Happy Bhag Jayegi (2016) සිංහල උපසිරැසි සමඟින්


Happy Bhag Jayegi (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Happy Bhag Jayegi (2016) සිංහල උපසිරැසි සමඟින් (122 min 47 sec)
10-25-2016 at 06:47 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 30 - Views: 22522



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කැමැතිද ඇත්තටම හොදට හිනාවේවි බලන්න පුලුවන් ෆිල්ම් එකක් බලන්න. එහෙනම් අද අරන් ආවේ අන්න ඒ වගේ චිත්‍ර‍පටියක්. හැපී බාග් ජායේගී (හැපි පැනලා යනවෝ) Mudassar Aziz අධ්‍යක්ෂණයක් වුන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත කරන්නේ Abhay Deol,Jimmy Shergill,Ali Fazal එතකොට ප්‍ර‍ධාන නිළියගේ චරිතය කරන්නේ Cocktail චිත්‍ර‍පටිය මතක නම් එකේ දඟකාර හැඩකාර අහිංසක යුවතියක් හිටියා මතකද? කොක්ටේල් චිත්‍ර‍පටියෙන් පස්සේ ආඟිය අතක් නැති වුනානේ... ඒ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වුන Diana Penty තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ...

කතාව කෙටියෙන් මෙහෙම කියන්නම් කෝ හැපී පණ ඇරලා ආදරය කරන්නේ ගුඩ්ඩුට. එත් ගුඩ්ඩුට රස්සාවක් නැහැ...ඔහේ රස්තියාදුගහා ගහා ඉන්නේ. ඉතින් මේ නිසා හැපී ගේ තාත්තා තිරණය කරනවා ඒ පලාතේ ඡන්දය ඉල්ලලා දිනපු පලාත්සභා මන්ත්‍රි කෙනෙක් වෙන ධමන් සිං බග්ගාට හැපීව කසාද බන්දලා දෙන්න. කොහොම හරි කසාදේ දවසේ ගුඩ්ඩු පැලැන් එකක් ගහනවා හැපීව පන්නගෙන යන්න. ඒ මල් පුරවපු ට්‍ර‍ක් එකක් උඩතට්ටුවේ ජනේලයක් ගාව පහලින් නවත්තලා තියලා හැපීට කාටවත් නොදැනෙන්න උඩ තට්ටුවෙන් ඒකට පනින්න කියලා. පැලැන් එකේ හැටියට වැඩේ වෙනවා. හැපී කාටත් හොරෙන් ගෙදර උඩ තට්ටුවේ ඉදන් පහල තියන මල් ට්‍ර‍ක් එකට පනිනවා. එත් මේ හැපී පනින ට්‍ර‍ක් දෙක මාරු වෙනවා. ඒ කියන්නේ ගුඩ්ඩු පැලැන් කරලා නවත්තපු ට්‍ර‍ක් එකට නෙමෙයි හැපී පනින්නේ. කොහොම හරි මේ ට්‍ර‍ක් එක ගිහින් නවතින්නේ පකිස්ථානේ. එකත් පකිස්ථානේ ආණ්ඩුකාරවරයාගේ ගෙදර. ඔහුගේ පුතා තමයි බිලාල් අහම්ද් කියන්නේ. කොහොම හරි බිලාල්ට හැපීව හම්බවෙනවා. බිලාල්ට ඕනි හැපීව පුලුවන් තරම් ඉක්මනින් පකිස්ථානෙන් ඉන්දියාවට එවන්න...එත් ඒක කරන්න ලේසි නැහැ මොකද හැපී පකිස්ථානයට එන්නේ කිසිම පාස්පොට් එකක්වත් නැතුව නේ. ඒ අතරේ ගුඩ්ඩු කල්පනා කරනවා හැපී කොහේද අතුරුදහන් වුනේ කියලා... කොහොම හරි හැපී ගිහින් පකිස්ථානේ කරන පටලැවිල්ල තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ.... කොහොම හරි කියන්න ඕනි සුපිරිම ෆිල්ම් එකක් කියලා මේක. පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් කියලාත් අනිවා කියන්න ඕනි. එහෙනම් ඔන්න මං ගියා




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment