Wajah Tum Ho (2016) සිංහල උපසිරැසි සමඟින්


Wajah Tum Ho (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Wajah Tum Ho (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
01-17-2017 at 08:20 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 36 - Views: 48565



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Vishal Pandya විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 වසරේ චිත්‍ර‍පටිය අරගෙනයි ආවේ. ඔහු චිත්‍ර‍පටි නිර්මාණය කරන්නේ වසරකට එකයි. මතක ඇතිනේ හේට් ස්ටොරී චිත්‍ර‍පටි මාලාව. එය අධ්‍යක්ෂණ කලෙත් ඔහු විසින්ම තමයි... ඉන්දියාවේ නවක සිනමා තරු ගොන්නේ කිප දෙනෙක්ම මේ චිත්‍ර‍පටිය හැඩකරනවා... ඒ අපි කවුරුත් දන්න Rajneesh Duggal,Gurmeet Choudhary,Sharman Joshi වගේම සෙසු හින්දි චිත්‍ර‍පටි වල සහාය චරිත කරපු Sana Khan විසින් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන නිළියගේ චරිතය නිරුපණය කරනවා. මිට අමතරව ගීත දෙකක් සදහා ආරාධිත රංඟනයෙන් දායක වෙනවා Zareen Khan වගේම Sherlyn Chopra යන නිළියන් දෙදෙනා විසින්.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මුළු චිත්‍ර‍පටියම ඔහුගේ කලින් චිත්‍ර‍පටි ආරට වගේම ආදරය,කුතුහලය,වෛරය නොඅඩුව කැටිවෙලා තියනවා. කතාව පටන් ගන්නේ පොලිසියේ පුද්ගලයෙකුගේ මරණයෙන්. මේක එසේ මෙසේ මිනිමැරිමක් නෙමෙයි. මේ මිනිමැරුම කරන කෙනා විසින් මෙය රුපවාහිනි නාලිකාවක සජිවිව විකාශනය කරනවා විකාශන තරංගය හැක් කරලා. (ඉන්දියාවේ ගොඩක් පාවිච්චි කරන්නේ අපේ ඩයලොග් ටිවි වගේ කනෙක්ෂන් නිසා ඒ වගේ වැඩක් කරන්න පුලුවන් හැකියාවක් තියනවා නැත්නම් ඔයාලා හිතාවි කොහොමද ටිවි තරංග හැක් කරන්නේ කියලා) ඉතින් මේ සිදුවිම ඉන්දියාවේ මාධ්‍ය කලබන සුළු ප්‍ර‍වෘත්තියක් වෙනවා. මේ සජිවි මිනිමැරුම එක්තරා ප්‍ර‍සිද්ධ රුපවාහිනි නාලිකාවක විකාශන තරංගය හැක් කරලා තමයි විකාශය කරන්නේ. ඉතින් මේ නාලිකාව අයිති පුද්ගලයාව තමයි මේ සිදුවිමට සැකපිට අත්අඩංගුවට ගන්නේ. ඔහු රාහුල් ඔබ්රොයි. ඔහු හැකිතරම පොලිසියේදි කියනවා මේකට තමන්ගේ කිසි සම්බන්ධයක් නැහැ කියලා එත් පොලිස් පරික්ෂක කබීර් දේශ්මුක් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරනවා... මේ නිසා රාහුල් ඔබ්රොයි තමන්ගේ ඔෆිස් එකේ ඉන්නේ නිතිඥවේදියෙක් වෙන ශ්‍රියාගේ උදව් ගන්නවා මේ නඩුවට කතා කරන්න. කොහොම හරි මේ දේ කලේ වෙන කෙනෙක් කියලා ඔප්පු වෙද්දිම.... ඒ සැකකාරයාවත් අර විදියටම සජිවිව රුපවාහිනි විකාශය තුලින් පෙන්වලා මරලා දානවා. එතකොට පොලිසියට නැවතත් ගැටළුවක් එනවා ඇත්තටම මේ මිනිමැරුම් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඉතින් ඇත්තටම මේ මිනිමැරුම් කරන්නේ කවුද කියලා බලන්න මේක අරන්ම බලන්නකෝ...

මේ කාරණාව කියන්නම ඕනි මං මේ දිලා තියන කොපිය අරගන්න. මේ චිත්‍ර‍පටියට නිකුත් කරලා තියන උපසිරැසි ගොනු කතාවට ගැලපුනේ නැහැ. පොඩ්ඩක් හරි ගැලපුන සබ් එකත් සමහර තැන් වල කියන්න කලින් යනවා. ඉතින් මං සබ් ෆයිල් එකත් එඩ්ට් කර කර තමයි සබ් එක කලේ. ඒ නිසා මේ දිලා තියන කොපි එකම ගන්න. ඒක කොලිටියටම තියනවා. එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍ර‍පටියක් අරන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment