවම තමයි.තව පොඩි වරදක් හින්දි දාන අය කරනවා ඒ තමයි හින්දි චිත්‍රපටයේ තියන සිංදු මග හැරිම.එක නම් මම අනුමත කරන්නේ නෑ.මොකද එහෙම උනාම ෆිල්ම් එක දාන්න ලේසි බව ඇත්ත.මොකද සිංදු වලමෙ ලයින් 400ක් විතර වෙන්වෙන නිසා.නමුත් ෆිල්ම් එක හොදට බැලුවොත් සිංදු වල තේරුම හරියට හිතට එනවා.එතකොට ඒකට ගැලපෙන්න උපසිරැසි යෙදිම පහසුයි.අනික එක බලන අයටත් එතකොට තමයි සිංදුව හිතට වදින්නේ.අනික හින්දි චිත්‍රපටිවල වටිනම අංගයක් තමයි සිංදු කියන්නෙත්.

අපි දැන් කතාව පැත්තට එමු.ජන්නත් 2 කියලා චිත්‍රපටය තිබුනට ඔයා පලවෙනි එක බැලුවේ නෑ කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නෑ.මේක පලවෙනි එක අතර කිසිදු සම්බන්ධයක් නෑ.සොනූ (ඉම්රාන් හෂ්ම්) කියන්නේ නිතිවිරොධි අවිජාවරමේ යෙදෙන කෙනෙක් දවසක් මෙයාට අහම්බෙන් මෙන් හම්බවෙනවා ජානවී (ඊෂා ගුප්තා) කියන ගෑණු ළමයව.සොනු මෙයාට ආදරේ කරන්න පටන් ගන්නවා ඒ එක්කම සේරම නිතිවිරොධි ව්‍යාපාර නවත්තන්න හිතාගන්නවා.නමුත් කරපු නරක වැඩ පස්සෙන් එන එක නවතින්නේ නෑ.ප්‍රතාප් රගුවන්ෂි නැමැති පොලිසියේ පුද්ගලයෙක් මොහු පස්සේ පන්නවා.පස්සේ සොනු ප්‍රතාප්ට පැහැදිලි කරනවා ඔහු නරක ව්‍යාපාර වලින් දැන් ඇත් වෙලා ඉන්නේ කියලා.සොනු කලින් නිතිවිරොධි ව්‍යාපාරවල ගනුදෙනු කරපු කෙනෙක් නිසා එයාට කියනවා පොලිසිය වෙනුවෙන් ආපහු නිතිවිරොධි ව්‍යාපාර කරන්න පටන් අරන් එවා වලින් කරන වැඩ ගැන පොලිසියට එතන ඉදන් ඔත්තුදෙන්න කියලා.මුලදි සොනු අකමැති උනත් හොද කෙනෙක් වෙන්න තියන උවමනාවට ප්‍රතාප් කියන දේවල් වලට කැමති වෙනවා.ඔය කතාවේ මුල විනාඩි 25 වගේ.තව පැය 1.35ක්ම තියනවා.ඒ විනාඩි කිහිපය අතරේ කුමක් වෙයිද.චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 124යි.ඉංග්‍රිසි චිත්‍රපටියක් වගේම තමයි.මේකේ ලස්සන ආදර කතාවකුත් තියනවා.කොල්ලෝ මොන නරක වැඩ කලත් ආදරේ කරන්න පටන්ගත්තම කොච්චර අවංක වෙනවද කියලා චිත්‍රපටිය බැලුවොත් තේරේවි.කොයිම වෙලාවකවත් ඒ අයට දුකක් දෙන්න කැමති නෑ.නමුත් එයාලා තේරුම් ගන්නේ ඒක වැරදි විදියට.තව නම් කතාව කියන්න යන්නේ නෑ අරන් බලන්න.අනික ඉම්රාන් හෂ්මි රගපාන හැම ෆිල්ම් එකේම එක සිංදුවක් හරි හිට් එකක් වෙනවා.මේකෙත් එහෙම සිංදුවක් තියනවා.හැමෝම කැමතියි අපේ ජිවිතය දිව්‍යලෝකයක ජිවත් වෙනවා වගේ සැප විදලා ජිවත් වෙන්න.එත් එකට අපි යන්න හදන පාර වැරදි පාරක් උනොත්........ජන්නත් 2 චිත්‍රපටය එකට උත්තරයක් දේවි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
450MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
450MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment