Chennai 600028 II Second Innings (2016) සිංහල උපසිරැසි සමඟින්


Chennai 600028 II Second Innings (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Chennai 600028 II Second Innings (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
01-20-2017 at 08:24 PM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Tamil Movies
Favorites: 25 - Views: 31939



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ඉතින් යාළුවනේ මන් ආවේ මගේ 7වෙනි නිර්මාණය අරගෙන,ඉතින් කියන්නම ඕන කාරණයක් තියෙනවා,මේක මන් කරන්න සෑහෙන ගේමක් දුන්නා.මොකද දන්නවද මේකේ ලයින්ස් ආසන්න වශයෙන් 3000ක් තිබුනා.ඉතින් කොහොමහරි වැඩෙ පත්තු කරගෙන ඔයාලට බලන්න ඉක්මනින්ම අරගෙන ආවා. ඉතින් දැන් ෆිල්ම් එක ගැන කිව්වොත්.මේක කරලා තියෙන්නේ දෙමළ සිනමාවේ ප්‍රසිද්ධ අධ්‍යක්වරයෙක්.නම තමා වෙන්කට් ප්‍රභු.අහලා තියේද, හ්ම් එහෙනම් සූර්‍යා රගපාපු මාස්,අජිත් රගපාපු මාන්ගාතා,එතකොට කාර්ති රගපාපු බිරියානි,ඒවා බලලා තියේද.අන්න ඒ ප්‍රසිද්ධ ෆිල්ම් කරපු කෙනාගේ වැඩක් තමා මේකත්.ඉතින් මේකේ පලවෙනි කොටසක් ආවා 2007දි.ඒකේ සිංහල නිෂ්පාදනයක් වුනා සුපර් සික්ස් කියලා.ඉතින් ඒ පලවෙනි ෆිල්ම් එකේ දෙවෙනි නිර්මාණය ලෙස තමා නිර්මාණය කරලා තියෙන්නේ.

ඉතින් කියන්නම ඕන කාරණය තමා මේක බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්.කිසිම කම්මැලිකක් නෑ.ඒ අස්සේ පට්ට කොමඩි ටිකක් තියේ.ඉතින් අරන් බලන්න බය වෙන්නෙම ඕන නෑ.මොකද හැමතිස්සෙම බලන කතාවලින් පොඩ්ඩක් බැහැර වෙලා වෙනස් විදියකින් මේක බලන්න පුළුවන්. හ්ම් එහෙනම් ෆිල්ම් එක ගැන පොඩිත්තක් කියන්නම් දැනගන්න.හ්ම් මතකද පලවෙනි එකේ හිටපු කට්ටිය,ඉතින් දැන් මේකේ ගොඩක් කට්ටිය මාමලා වෙලා.ඒ කියන්නේ බැඳලා පවුල්කාරයෝ වෙලා ටිකක් තරුණ වයස පහු කරලා. මෙයාලට හම්බෙලා තියෙන බිරින්දෑවරුන් ටිකනම් ලේසි නෑ.මොකද එයාලා පට්ට වසයි.ඉතින් එයාලගේ නීතී රෙගුලාසි මත තමා මෙයාලා ජීවත් වෙන්නේ.ඒ නිසා මෙයාලා කරගෙන ආපු ක්‍රිකට් සෙල්ලම නැවතිලා,සමහර අය විදෙස්ගත වෙලා.ඉතින් ඔය අස්සේ තමා කණ්ඩායමේ හිටපු රගුගේ කසාදය කරන්න කටයුතු වෙන්නේ.ඉතින් මේ කසාදය කරන්න ලෑස්ති වෙන්නේ රගුගේ ගෑනු ලමයගේ ගමේ.මේකට යන්න ශාර්ක් කණ්ඩායමේ හැමෝම එකට එකතු වෙනවා. අන්න ඒ ගමට ගියාම තමා ඉතින් කතාව නියමෙටම පටන් ගන්නේ.ඒ කිව්වේ ජරමර ගොඩයි.මතකද පලවෙනි කොටසේ ශාර්ක් කණ්ඩායමට දුවන්න පොඩි සෙට් එකක් දෙනවා.අන්න එයාලත් මේකට එනවා.ඉතින් මේ මාමලා වයසට ගියාට මෙයාලගේ ක්‍රිකට් එක තාම වයසට ගිහින් නෑ. ඉතින් ඇති නේද ෆිල්ම් එක ගැන කීවා.ඉතින් jai, shiva, prem ji,aravind akash ප්‍රධාන චරිත රගපාන මේකත් දැන් ඔයාලා zoom එකෙන් බලන්න.ඉතින් ඊලග නිර්මාණෙන් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment