Thodari (2016) සිංහල උපසිරැසි සමඟින්


Thodari (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thodari (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
11-04-2016 at 07:43 PM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

Tamil Movies
Favorites: 47 - Views: 29539



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලේකින් දෙමළ චිත්‍ර‍පටියක් කරන්න හම්බුනා..... මේක මං බාරගෙන හිටිය නැහැ...නමුත් මේක කරන්න ගත්ත සහෝදරයාගෙන් ප්‍ර‍තිචාරයක් නැති නිසා මං මේක කරන්න පටන් ගත්තා. විසුවල් ආයතනයෙන් සබ් එක ඉල්ලගෙන දෙන්න පුලුවන් කම තිබ්බාත් එතකොටත් සබ් එකේ හරි අඩක් නිම කරලා තිබ්බ නිසා මමම ඉවර කරලා දෙන්න හිතාගත්තා.....

මෙම චිත්‍ර‍පටිය තිරඟතවිම ආරම්භ කලේ 2016 සැප්තැම්බර් 16 වැනිදා... මෙය Prabhu Solomon ගේ අධ්‍යක්ෂණයක්. ප්‍ර‍ධාන චරිත ලෙස Dhanush හා Keerthy Suresh රංඟනයෙන් දායක වෙනවා... මෙය ඉන්දියාවේ දුම්රියක් අනුසාරයෙන් නිර්මාණය කරන ලද පළමුවැනි චිත්‍ර‍පටිය.... එතකොට චෙන්නායි එක්ස්ප්‍ර‍ස්... ඒක අදාලා වෙන්නේ නැහැලු.... දුම්රිය අනතුරක් අනුසාරයෙන් කරන ලද පළමු චිත්‍ර‍පටිය නිසා මේක ඉන්දියාවේ පලවෙනි දුම්රිය චිත්‍ර‍පටිය ලෙස හදුන්වනවා...

කතාව ගැන කෙටියෙන් එහෙන් මෙහෙන් කියන්නම් නැත්නම් බලන්න දෙයක් නැති වෙනවා....කතාව කිව්වොත් පූච්චිඅප්පන් කියන්නේ දුම්රියේ හෝටලයේ වැඩ කරන සේවකයෙක්.... ඔහුට මේ දුම්රියේ ගමන් කරන සරෝජා නැමැති යුවතියක් මුණ ගැහෙනවා... පුච්චිඅප්පන්ට මේ ගැණු ළමයාට ආදරයක් හිතෙනවා...දෙන්නාගේ ආදර කතාව එහෙට මෙහෙට දෝලනය වේවි ගලා ගෙන යද්දි එම දුම්රියේම දුම්රිය රියදුරු මැදිරියේ තවත් දෙයක් වෙනවා. කොහොම හරි ටික වෙලාවක් යද්දි දුම්රිය රියදුරෙක් නැතුව ධාවනය වෙන්න පටන් ගන්නවා. කොහොම හරි අර මං කිව්ව සරෝජා මේ දුම්රිය රියදුරු එන්ජින් පෙට්ටියෙ එලියෙන් හිරවෙනවා... කොච්චියේ ඇතුලේ හිටිය සරෝජා දුම්රිය එන්ජින් එකට ගියේ කොහොමද? ඒක දැනගන්න කතාව බලන්න වෙනවා....එතකොට දුම්රිය රියදුරුගේ පාලනයෙන් තොරවෙලා මේ දුම්රිය ගමන් ගන්නේ කොහොමද? හැම ප්‍ර‍ශ්නයකටම උත්තර බලාගන්න චිත්‍ර‍පටිය බලන්න වෙනවා... ඔයාලට මතකද ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් ආවා Unstoppable කියලා...මේක ඉතින් ලාවට එකේ කොපියක් වගේ තමා...(ලව් ස්ටොරිය නැත්නම්) ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ධාවන කාලය විනාඩි 167ක්. මේක 120කට විතර අඩු කරගන්න පුලුවන් කම තිබ්බා අධ්‍යක්ෂකට උවමනාව තිබ්බා නම්. චිත්‍ර‍පටියට ලොකු අදාලාත්වයක් නැති දේශපාලන වැඩ සටහනක් නිතරම මේක අස්සේ පෙන්වනවා.. දේශපාලඥයන් හොරු කියන දෙත් අධ්‍යක්ෂකට කියන්න ඕන එකත් මේ අස්සටම ඔබලා... මට නම් ඒක කතාවේ කුතුහලය හා ත්‍රාසයට ඒ සිදුවිම් යම් බාධාවක් උනා. කොහොම හරි ටිකක් ත්‍රාසය පැත්තට බර කතා වලට ආස අයට මේ චිත්‍ර‍පටිය ඉහලින්ම නිර්දේෂ කරනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment