Mine (2016) සිංහල උපසිරැසි සමඟින්


Mine (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mine (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
02-27-2017 at 08:31 PM
Uploaded by HEDZ

Rating: 2 after 1 votes

Various Movies
Favorites: 33 - Views: 53077



Tags:


උපසිරැසි ගැන්වීම: අබිෂ් ධනංජය හා නිශාදි වික්‍ර‍ම


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




අබිෂ් ධනංජය විසින් අප වෙත එවු ලිපිය

සතියකට ආසන්න නිහැඬියාවක අනතුරුව මේ ගේන්නේ ටිකක් වෙනස් අන්දමේ හමුදා චිත්‍රපටයක්...මේක කරන්න අරං සති දෙකකටත් කිට්ටුයි....බාගයක් කරලා නතර කරලා තිබුණා...බාගේ බාගේ කරපුවනම් පහක් හයක් වගේ තියෙනවා...ඒවත් පුළුවන් විදිහට කරලා දෙන්නම්...මේක වෙනම භාෂාවක නිර්මාණය වුවක්...මේක ගැන වැඩි විස්තරයක් මං හොයන්න ගියේ නෑ...දැනට බලපු අයත් ඇති කොහොම වුනත් ලස්සන කතාවක් තියෙන්නේ..දෙගිඩියා වෙන් වගේ බලන අයට මුලින් ට්‍රේයිලර් එක බලලා ඉන්න කියලා කියනවා..මොකද පස්සේ කියයි "අපෝ මේක මෙලෝ රහක් නෑ කියලා" වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමුනේ...

කතාවේ සෙබළුන් දෙන්නෙක්ව යොදවනවා සහරා කාන්තාරයට... ත්‍රස්ත නායකයෙක්ව ඝාතනය කරන්න කියලා... කොහොම නමුත් මෙහෙයුම අසාර්ථක වෙනවා...මෙයාල කඳවුරට කතා කරලා කියනවා මෙයාලව අරගන්න එන්න කියලා...එත් එයාලට මෙයාල ඉන්න තැන හොයා ගන්න බැරි හිංදා මෙයාලට නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන ගමකට එන්න කියනවා...මෙයාල කාන්තාරය මැද්දෙන් වැලි කුණාටු අතරින් යනකොට බිම් බෝම්බ තියෙනවා කියලා කියවෙන බෝඩ් කෑල්ලක් ගහගෙන එනවා... හැබැයි කෙනෙක් මේක විශ්වාස කරනවා අනිත් කෙනා විශ්වාස කරන්නේ නෑ...ඔහොම යනකොට එක්කෙන්ක්ට බෝම්බයක් පෑගෙනවා...පෑගුනහම ඉතිං මොකුත් නොවී තියෙන්නේ නෑනේ...(මොකද වෙන්නේ කියලා බලලා දැනගන්නකෝ)...එයාට විතරක් නෙමේ අනිත් කෙනාටත් බෝම්බයක් පෑගෙනවා...හැබැයි එයා කකුල බෝම්බෙන් ගන්නේ නෑ...ඉතිං ඕකයි වෙන්නේ...අනිත් කෙනාට බේරෙන්න පුලුවන් වේවිද...එහෙනම් නොබලපු අය බලන්න අනිත් එක තමයි කමෙට් දාන්න කියලා ඉල්ලන්නේ නෑ...මොකද විවිධ හේතුන් නිසා එක කරන්න බැරි වෙන්න ඇති..එත් ඔයාලට පුළුවන් එක දෙයක් කරන්න ZooM.lk ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාන්න...එක කරන්න බැරි කමක් නෑනේ...මොකද ෆේස්බුක් එකේ නැති කෙනෙක් නෑනේ... බයින්න බලන් ඉන්න අයට බනින්නත් පුළුවන්... අපි වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි උදව්වක් තමා එක...එහෙනම් මං ගියා නැවත හමුවෙමු...හැමෝටම ජය!



නිශාදි වික්‍ර‍ම විසින් අප වෙත එවු ලිපිය


මේ චිත්‍රපටිය ඉතාලි ඇමරිකානු බාෂා දෙකෙන්ම නිකුත් වුන සිනමාපටයක්. හමුදාමය චිත්‍රපටි වලට ආස කරන අයට වගේම අනිත් සංවේදී කතා නරඹන්න කැමතිඅයටත් මම මේ කතාව නිර්දේශ කරනවා ඉහලින්ම. IMDb 6.7 අගයක් ගත්ත මේ සිනමා පටයේ Armie Hammer, Annabelle Wallis ආදී නළු නිලියන් රංගනයෙන් එකතු වෙනවා.කතාව වෙන්නේ මෙහෙමයි, ඇෆ්රිකාවේ මෙහෙයුමකට ගිය සෙබළු දෙදෙනෙක් ඒ මෙහෙයුම කරගන්න බැරි වෙලා ගරිල්ලා සංවිධානේකට අහුවෙන්නේ නැතුව බේරෙන්න ගිහින් කාන්තාරේ අතරමන් වෙනවා. මෙයාලගේ රේඩියෝ එකෙන් තමන් ඉන්න තැන ගැන මුලස්ථානයට දැන්වුවත්,එයාලට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පස්සේ මේ මිතුරන් දෙදෙනා ගම්මානයක් හොයාගෙන කාන්තාරේ ඇවිදගෙන යනවා.එයාලට මිනි ඔලු කට්ටක රුපයක් තියෙන තහඩු කෑල්ලක් මගදී හමු වුනත් එයාල ඒ ප්‍රදේශයේ තියෙන භයානක බව නොසිතාම ඉදිරියට යනවා. එහෙම යද්දී එකවරම වලලා තිබ්බ බිම් බෝම්බෙකට එක යාලුවෙක් අහු වෙනවා. ඒ එක්කම අනිත් යාළුවා අඩිය තියන්නෙත් බිම් බෝම්බයකට.ඉතින් ඉතිරිය කුමක් වේවිද කියල බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. බිම් බෝම්බයට කකුල තිබ්බ කෙනා ඒකෙන් බේරෙයිද? බිම් බෝම්බෙට අහු වෙලා වැටුනකෙනා මැරෙයිද? ඔක්කොටම උත්තර අවසන් වෙනකල් බලද්දී තේරෙයි.



  • දෙදෙනා විසින් අප වෙත එවු උපසිරැසි දෙකම ගොනුවේ තබා ඇති බැවින්. ඔබ වැඩියෙන්ම කැමැති උපසිරැසි සම්පාදකයාගේ උපසිරැසිය සමඟින් නරඔන්න.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම (x265) ඇතුළු Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 790MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 790MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අබිෂ් ධනංජය හා නිශාදි වික්‍ර‍ම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment