Zeher (2005) Sinhala Subtitles


Zeher (2005) Sinhala Subtitles
Add to Favorites
Zeher (2005) Sinhala Subtitles (0 min 36 sec)
04-09-2015 at 07:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 88 - Views: 18565



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor





මෑත කාලයේ බොලිවුඩ් ‍රසිකයන් අතරේ වඩාත්ම කතා බහට ලක් වූ හා වැඩිම ජනප්‍රියත්වයක් හිමි කර ගත් බොලිවුඩ් චිත්‍රපටය කුමක්දැයි කෙනෙකු ඔබෙන් ප්‍රශ්නයක් ඇසුවහොත් ඔබේ පිළිතුර Aashiqui 2 වීමේ සම්භාවිතාව බොහෝම ඉහළයි. එතරම්ම එම චිත්‍රපටය ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට සමත් වුනා. පසු ගිය වසරේ තිරගත වූ Ek Villain චිත්‍රපටයත් වසරේ ජනප්‍රියතම චිත්‍රපට අතරේ ඉහළින්ම කියවෙන නාමයක් බවට පත් වුනා. බොලිවුඩ් සිනමා රසිකයන්‍ට එම චිත්‍රපට ද්විත්වයේ නිර්මාපකයා කවුරුන්දැයි අමුතුවෙන් හඳුන්වාදීම අවශ්‍ය නැහැ. ඔහු තමයි මෝහිත් සූරි. මේ වන විට බොලිවුඩය තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට සමත් වී ඇති මෝහිත් සූරි අධ්‍යක්ෂකවරයෙකු ලෙස ඔහුගේ පළමු සිනමා ආගමනය සනිටුහන් කරගත් Zeher චිත්‍රපටයයි අද ඔබ වෙත මෙලෙසින් සමීප කරන්නට හිතුවේ.

එම්රාන් හෂ්මි,ෂමිතා ෂෙට්ටි සහ උදිතා ගෝස්වාමි ප්‍රධාන රංගනයෙන් දායක වන Zeher චිත්‍රපටය Thriller වර්ගීකරණයට අයත් වන චිත්‍රපටයක්. එම්රාන් හෂ්මි පිළිබඳව නම් බොලිවුඩ් සිනමා රසිකයන් නොදැන සිටින්නට ඉඩක් නැහැ. බොලිවුඩයේ සිටින සරාගීම නළුවන් කිහිප දෙනා අතර ඉහළින්ම කියවෙන නාමයක් තමයි එම්රාන් හෂ්මි. ඔහු සිනමාවට පය තැබූ මුල් කාලයේ රංගනයෙක් දායක වූ සිනමා නිර්මාණ අතරේ සරාගී දර්ශන ඇතුළත් නොවූ චිත්‍රපටයක් නොමැති තරම්. සරාගී දර්ශනයන් බොහෝම තාත්ත්විකව ඉදිරිපත් කරන්නට ඔහු තරම් ප්‍රතිභාවක් පෙන්නුම් කරන රංගන ශිල්පියෙක් බොලිවුඩයේ නොමැති බවයි මගේ අදහස. 'සීරියල් කිසර්' නමින් අන්වර්ථ නාමයක් පට බැඳෙන්නට තරම් ඔහු රඟන සරාගී දර්ශනයන් තාත්වික වුනා. මේ චිත්‍රපටයේදීත් සිද්දාර්ත් නම් චරිතයට පණ පොවන ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව දැක ගන්නට ඔබට පිළිවන් වේවි. ශිල්පා ෂෙට්ටිගේ නැගණිය වන ෂමිතා ෂෙට්ටි සෝනියා ලෙසින් චරිත මවන අතරේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මෝහිත් සූරිගේ ආදරණීය බිරිඳ උදිතා ගෝස්වාමි ඇනා ලෙසින් චරිත නිරූපනය කරනවා.

චිත්‍රපටයට සංගීතයෙන් ලැබී ඇති දායකත්වයද ඉතාම ප්‍රශස්ත මට්ටමක තිබෙනවා. උදිත් නාරායන්, ශ්‍රෙයා ගෝෂාල්, ක්‍රිෂ්නකුමාර් කුන්නත්(K.K) සහ අතිෆ් අස්ලාම් යන ප්‍රතිභා පූර්ණ ශිල්පීන් ගායනයෙන් දායක වන අතරේ පසුබිම් සංගීතයෙන් රූප් කුමාර් රාතෝඩ් දායක වී තිබෙනවා. බොහෝ ජනප්‍රියත්වයට පත් සුන්දර ගීත කිහිපයක්ම චිත්‍රපටයට ඇතුළත්.

කාල් ෆ්‍රෑන්ක්ලින් අධ්‍යක්ෂණය කළ ඩෙන්සිල් වොෂින්ටන් ප්‍රධාන භූමිකාව නිරූපනය කල Out of Time(2003)හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් ලෙසින් එළිදැක්වූ Zeher චිත්‍රපටය ආරම්භයේ පටන් ප්‍රේක්ෂකායව කුතුහලයෙන් පුරවා තබන්නට සමත්. කතාව ගැනත් ටිකක් කියන්නම් සිද්ධාර්ත් තමන්ගේ බිරිද වන සෝනියා එක්ක රණ්ඩුවක් වෙලා වෙන වෙනම තමයි ජිවත් වෙන්නේ. සෝනියා නැති අඩුව ජිවිතේ සිද්ධාර්ත්ට දැනුනාත් ඔහු කැමැති නැහැ සෝනියා ගාවට ගිහින් සමාව අරගෙන නැවත ඇයව එක්කගෙන එන්න. මෙහෙම ඉද්දි ඔහුට ඇනා නම් තරුණියක් හමුවෙනවා. ඇය හා සිද්ධාර්ත් අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා. මේ වෙද්දි ඇනා නම් තරුණිය විවාහ වෙලා ඉන්නේ. නමුත් සැමියා වෙනත් ප්‍රදේශයක රැකියාවකට ගිහින් ඉන්නේ. කොහොම හරි ඇනා හා සිද්ධාර්ත් අතර සම්බන්ධය කොතරම් දුර දිග යනවාද කියන්නේ ඇනාට සිද්ධාර්ත් ගෙන් දරුවෙක් පවා ලැබෙන්න යනවා. ඇනාට ඒ අතර අසනිපයකුත් හැදෙනවා.මේ අතර ඇනාගේ සැමියාත් ආපහු එනවා. ඒ නිසා සිද්ධාර්ත් තිරණය කරනවා ගෝවා නගරය අතහැරලා ඇනා එක්ක බොම්බායට ගිහින් පදිංචි වෙන්න. ඇනා හා සිද්ධාර්ත් යන්න හිතපු දවසේ රෑ ඇනාව හා ඇයගේ සැමියාව ගෙදර තුලදිම ඝාතනය කරලා නිවසත් ගිනි තබනවා. මේ හැම වැරැද්දකටම කොටු වෙන්නේ දැන් සිද්ධාර්තව තමයි...හොදම කාරණාව කියන්නේ රහස් පොලිසියෙන් මේ මිනිමැරුම් ගැන පරික්ෂන කරන්න එවන නිලධාරිනිය සිද්ධාර්ත් කලින් විවාහ වෙලා හිටිය සෝනියා නම් තරුණියයි. කොහොමත් සෝනියා හිතන්නේ සිද්ධාර්ත් තමන් නැති උන දුකෙන් තනියම ජිවිතේ ගත කලා කියලා...නමුත් ඇය මේ සේරම දැනගත්තොත්. අනික කවුද ඇත්තටම ඇනාව මරලා දැම්මේ? ඒකට ඇයි සිද්ධාර්තව පටලවන්න හිතුවේ? උත්තර දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment