Dear Zindagi (2016) සිංහල උපසිරැසි සමඟින්


Dear Zindagi (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dear Zindagi (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 15 sec)
01-07-2017 at 01:10 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 34 - Views: 61705



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Dear Zindagi එහෙමත් නැත්නම් ආදරණිය ජිවිතය... මේක ගෞරි ශින්දේ ගේ අධ්‍යක්ෂණයක්. ඇය ගැන කිව්වොත් ඇයව ගොඩක් අය හදුනා ගත්තේ English Vinglish චිත්‍ර‍පටියෙන්... ඒ වගේම මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන්න Alia Bhatt හා Shah Rukh Khan රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම මතකද දන්නේ නැහැ ෆෝබීයා චිත්‍ර‍පටියේ කටකාර චරිතයක් හිටියා... ඒ චිත්‍ර‍පටියේ හිටපු Yashaswini Dayama ත් මේ චිත්‍ර‍පටියෙත් ආලියා බාට් ගේ මිතුරියක් ලෙස රඟපානවා...

කතාව ගැන කියන්න කලින් ඊට කලින් කියන්න ඕනි මේ චිත්‍ර‍පටිය නම් මං විනාඩි දහක් විතර දාලා නැවත බැලුවා. මොකද චිත්‍ර‍පටියේ මඟක් විතර ගියාම උපදේශන සේවා වල කියන බර බර වාක්‍ය කතා ගොඩක් තියනවා. එවා අපිට තේරුම් ගන්න දාන්නත් එපැයි නේ. ඉතින් ඒ විදියට කලා. ඒ වගේම පහුගිය චිත්‍ර‍පටිවල මං පාවිච්චි කරපු වචන විලාසයත් වෙනස් කලා. මොකද මේක ටිකක් සංකිර්ණ කතාවක් තියන ෆිල්ම් එකක් නිසා සබ් එකෙන් පිස්සු කෙලින්න හොද නැති නිසා. විහිළු කරන්නත් වෙලාවයි තැනයි බලපානවානේ නේද? ඉතින් ටිකක් විනෝදයට බර ෆිල්ම් එකක් නම් අපිත් ටිකක් විනෝදවෙන්න උපසිරැසිය අපේ විදියට දානවා. මේක එහෙම නැහැ. මේක කොහොමත් ඔයාලා ජිවිතේට දෙයක් ගන්න පුලුවන් වගේම හැම කොටසින්ම කියන වචන වලින් වගේම පෙන්වන
දේවල් වලිනුත් කුමක් හරි අපිට දනවලා දෙනවා.

කතාව ගැන කියන්නම් කෝ.... කයිරා කියන්නේ චිත්‍ර‍පටි කැමරා කරන ශිල්පිනියක්. තාම නවකයෙක් නමුත් ඇයගේ ජිවිතේ ප්‍ර‍ශ්න වලින් පිරිලා. මේ ප්‍ර‍ශ්න මුදල්හදල් ගැන නම් නෙමෙයි ඇයට තමන්ගේ ජිවිතේ ගැන ආදර සම්බන්ධකම් ගැන ලොකු සිත්තැවුලක් තියනවා. ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ගේ තමන්ගේ සම්බන්ධය ගැනත්.. ඇයගේ මේ ප්‍ර‍ශ්න විසදගන්න එක්තරා පුද්ගලයෙක් හමුවෙනවා ඒ තමයි ඩොක්ටර් ජගින්දර් ඛාන්. ඔහු උපදේශන සේවාවක් කරන්නේ. කයීරාගේ ජිවිත කතාවත් මේ හරහා අපිටත් බලන්න පුලුවන් වෙනවා වගේම ඩොක්ටර් ජගින්දර් ඛාන් හා කයීරා අතර ගොඩනැගෙන සම්බන්ධතාවයත් කෙසේ වේවිද කියලා බලන්න පුලුවන්... කතාව විස්තර කරන්න උවමනා නැහැ තවත් මං දන්නවා ශාරුක් ඛාන් හා අලියා බාට් ඉන්න චිත්‍ර‍පටියක් ඔයාලා මිස් කරන්නේ නැහැ කියලා. ගිහින් එන්නම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment