Baaghi (2016) සිංහල උපසිරැසි සමගින්


Baaghi (2016) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Baaghi (2016) සිංහල උපසිරැසි සමගින් (125 min 29 sec)
06-28-2016 at 10:25 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 130 - Views: 62281



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



හොඳ පිටපතක් නිකුත් වන තුරු ගොඩාක් දෙනෙක් නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි Baaghi. බොලිවුඩයේදී බහුලව දකින්නට නොලැබෙන විදියේ ක්‍රියාදාම දර්ශනයන්ගෙන් සපිරුණු චිත්‍රපටයක් විදියට නම් කළ හැකි සහ එදා මෙදාතුර බොලිවුඩ් සිනමා ඉතිහාසයේ ආත්මාරක්ෂක සටන් මූලික කොටගෙන නිර්මාණය වූ හොඳම සිනමා නිර්මාණ අතලොස්ස අතරට අවිවාදයෙන්ම එක් කළ හැකි චිත්‍රපටයක් තමයි Baaghi චිත්‍රපටය. සටන් ජවනිකාවන් (fighting choreography) කෙරෙහි වැඩි බර තැබීමක් සිදු කර තිබෙනවා වගේම එම ජවනිකාවන්ට ආරක්ෂිත රැහැන් හෝ ද්‍රෘෂ්‍ය ප්‍රයෝග වලින් තොරව පණ පෙවිය හැකි රංගන ශිල්පියා වෙනුවෙන් නිවැරදිම තේරීම සිදු කර තිබෙන බවත් කිව යුතුමයි. heropanti (2014) චිත්‍රපටයෙන් රංගන දිවිය ඇරඹූ ටයිගර් ෂෙරොෆ්ගේ දෙවන සිනමා ආගමනයයි මෙම චිත්‍රපටය හරහා සිදු වෙන්නේ. ඔහුගේ රංගනය ගැන යම් යම් මති මතාන්තර අදහස් උදහස් තිබෙන්නට පුලුවන්. නමුත් ඔහු සටන් කලාවේ සහ නර්ථනයේ සැබෑම දක්ෂයෙක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්. එම දක්ෂතා ආසන්තම හේතුව වන්නටත් ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ටයිගර්ට ලැබෙන්නට. Aashiqui 2 (2013) චිත්‍රපටය හරහා ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් සුරූපී ශ්‍රද්ධා කපූර්ද ටයිගර් සමගින් ඉදිරි පෙළ චරිත නිරූපණයෙහි යෙදෙනවා. සංජය මිශ්රා, සුනිල් ග්‍රෝවර්, සුධීර් බාබු, පරස් අරෝරා සෙසු රංගන ශිල්පීන් ලෙස දායකත්වය දක්වන මෙම චිත්‍රපටය සබීර් ඛාන්ගේ අධ්‍යක්ෂණයක්.

චිත්‍රපටයේ ආරම්භ‍ය සිදුවන්නේ සියා (ශ්‍රද්ධා කපූර්) නැමති තරුණියකව පැහැරගෙන යාමේ සිද්දියකින්. නීති විරෝධී ව්‍යාපාර රැසක හිමිකාරිත්වය දරණ රාගවු නැමත්තෙකු විසින් මෙම තරුණියව පැහැරගෙන තායිලන්තයෝ බැංකොක් නගරයට රැගෙන යනු ලබනවා. සියාව බේරාගෙන නැවත රැගෙන ඒමේ වගකීම රොනී (ටයිගර් ෂෙරොෆ්) නම් තරුණයාට බාර කරනවා සියාගේ පියා විසින්. යම් කාලයකට ඉහතදී රොනී ආදරය කළ තරුණිය තමයි සියා. නමුත් යම් හේතුවක් නිසාවෙන් මේ වන විට රොනී සිටින්නේ සියා සමගින් සියුම් වෛරයකින්. එම නිසා සියාව බේරාගෙන ඒම රොනී විසින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඒ මොහොත වන විට රොනීට ඇතිව තිබෙන ඉතාමත් හදිසි මූල්‍ය අවශ්‍යතාවයක් පියාවාගැනීමේ වුවමනා නිසාවෙන්ම සියාව බේරාගෙන ඒමේ දුෂ්කර කාර්ය රොනී විසින් බාරගනු ලබනවා. සියාව බේර ගන්නට බැංකොක් නගරය බලා යන රොනී කිනම් ආකා‍රයේ අභියෝගයන්ට මුහුණ දේවිද? රාගවු යනු කවරෙක්ද? ඔහු විසින් සියාව පැහැර ගන්නට හේතුව කුමක්ද? කලක් මහත් ආදරයෙන් බැඳී සිටි සියා සහ රොනී විරසක වීමට හේතුව කුමක්ද? චිත්‍රපටය නරඹන ඔබට මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත හැකි වේවි. එසේනම් චිත්‍රපටය නරඹා රස විඳින ලෙස සියලු දෙනාටම ආරාධනා කරමින් මම සමුගන්නවා. සුභ දවසක්! සතුටින් ඉන්න!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment