Miami Vice [2006] Sinhala Subtitles


Miami Vice [2006] Sinhala Subtitles
Add to Favorites
Miami Vice [2006] Sinhala Subtitles (134 min 00 sec)
06-29-2012 at 06:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 114 - Views: 6450



Tags:



මේ ෆිල්ම් එක ඇත්තටම දෙන්න හිටියේ මිට අවුරුද්දකට විතර කලින්.මම Sucker Punch චිත්‍රපටියට පස්සේ මේක දෙන්න උන්නේ.එත් මේකේ බාගයක් දාගෙන යද්දි මගේ මැෂින් එක කැඩුනා.පස්සේ එක හදාගත්තත් මේ චිත්‍රපටියට සබ් දාන්න තිබ්බ එක එහෙමම මගහැරිලා ගියා.ලගදි මේක ආපහු මගේ අතට හම්බුනාම මම හිතුවා මේක කරලා දානවා කියලා.එකට අපේ සයිට් එකේ තවත් යාලුවෙක් පොඩ් හෙල්ප් එකක් දුන්නා.ඒ තමා ඉසුරු.ඉසුරු කිව්වට කවුරුත් දන්න එකක් නෑ නේ.කොපර් කිව්වම දන්නවා ඇති.ඉතින් මේකේ ලයින් 600ක් වගේ තැනින් තැන මම දාපු එක හරියට හදලා ඉවර කරලා එව්වා.ඔන්න ඕකයි මේක සබ් දාන්න පටන් ගත්ත කතාව දැන් චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් විතර කියන්නම්..
මේක 2006 ආපු සුපිරි ගනයේ චිත්‍රපටියක්.කොලි ් ෆැරල් හා ජේමි ෆොක්ස් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා.මොවුන් මියාමි පොලිස් ඔත්තු සේවයට වැඩ කරන්නේ.මොවුන් දෙන්නා මත්ද්‍රව්‍ය මිලදි ගන්නන් ලෙස වෙස් ගන්වා ජාවාරම් කාරයෝ අතරට යවන්න පොලිසිය කටයුතු කරනවා.එහෙම කරලා මත්ද්‍රව්‍ය ජවාරම්කාරයන්ව කොටු කරගන්න.මොවුන්ට එම කාර්යය කරන්න හැකිවෙයිද කියලා කතාව බලලම දැනගන්න.මේකේ පොඩි පොඩි එව්වා මෙව්වා ටිකක් තියන නිසා ලොකු අය බැලුවොත් තමා හොද.ලොකු පොඩ්ඩෝ බැලුවත් කමක් නෑ.එහෙනම් ඔන් අපි ගියා.සබ් එක අරන් ෆිල්ම් එක බලලා මොනා හරි කොටලා යන්නකෝ එහෙනම්..තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මට ෆිල්ම් එක අරන් එක ආයේ අප්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් ටික දිපු DarKByte යාලුවාටත් ස්තුති වෙන්න ඕන


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
799MB Torrent file එක මෙතනින් ගන්න.
Direct links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

799MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස්(Punisher) සහ ඉසුරු නිලංක(Copper) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment