Incarnate (2016) සිංහල උපසිරැසි සමඟින්


Incarnate (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Incarnate (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
12-16-2016 at 07:45 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

English Movies
Favorites: 20 - Views: 25498



Tags:


උපසිරැසි ගැන්වීම: නවීන් රන්දික පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මේ අවුරුද්දේ තිරගත වෙච්ච Horror,Thriller ගණයට අයත් වෙන ‍ෆිල්ම් එකක් තමයි Incarnate (2016). මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කවුරුත් දන්න Journey 2 - The Mysterious Island (2012),San Andreas (2015) යන ‍ෆිල්ම් අධ්‍යක්ෂණය කල Brad Peyton විසින්.ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Insidious (2010),The Purge (2013) වැනි චිත්‍රපටවලට දායකත්වය දැක්වූ පිරිසමයි.නළු නිලියන් ගැන කියනවනම් සුපුරුදු මුණවල් කිහිපයක්ම තියෙනවා.London Has Fallen (2016),I, Frankenstein (2014),Battle Los Angeles (2011) වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට ආ Aaron Eckhart විසින් මෙහි ප්‍රධාන චරිතයට පණපොවනවා.Touch (2012-) හා Gotham (2014-) රූපවාහිනි කතාමාලාවල සිටි David Mazouz වගේම Arrow කතාමාලාවෙන් ඔබ හමුවට රාස් අල් ගුල් ගේ චරිතය නිරූපණය කල Matt Nable වගේම Game of Thrones කතාමාලාවේ මෙලිසැන්ඩ්‍රිගේ චරිතය නිරූපණය කල Carice van Houten (Valkyrie 2008, Repo Men 2010) අයත් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා.

කතාව ගැන කියනවනම් බියකරු ශෝකාන්තයකට මුහුණ දීමෙන් අනතුරුව රෝද පු‍ටුවකට ඇද වැටිච්ච කෙනෙක් තමයි ඩොක්ටර් සෙත් එම්බර් කියන්නේ.ඔහු යාතුකර්ම කරන කෙනෙක්.ඔහුට දවසක යම් කෙනෙක්ගෙන් ආරාධනාවක් එනවා වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකුට ආරුඨ වෙලා ඉන්න යක්ෂයෙක්ව පලවාහරින්න.හැබැයි ඔහු එම ආරාධනාව වැඩිය ගණනකට ගන්නේ නෑ.කෙසේ හෝ ඔහු එම ගෙදරට ගිහින් බලද්දී එම ආවේශ වෙලා ඉන්න ළමයගේ අම්මා කියන්නෙ මේකත් ඵල රහිත දෙයක් බවයි.මොකද වෙනත් අය ගෙනත් බැලුවත් ඔහුව සුව කරගන්න බැරිවෙලා.තමන් යාතිකර්ම කරන්නෙ සාමාන්‍ය ක්‍රමයට නොව ආරුඪ වෙච්ච කෙනාගෙ හිතට ඇතුලුවෙලා,ඇතුලෙන් තමයි යක්ෂයව අහක් කරන්නේ කියලා ළමයගෙ මවට තේරුම් කරලා දෙනවා.ආරුඪ වෙලා ඉන්න ළමයාව ටිකක් පරීක්ෂා කර බලන සෙත් හට දැනගන්න ලැබෙන්නෙ මේ තමන් සොයමින් සිටි තමන්ගෙ ශෝකාන්තයට වග කිව යුතු යක්ෂ ආත්මය බවයි.ආත්මයත් සෙත්ව සොයමින් තමයි ඉඳලා තිබෙන්නෙ බලන් යද්දී.. කොහොමහරි සෙත් ඔහුගෙ කණ්ඩායම එක්ක යාතිකර්මය සඳහා වැඩ පටන් ගන්නවා.ඔහුට තේරුම් යනවා මේක කලින් යාතිකර්ම වගේ ලේසි පහසු එකක් නොවන බවත් මේක තමයි ඔහුගෙ ජීවිත කාලය තුල කරන පලවෙනි හා අන්තිම නරකම යාතිකර්මය වෙන්න පුලුවන් බව සෙත් ට දැනෙනවා.ඔහු ආවේෂ වෙච්ච ළමයගෙ හිතට ඇතුළු වුනාමයි ඔක්කොම උඩු යටිකුරු වෙනවා,සෙත් ගෙ පාලනයද ඔහුගෙ අතින් ගිලිහී යනවා.සෙත්ගේ ශෝකාන්තය මොකක්ද? සෙත්ගේ ඇත්තම අරමුණ මොකක්ද? සෙත්ට අන්තිමේදි මොකක් වෙයිද? අවසානය කවුරුවත් හිතන්නෙවත් නැති Twist එකක් තමයි තියෙන්නේ.එහෙනම් කැමති කට්ටිය අරන් බලන්න.ඔබට ජය!

~ මරණයටත් වඩා නරක සමහර දේවල් තියෙනවා. ~



*SRT ලෙස WEB හා Bluray පිටපත් සදහා උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEBRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment