Sarrainodu (2016) සිංහල උපසිරැසි සමඟින්


Sarrainodu (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sarrainodu (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
12-19-2016 at 08:51 AM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 28 - Views: 83311



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ තමයි ඔයාලව මුනගැහෙන්න මේ ඇවිත් ඉන්නේ. අල්ලුගේ ෆිල්ම් එකක්නේ ගොඩ අය බලන් ඉන්න නිසා නොදීම බැරි නිසා තමයි වැඩ රාජකාරි ගොඩක් මැද්දේ මේක අරන් ආවෙ. එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක දිහාට හැරෙමු. ෆිල්ම් එක අල්ලු අර්ජුන්ගේ කිවම ඉතින් ආපහු විස්තර කරන්න ඕනේ වෙන එකක් නෑ, මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Boyapati Srinu ව්සින් ඔහු තමයි Dhammu 2012, Legend 2014 චිත්‍රපට අධ්‍යක්ශණය කරලා තියෙන්නේ. මෙහි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඔහුගේ අපි උපසිරැසි ලබා දුන්න චිත්‍රපට අතරට Son of satyamurthy (2015), Race gurram, Iddarammayilatho වගේ චිත්‍රපට රැසක් එකතු කරන්න පුලුවන්. මෙහි සෙසු නළු නිළියන් විදියට, ආදි, රාකුල් ප්‍රිථ් සිං, කැත්‍රින් තෙරේසා, ස්‍රීකාන්ත් වගේ ජනප්‍රිය නළු නිළි රැසක් රංඟනයෙන් දායක වෙලා තියෙනවා, අප්‍රේල් 22 තිරගතවීම ආරම්භ කරපු මෙය ඉන්දීය රුපියක් කෝටි 50ක බරපැනකින් නිශ්පාදනය කරලා කෝටි 127ක ආදායමක් උපයාගෙන බොක්ස් ඔෆිස් වාර්තා තබන්න සමත් වෙලා තියෙනවා, ඒවගේම විශේෂත්වයක් තියෙනවා ඒ තමයි තෙලුඟු සිනමාවේ එදා මෙදාතුර වැඩිම පිරිවැයකින් නිර්මාණය කරපු ගීතය ඇතුලත් වෙන්නෙත් මේ චිත්‍රපටයේ වීම. ඉතින් කතාව දිහාට හැරෙනවනම්

ගානා (අල්ලු අර්ජුන්) ට ආසාධාරණය පේන්න බැරි කෙනෙක්.ඔහුගේ පියත් ඉහල නිලයක් දරන කෙනෙක් හින්දා ගානා නීතිය ඔහුගේ අතට අරගෙන වැඩ කරනවා ආසාධාරණයට ලක් වෙච්ච අය වෙනුවෙන්.ඔහු කලින් හමුදාවේ සේවය කරත් සමාජයට වැඩක් කරන්න ඕන හින්දා නැවත ඔහු ගම් පලාතට ඇවිත් තමයි ඉන්නේ.ගානාට හන්සිතා රෙඩ්ඩි (කැතරින් තෙරේසා) නම් ගැහැණු ළමයෙක්ට හිත ගියත් ඔහුගේ ආදරය ඇය පිලිගන්නෙ නෑ.එක් දවසක ගානාගේ තාත්තා ඔහුව තමන්ගේ යාලුවෙක්ගේ දුවෙක් වන ජානුව (රාකුල් ප්‍රීත් සිංග්) බලවන්න කියලා ගානගේ මාමා කෙනෙක් සමඟ කම්මම් දිස්ත්‍රක්කයේ පරණශාලා වෙත යවනවා.ඔහු පරණශාලා වලට ගිහින් නැවත ගෙදර එනවා ඒ ගැහැණු ළමයත් ඔහුව ප්‍රතික්ෂේප කරා කියලා.කොහොමහරි හන්සිතා රෙඩ්ඩි දන්න ආසාධාරණයට ලක්වෙච්ච කෙනෙක්ට ගානා උදව් කරනවා.ඉතින් හන්සිතා ට දැන් ගානා කෙරෙහි ආදරයක් ඇති වෙනවා.හැබැයි ඇය ගානාට පොරොන්දු වෙන්න කියනවා ආයේ මිනිස්සු එක්ක රණ්ඩු කරන්නෙ නැතුව ඉන්නව,ඒ වගේම මේ කරන දේවල් නවත්තනවා කියලා.කෝවිලේදී ඇයට ඕන කරන විදිහටම එම පොරොන්දුව ඇයට ලබා දෙන්න හදනකොටම ජානු ඔතනට දුවගෙන අවිත් කියනවා තමන්ව වයිරම් ධනුශ්ගේ මිනිස්සුන්ගෙන් බේරගන්න කියලා.ඊට පස්සේ... කතාවේ ඉතුරු ටික බලලම දැනගන්න. ඒ වගේම තෙලෙඟු චිත්‍ර‍පටි රැසක් ඇවිල්ලා තියනවා දැක්කා. නමුත් එවාගේ ඉංග්‍රිසි උපසිරැසි නැති නිසා ලබා දෙන්නත් ඔයාලට සිංහල උපසිරැසි ලබාගන්නත් බැරි වෙලා තියනවා. නමුත් මේ අද දුන්නා වගේ එවාටත් අසා ලිවිමක් කරන්න පුලුවන්. ඒකට ඔයාලගේ කමෙන්ට් තමයි උවමනා වෙන්නේ. ඒක නිසා අදහසක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ අතර ඕනි තෙලෙගු චිත්‍ර‍පටිත් කියන්න. එවාත් ලබා දෙන්න උත්සහා කරන්නම්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HDTVRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment