District 9 [2009] Sinhala Subtitles


District 9 [2009] Sinhala Subtitles
Add to Favorites
District 9 [2009] Sinhala Subtitles (112 min 00 sec)
08-17-2012 at 11:23 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 152 - Views: 31992



Tags:



බොහෝ අය zoom.lk එකට සිංහල sub දාන නිසා මටත් හිතුනා sub එකක් දාන්න. මම තෝරාගත්තේ DISTRICT 9 කියන ෆිල්ම් එක. මේක තිරගත වුනේ 2009 දී, මේක මම බලපු පට්ටම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක IMDB වල යූසර්ලා 282808 ක පමණ ප්‍රමාණයකින් 8.1 වැනි ඉහලම අගයකට ශ්‍රේණි ගතවෙලා තියනවා. ආයි ඉතින් කියන්න ඕනේ නෑනේ ‍ෆිල්ම් එක ගැන. මේකේ කතාව තමයි. ජොහැනස්බර්ග් නගරයට ඉහළින් පිට සක්වල යානයක් නවතිනවා. දොරවල් ඇරෙන්නේ නෑ මාස ගානකින්. අන්තිමට විද්‍යාඥයින් තීරණය කරනවා යානය තුලට යන්න. ගියහම ඔවුන්ගේ බලාපොරොත්තු වුනු දේ නෙමෙයි එතන තියෙන්නේ. එහි සිටින ජීවීන් සියල්ල ඉතා දුර්වලයි.ජාත්‍යන් රය බලපෑම නිසා ආණ්ඩුව මේ ජීවීන් ජොහැනස්බර්ග් නගරයේ විශේෂ කලාපයකට රැගෙන එනවා ඒක තමයි DISTRICT 9.මේ විදියට මේ ජීවීන් වසර 20ක් පමණ DISTRICT 9 තුල ජීවත් වෙනවා. කාලයක් යනකොට මිනිස්සු සහ මේ ජීවීන් අතර ගැටුම් ඇතිවෙනවා. මිනිස්සු උද්ගෝෂණය කරනවා මේ ජීවීන් නගරයෙන් ඉවත් කරන්න කියා. ඒ නිසා ආණ්ඩුව ඉවත්කිරීමේ මෙහෙයුමක් පටන් ගන්නවා, මේ මෙහෙයුමේ ප්‍රධානියා තමයි විකාස් කියන පුද්ගලයා. මේ මෙහෙයුම අතරතුරේදී විකාස්ට පොඩි කරදරයකට මුහුණ දෙන්න වෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ ඔහුගේ ජීවිතය මෙන්ම, මුළු ෆිල්ම් එකම වෙනත් මාවතකට හැරෙනවා . ඔහුට සිදුවන්නේ කුමක්ද ? ඔහු මිනිසුන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? ඔහු පිටසක්වල ජීවීන් සමග ගනුදෙනු කරන්නේ කෙසේද? අවසානයේ ඔහුට සිදුවන්නේ කුමක්ද ? මේ සේරටම පිළිතුරු ෆිල්ම් එක බලපුවහම ලැබෙයි. ( සංවේදී අයට බලන්න අපහසු දර්ශන පොඩි කීපයක් තියනවා )මේක මගේ මුල්ම පරිවර්තනය නිසා අඩුපාඩු බොහොම ඇති. ඒ ගැන සමාවෙන්න. ඒ වගේම උදව්වක් විදියට් කොමෙන්ට් එකක් දාලා යන්න . සබ් එක්ක ෆිල්ම් එක බලලම කොමෙන්ට් එකක් දැම්මොත් ගොඩක් වටිනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB[BRRIP] Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Indika Perera (imdi1979) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment