Bajrangi Bhaijaan (2015) සිංහල උපසිරැසි


Bajrangi Bhaijaan (2015) සිංහල උපසිරැසි
Add to Favorites
Bajrangi Bhaijaan (2015) සිංහල උපසිරැසි (124 min 30 sec)
08-13-2015 at 01:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 112 - Views: 60127



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




මාස 2ක විතර විරාමෙකින් පස්සේ තමයි සබ් එකක් කළේ. මේ චිත්‍රපටය මට ටිකක් විශේෂයි. මම සල්මාන් ඛාන්ගේ චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරපු පළවෙනි අවස්තාව තමයි මේක.සල්මාන්ගේ සිනමා දිවියේ අතිශය වැදගත් සංදිස්ථානයක් ලෙස Bajrangi Bhaijaan (2015) චිත්‍රපටය කිසිදු විවාදයකින් තොරවම හඳුන්වන්නට පුලුවන්. එදා මෙදා තුර සිනමා ඉතිහාසයේ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් උපයා ගත් වැඩිම අදායමට හිමිකම් කියන්නේ 'බජරංගී බායිජාන්' චිත්‍රපටය වන අතර ඉන්දියාව තුළ තිරගත කිරීමෙන් පමණක් ඉන්දියානු රුපියල් කෝටි 300කට වඩා වැඩි අදායමක් උපයාගත් චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් ලද සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 550කට වඩා වැඩි බවයි වාර්තා වෙන්නේ.අවුරුදු 100ක පමණ අතීතයක් හිමි බොලිවුඩ් සිනමා ඉතිහාසයේ ඕනෑම චිත්‍රපටයක් විසින් උපයා ගන්නා ලද වැඩිම ආදායමට හිමිකම් කියන චිත්‍රපට අතරේ දෙවන ස්ථානය තහවුරු කරගැනීමටත් මේ වන විට 'බජරංගී බායිජාන්' චිත්‍රපටය සමත් වී අවසන්. බජරංගී බායිජාන් චිත්‍රපටය දෙවැනි වී තිබෙන්නේ අමීර් ඛාන් රංගනයෙන් දායක වූ PK (2014) චිත්‍රපටයට පමණයි. පීකේ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් උපයාගත් සමස්ථ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 735ක් පමණ වනවා. බජරංගී බායිජාන් චිත්‍රපටය තවමත් තිරගත වෙමින් පවතින් නිසා මෙම ආදායම් වාර්තා ඉදිරියේදී වෙනස් වන්නට පුලුවන්.

බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගත වන'බජරංගී බායිජාන්' චිත්‍රපටය සිනමා විචාරකයන්ගේද ඇගයීමට බඳුන් වී තිබෙනවා. සල්මාන්ගේ සිනමා දිවියේ ඔහුගෙන් දුටු හොඳම රංගනය දුටුවේ බජරංගී බායිජාන් චිත්‍රපටයෙන් බවයි සල්මාන්ගේ සමීප මිතුරෙක් වන අමීර් ඛාන් මාධ්‍ය හමුවේ පවසා තිබුනේ. 8.4/10ක් ලෙසින් ඉහළ IMDB දර්ශක අගයක්ද වාර්තා කරගෙන තිබෙන බජරංගී බායිජාන් චිත්‍රපටය කබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණයක්. සල්මාන් ඛාන් හැරුණු කොට ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පීන් වන කරීනා කපූර් සහ නවසුදීන් සිද්දික්ද චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. මෙම චිත්‍රපටය හරහා හරහා සිනමාවට අත්පොත් තබන ළමා නිළි හර්ෂලී මල්හෝත්‍රා චිත්‍රපටයට අමතර ආලෝකයක් එක් කර තිබෙනවා.

සල්මාන් ඛාන්ගෙන් මෑත කාලයේදී දකින්න නොළැඹුනු ආකාරයේ ප්‍රශස්ත මට්ටමේ රංගනයක් වගේම ඉතාමත් හොඳ චිත්‍රපටියක් විදියට බජරංගී බායිජාන් හඳුන්වන්නට පුලුවන්. ආදායම් වාර්තා සහ විචාරක පැසසුම් සළකා බැලුවාම චිත්‍රපටිය නරඹන්න ඉන්න කෙනෙකුට අමුතුවෙන් කතාව ගැන විස්තර කරන්න අවශ්‍ය නෑ. නමුත් කෙටියෙන් කතාවත් පොඩ්ඩක් කියන්නම්කෝ. ෂාහිදා කියන්නේ පාකිස්තානයේ පිටිසර ගම්මානයක ජීවත් වෙන අවු. 6ක විතර පුංචි ගෑණු ළමයෙක්. එයාට උපතින්ම කතා කිරීමේ හැකියාව නැහැ. නමුත් කන් ඇහෙනවා. ඇගේ දෙමවුපියෝ තීරණය කරනවා ඇයව ඉන්දියාවේ දිල්ලි නගරයේ තිබෙන පල්ලියක පූජාවක් සඳහා සහභාගී කරවන්න. ඔවුන් විශ්වාස කරනවා ඒකෙන් තමන්ගේ දියණියට කතා කිරීමේ හැකියාව ලැබෙයි කියලා. කෙසේ හෝ දිල්ලියට ගොස් නැවත පැමිණෙන අතරතුරේදී ශාහිදා මවගෙන් වෙන් වෙලා අතරමං වෙනවා. ඉන්දියා‍වේ දිල්ලි නගරයේ අතරමං වෙන ශාහිදාව හමු වෙන්නේ අපේ කතා නායකයා පවන්ට (සල්මාන් ඛාන්) ඔහු ඉතාමත් දැඩිව හනුමන්තා දෙවියන්ව අදහන නිසා ඔහුට බජරංගී බායිජාන් ලෙස අන්වර්ථ නාමයක්ද පට බැඳී තියෙනවා. ශාහිදාව හමුවීමෙන් පසුව පවන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙනවා. ශාහිදාට කතා කරන්නටත් බැරි නිසා ඇයගේ දෙමවුපියන්ව සොයන්නට පවන්ට සෑහෙන වෙහෙසක් දරන්නට වෙනවා. ෂහිදා මුස්ලීම් නිසා පවන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න තවත් බැරෑරුම් වෙනවා. අවසානයේදී ෂාහීදාව දෙමවුපියන් බාර දෙන්නට පවන් පාකිස්තානයට යනවා එතනින් පස්සේ තමා චිත්‍රපටියේ හොඳම හරිය. බඩ අල්ලගෙන හිනා වෙන්න පුලුවන් තැන් වගේම ඉතාමත් සංවේදී දෑස කඳුළින් තෙත් වන අවස්තාත් චිත්‍රපටය පුරාවටම තිබෙනවා.මෙය සියලුම සිනමා රසිකයින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් ලෙසට නිර්දේශයකුත් කරමින්ම මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1.2GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment