Rowdy Rathore [2012] Sinhala Subtitles


Rowdy Rathore [2012] Sinhala Subtitles
Add to Favorites
Rowdy Rathore [2012] Sinhala Subtitles (4 min 57 sec)
07-28-2012 at 08:26 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

Hindi Movies
Favorites: 144 - Views: 14568



Tags:



ඔන්න මගේ පස්වැනි නිර්මාණයත් අරන් මං ආවා.. ඇත්තටම මේක අපේ HEDZ උපසි‍රැසි ගන්වන්න කියලා මට දුන්නු චිත්‍රපටියක්, අපේ යාලුවෙක් මේකෙ මුල් ලයින් 500 ට උපසි‍රැසි දාලා තිබුනේ, ඇත්තටම මං තාමත් දන්නෙ නෑ ඒ යාලුවා කවුද කියලා.. ඉතින් මට තිබුනේ අවසාන ලයින් 1000 ට කරන්න.. මේක තමයි මං ඉක්මනින්ම කරපු සබ් එක.. ඉතින් මේ චිත්‍රපටිය ගැන කියනව නම් අවුරුදු හතකට පස්සෙ ආව ආක්ශේ කුමාර්ගෙ ඇක්ශන් චිත්‍රපටියක්.. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ සන්ජය ලීලා බන්සාලි.. ඒ වගේම අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ දකුණු ඉන්දීය සුපිරි නලු ප්‍රභූ දේවා විසින්... මේක IMDb හි 6.2 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා... ඒ වගේම කියන්න ඕන මේක 2006 තිරගත වූ Vikramarkudu කියන තෙලිගු චිත්‍රපටියේ remake එකක්.. ඒ වගේම 2011 දි මේකෙ දෙමල චිත්‍රපටියකුත් තිරගත උනා Siruthai යන නමින්..

මම චිත්‍රපටියෙ කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ මොකද මේක කාලෙකින් ආව අක්ශේගෙ සුපිරි ඇක්ශන් චිත්‍රපටියක් කියන්න හැමෝම දන්නවනෙ.. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම චිත්‍රපටියෙ හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...ඔයාලගේ රසවින්දනයට හානියක් වෙන්න අපි ඉඩනොතියන නිසා චිත්‍රපටියේ අඩංගු සියලු හින්දි ගීත සිංහල උපසිරැසි ගන්වලා තියන බවත් මතක් කරන්න ඕන.ඉතින් එහෙනම් මේකෙ මුල් ටිකට සබ් කරපු අපේ යාලුවවත් මතක් කරන ගමන්ම අපේ HEDZ සහෝදරයා හැමවිටම ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තූතියි කියන ගමන්ම, තවත් චිත්‍රපටියක් සමග නැවත ඉක්මනට හමුවෙමු.. එහෙනම් zoom එකට වගේම ඔයාලා හැමෝටමත් ජයෙන් ජය!!!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
450MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.
450MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ A.A.S.D.මධුවන්ත(akmeemana) සහ චමීර අබේසිංහ(CJA) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment