Befikre (2016) සිංහල උපසිරැසි සමඟින්


Befikre (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Befikre (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
01-31-2017 at 08:43 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 16 - Views: 34771



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2016 වසරේ දෙසැම්බර් මස තිරගත වුන නියම මසාලා ගණයට අයත් කොමඩි ෆිල්ම් එකක් තමයි මේ අරන් ආවේ. සමහර අයට මේ චිත්‍ර‍පටිය ඇල්ලුවේ නැහැ. එත් මට නම් සිනමා ශාලාවක ගිහින් ගිය අවුරුද්දේ බලපු චිත්‍ර‍පටි වලින් ආසාවෙන්ම බැලුවේ මේක කියන්න පුලුවන්. සංකිර්ණ විදියට හිතන්න ගන්න කතාවක් නැහැ තමයි එත් ලස්සන ගීත කිහිපයක් තියන හිතේ නිදහසින් චිත්‍ර‍පටියක් බලන්න කැමැති නම් මෙන්න තියනවා නියම ප්‍ර‍තිකාරයක්. චිත්‍ර‍පටියේ කතාව අධ්‍යක්ෂණය නිශ්පාදනය සේරම කරන්නේ අදිත්‍ය චොප්රා විසින්. ප්‍ර‍ධාන චරිත වලට පණ පොවන්නේ Ranveer Singh හා Vaani Kapoor විසින්. මේ චිත්‍ර‍පටිය කතා වෙන්න ප්‍ර‍ධානම හේතුවක් තමයි චිත්‍ර‍පටියේ තියන සිපගැනිම් දර්ශන. මේ චිත්‍ර‍පටියේ කතාවත් එක්ක වගේම රූගත කරන්නේ පැරිස් වල නිසාම ඒ වගේ දේවල් තිබ්බා කියන එක අවුලක්ම වෙන එකක් නැහැ. ඒ වගේම කවදාවත් ලංකාවේ රුපවාහිනි නාලිකාවකින් නම් මේ චිත්‍ර‍පටිය බලන්න හිතන්න වත් එපා. එහෙම උනොත් මුල මැද අඟ කතාවේ කැලි කපලා තමයි පෙන්වන්න වෙන්නේ....

මේ චිත්‍ර‍පටියේ ලස්සනම ගීත තමයි. නමුත් ඉංග්‍රිසි සබ් එකේ සිංදු වල තැනින් තැන තිබ්බේ. ඒ වගේම නාමාවලිය යන තැනත් සිංදුවේ සබ් තිබුනේ නැහැ. ඉතින් එවාට අංකන දත්ත පිටපතක් සකස් කරලා සිංදු සම්පුර්ණයෙන්ම දැම්මා. ඒකට අංකන දත්ත පිටපත හදන්න මට නවින් උදව් කලා. ඒකටත් බොහෝම ස්තුතියි.

කතාව ගැන කිව්වොත් ධරම් පැරිසියට එන්නේ තමන්ගේ යාළුවාගේ ව්‍යපාරවලට උදව් වෙන්න හිතාගෙන. ධරම් කියන්නේ ටිකක් විනෝදයට බර කෙනෙක්. ධරම් පැරිසයට ඇවිල්ලා පලවෙනි දවසේම ඔහුට ශයිරාව හමුවෙනවා. දෙන්නා මේ හම්බවෙන පලවෙනි දවසෙන්ම සැහෙන විනෝද වෙනවා. ටිකෙන් ටික ධරම් හා ශයිරා ආශ්‍ර‍ය කරන්න පටන් ගන්නවා. මේ දෙන්නා එක නිතියක් තමන්ට දාගන්නවා. ඒ තමයි දෙන්නාට දෙන්නා කවදාවත් ආදරය කරන්නේ නැහැ කියලා. හැබැයි කාලයක් යද්දි මේ දෙන්නාගේ මේ යාළුකම නැතිවෙලා යනවා. ඒ දෙන්නාගේ නොගැලපිම් නිසා. එත් ධරම් කැමැති නැහැ ශයිරාගෙන් ඇත් වෙන්න. කොහොම හරි දෙන්නා ආපහු යාළුකමක් ගොඩනගා ගන්නවා. මේ අතර තමයි කතාවට තවත් කෙනෙක් එන්නේ.... මේ පැමිණිමත් එක්ක තමයි ධරම් දැනගන්නේ තමන්ටම නිතියක් දාගත්තාට කවදාවත් ශයිරාට ආදරය කරන්නේ නැහැ කියලා ඇය ගැන ඔහු හිතනවා කියලා.

කතාව ඔන්න ඔහොමයි යන්නේ. කොමඩි ආදරය පිරිච්ච පැය දෙකක් ගත කරන්න ඔන්න එහෙනම් අවසර තියනවා. මම නම් ඉහලින්ම මේ චිත්‍ර‍පටිය නිර්දේශ කරනවා. හින්දි චිත්‍ර‍පටි රසිකයන්ට නම් මේක හොද අත්දැකිමක් වේවි. ගොඩක් මේ වගේ පිස්සු නටලා ඉන්න ආදරවන්තයින් නැතුවාම නෙමෙයි. මේ වගේ පිස්සු නටන නිසාම ඒ වගේ අයට ප්‍ර‍ශ්නත් වැඩියි. ඉතින් බෝහෝවිට වෙන්විමක් වෙන්නේ. හැබැයි මේ චිත්‍ර‍පටියේ කියන විදියට ඇත්තටම එහෙම අය වෙන් වෙන්නම ඕනිද?..... මං ගියා එහෙනම් තවත් මේ වගේ නිර්මාණයකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment