Raaz Reboot (2016) සිංහල උපසිරැසි සමඟින්


Raaz Reboot (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Raaz Reboot (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
12-19-2016 at 05:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 33 - Views: 41860



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





නම දැක්ක සැනින් කියන්න පුලුවන් නේ මොකක්ද කියලා මේ රාස් චිත්‍ර‍පටි මාලාවේ සිව් වැන්න. බොහෝවිට මේ රාස් චිත්‍ර‍පටිමාලාවේ අවසන් චිත්‍ර‍පටිය වන්නට පුලුවන් කියලායි චිත්‍ර‍පටි නිශ්පාදකයින් පවසන්නේ. සුපුරුදු පරිදි මේ චිත්‍ර‍පටියත් Vikram Bhatt විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා. ඒ වගේම මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය හැඩවෙන්නේ Emraan Hashmi ගේ රංඟනයෙන්. මිට අමතරව ප්‍ර‍ධාන නිලිය ලෙස දකුණු ඉන්දියානු නිලියක් වන Kriti Kharbanda රංඟනයෙන් දායක වෙනවා. ඇයගේ පළමු හින්දි චිත්‍ර‍පටියත් මේකයි. මිට අමතරව Gaurav Arora ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. ඔහු රඟපැ Love Games චිත්‍ර‍පටියත් මමම උපසිරැසි ගන්වලා දිලා තියනවා. මිට අමතරව Badmashiyaan චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වුන Suzanna Mukherjee ද මෙහි රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ශයිනා හා රේහාන් රොමේනියාවට එන්නේ ව්‍යාපාරික කටයුක්තකට අවුරුදු 5ක් ඒ රටේ පදිංචි වෙන්න. මේ අයට නවතින්නත් ඉතාම ලස්සන නිවසක් ලැබෙනවා. මොවුන් දෙදෙනා විවාහ වෙලා තමයි රොමේනියාවට එන්නේ. මොවුන් කලින් පදිංචි වෙලා හිටියේම රොමේනියාවේ. නමුත් විවාහයෙන් පස්සේ නැවත ඉන්දියාවට යනවා. එහෙම ගිහින් අවුරුදු තුනකට පස්සේයි නැවත රැකියාවකට රේහාන් හා ශයිනා රොමේනියාවට එන්නේ. මොවුන් ඉන්දියාවට හිටියාට වඩා ලොකු දුරස් බවක් මේ රටේ ඉද්දි ඇති වෙනවා. මේ නිසාම ශයිනා බොහෝම කලකිරිමෙන් ඉන්නේ. ඒ වගේම ශයිනාට එක පාරටම ඉන්න ගෙදර ඉද්දි අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. මේ ගැන රේහාන්ට කිව්වාත් ඔහු ගනන් ගන්නේ නැහැ. හැබැයි ශයිනාට දිනෙන් දිනම මේ ගෙදර අමුතු අමුතු දේවල් වෙන එක වැඩිවෙන්න ගන්නවා. කොහොම හරි ශයිනා මේ දේවල් තනියම විදදරාගෙන ඉද්දි තමයි අදිත්‍යව හමුවෙන්නේ. ආදිත්‍ය කියන්නේ ශයිනා බදින්න කලින් යාළුවෙලා හිටපු පෙම්වතා. ශයිනා මුලින් ආදිත්‍යව මඟහරිනවා නමුත් අදිත්‍ය ශයිනාට උදව් කරන්න හදන නිසා වගේම ශයිනා මේ කියන අමුතු දේවල් ආදිත්‍යද විශ්වාස කරන නිසා දෙන්නාම එකතු වෙලා මේකේ සුල මුල හොයාගෙන යනවා. අවසානයේ මේක විසදගන්න ලැබෙන්නේ ශයිනා හිනෙන්වත් නොහිතපු විදියට. ෆිල්ම් එකේ ලව් ස්ටොරියකුත් ගලාගෙන යනවා කියලා කියන්න උවමනා නැහැ නේ. මොකද දැන් කලින් පෙම්වතෙක්ගේ සින් එකකුත් යන බව මං උඩින් කිව්වානේ. එහෙනම් ඉතින් මේ චිත්‍ර‍පටිය රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



Raaz පෙර චිත්‍ර‍පටි මෙතැනින් ලබාගන්න
RAAZ 2 [2009] සිංහල උපසිරැසි සමඟින්
Raaz 3 [2012] සිංහල උපසිරැසි සමඟින්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment