The Condemned [2007] Sinhala Subtitles


The Condemned [2007] Sinhala Subtitles
Add to Favorites
The Condemned [2007] Sinhala Subtitles (113 min 00 sec)
08-16-2012 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

English Movies
Favorites: 148 - Views: 28920



Tags:



එක්තරා පුද්ගලයෙකු විසින් ලොව බිහිසුනුම වාර්ථා තිබෙන සිරකරුවෙන් දහදෙනෙක් ව ඉහල නිළදාරින්ට පගාව දීමෙන් නිදහස් කරගන්නවා.හැබැයි මේ සිරකරුවෝ දහදෙනාම මරණයට තීන්දු වෙලා ඉන්න අයයි.මේ පුද්ගලයා මේ සිරකරුවන් දහදෙනාව යොදාගෙන බිහිසුණු වැඩසටහනක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ බිහිසුණු වැඩසටහන ගැන කියනවනම්,සිරකරුවෝ දහදෙනාගෙම කකුල්වල බෝම්බ ගැටගහලා හෙලොකොප්ටරයකින් එක දුපතක වෙනස් වෙනස් පැති වලට ගෙනත් දානවා.මේ කකුල්වල ගැටගහලා තියෙන බෝම්බ පැය 30ක් ඇතුලත ස්වයංක්‍රියව ඉබේ පිපිරෙන්නයි නිර්මානය කරලා තියෙන්නේ.මේ සිරකරුවන් දහදෙනාගෙන් මේ බෝම්බය කකුලෙන් ගලව ගෙන නිදහස් වෙන්න ලැබෙන්නේ එක් අයෙකුට පමණයි. ඉතින් ඒ මේ තරගෙයෙන් ජයග්‍රහණය කරන තැනැත්තාටයි, එතින් මේ සිරකරුවෝ සියළු දෙනාම උත්සහ කරන්නේ මේ බෝම්බය කකුලෙන් ගලවා ගන්නයි,එසේ බෝම්බය කකුලෙන් ගලවා ගැනීමට නම් පැය 30 ඇතුලත අනිවාර්යෙන්ම ජයග්‍රහාකය විය යුතුමයි. ඉතින් සියළු දෙනා එකිනෙකාව මරා ගන්නවනේ.මේ දූපතේ කැමරාකරුවන්,රහසිග කැමරා දුපත පුරාම සවි කරලයි තියෙන්නේ,ඉතින් මේ සිරකරුවෝ දහදෙනා එකිනෙකා සමග මරා ගන්න හැටි,ඔවුන්ගේ උපක්‍රම,මේ සියළු දේම කැමරා හරහා සජිවීව අන්තර්ජාලය හරහා විකාශය කරනවා.මේ වැඩසටහන මිලියන ගනන් මිනිස්සු අන්තර්ජාලය හරහා නරඹනවා.මේ වැඩසටහනට තේරුනු ජැක් කොන්රඩ් නමැති එක් සිරකරුවෙක් වටා තමයි චිත්‍රපටිය දිව යන්නේ.අවසානයේ කුමක් වේවිද? මොහු නිසා නිෂ්පාදකයන්ට නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඔබ ත්‍රාසජනක හා ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් ලෙස හදුන්වන්න පුළුවන්.

මේ මගේ 15වන උපසි‍රැසි ගැන්වීම වන අතර චිත්‍රපටය ගැන අදහසක් දක්වල යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා,තවත් චිත්‍රපටියක් සමග නැවත හමුවෙමු!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා(Naveen) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment