24 (2016) සිංහල උපසිරැසි සමගින්


24 (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
24 (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 16 sec)
06-15-2016 at 01:03 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 50 - Views: 53971



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සබ් එක අරන් එන්න පොඩ්ඩක් පමා වුනාට සමාවෙන්න ඕනි. මේක මං කරන්න හිතාගෙන හිටපු චිත්‍ර‍පටියක් නෙමෙයි නිසා. අනික මේ චිත්‍ර‍පටියේ කොපි දෙකක් නිකුත් වුනා. ඉතින් මේක හොදම කොපි එකට අරන් එන්න ඕන නිසා ටිකක් කල් ගියා. ඒ වගේම මුලින්ම ආව ඉංග්‍රිසි සබ් එකත් ගොඩක් අවුල්. පස්සේ තමයි හොද වර්ගයේ ඉංග්‍රිසි පිටපත් අන්තර්ජාලයට යොමු වුනේ.

කාලය හරහා ගමන් ගන්න චිත්‍ර‍පටි ඉංග්‍රිසි චිත්‍ර‍පටි රසිකයන්ට නම් අලුත් අත්දැකිමක් නෙමෙයි. මොකද ඒ අනුසාරයෙන් ගොඩක් චිත්‍ර‍පටි නිර්මාණය වෙලා තියන නිසා. දැන් ඒක දමිළ සිනමාවටත් ඇවිල්ලා. මිට පෙරත් වසරකට විතර කලින් Indru Netru Naalai (2015) නමින් චිත්‍ර‍පටියක් නිකුත් වුනා. මට නම් කාලය හරහා යැමේ තර්කය හා විතර්ක එක්ක සැලකුවාම එයට සාධාරණය කරලා ඔය කලින් කිව්ව චිත්‍ර‍පටිය නිර්මාණය වෙලා තියනවා කියලා හිතුනා. අද මේ කතා කරන 24 චිත්‍ර‍පටියත් කාලය හරහා ගමන් ගන්නා හැකියාවක් තියන යන්ත්‍ර‍යක් ගැන තියන කතාවක්. නමුත් මේක කාලය හා ගමන් ගැනිම ගැන තියන තර්ක විතර්ක එකක් බැලුවාම ඒ සියළුම දේවල් තබ සතේකටවත් මායිම් නොකර හදපු චිත්‍ර‍පටියක් කියලා කියන්න ඕනි. මේය වින්දනයට පමණක් නිර්මාණය කරලා තියන බවයි පෙන්නේ. නැතිනම් ප්‍රායෝගිකව ගත්තාම කාලය හරහා ගමන් කිරිමේදි සිදුවන සිදුවිම් ගැන මේ කතාවේ වැරැදි තැන් බොහෝමයි.ඒ එක්කම මේ චිත්‍ර‍පටිය ඇත්තටම එන්න තිබ්බේ 2010 වර්ෂයේ. එතකොට මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත වලට අරගන්න හිතලා තිබ්බේ සුපිරි නළු වික්‍ර‍ම් හා Ileana D'Cruz වයි. නමුත් නිශ්පාදකයන් අතර ඇතිවු පොඩි පොඩි නොගිලිපිම් නිසා මේ කතාව එහෙමම කල් ගියා. පස්සේ තමයි 2016 වර්ෂයේ මේක නැවත එලි දින්නේ.

Vikram Kumar ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටිය Suriya හා Samantha විසින් ප්‍ර‍ධාන චරිත නිරුපණය කරනවා. සූර්යා මේහි ත්‍රිත්ව චරිතයක් නිරුපණය කරනවා. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන බර පැන දරන්නෙත් ඔහුම තමයි. පහු ගිය කාලේ සුර්යා රඟපාපු චිත්‍ර‍පටි පිට පිටම අසාර්ථක විමත් එක්ක මේ චිත්‍ර‍පටිය යම් තරමකට හරි ඔහුගේ රංඟනය පැත්තෙන් යමක් කරන්න ලැබුන චිත්‍ර‍පටියක් කියලාත් කියන්න පුලුවන්. කතාව ගැන කිව්වොත් ආචාර්ය සේතුරාමන් කියන්නේ විද්‍යාඥයෙක්. ඔහු විසින් නව සොයාගැනිමක් කරනවා. ඒ කාලය හරහා යන්න පුලුවන් ඔරලොසුවක් ගැන. මේ පිළිබදව ඔහුගේ අයියා ආත්‍රියාන්ට දැනගන්න ලැබෙනවා. ඔහු බොහෝම නපුරු පුද්ගලයෙක්. ඔහු එනවා මේ ඔරලොසුව සොරකම් කරලා සේතුරාමන් හා ඔහුගේ බිරිදවයි දරුවාවයි මරලා දාන්න.... මේ චිත්‍ර‍පටියේ කතාව ගැන තව විස්තර කරන්නේ නැහැ...මොකද කාලය හරහා යනවා කියන්නේ මේ සිදුවිමම ආපහු රිපිට් වෙනවා.බලන ඔයාලට අසාධාරණයක් වෙනවා කතාව විස්තර කලොත්. මොකද මේකේ වැදගත්ම දේ කිව්වොත් මං කතාවේ මුල් විනාඩි 30ම කිව්වා වගේ වෙනවා. ඒ නිසා කතාව අරන්ම බලන්න. අපි ගියා ඕං...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම Uncut HD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment