Kahaani 2 (2016) සිංහල උපසිරැසි සමඟින්


Kahaani 2 (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kahaani 2 (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 22 sec)
03-04-2017 at 09:14 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 16 - Views: 26779



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Kahaani (2012) චිත්‍රපටය නැරඹු කෙනෙකුට නම් මෙම චිත්‍රපටය නරඹන ලෙස අමුතුවෙන් නිර්දේශ කිරීමට වුවමනා වෙන එකක් නැහැ. ඒ තරම්ම කහානි පළමු චිත්‍රපටය ප්‍රේක්ෂක, විචාරක ප්‍රසාදයට ඉහළින්ම දිනාගත්තා. පුද්ගලිකව මම කැමතිම බොලිවුඩ් චිත්‍රපට අතරේ දෙවන ස්ථානයේ තිබෙන්නේ කහානි පළමු චිත්‍රපටය. මෙම Kahaani 2 චිත්‍රපටයත් පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුජෝයි ඝෝෂ්ගේම අධ්‍යක්ෂණයක්. පළමු චිත්‍රපටයේදි ප්‍රධාන චරිතයට පණ දුන් විද්‍යා බාලන් සුපුරුදු පරිදි මෙම චිත්‍රපටයෙදිත් ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරම අර්ජුන් රාම්පාල් උප ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

තවත් කිය යුතුම දෙයක් තිබෙනවා. ඒ ඔබ මෙහි පළමු චිත්‍රපටය නරඹා නැති කෙනෙක් වුනත් කිසිදු බාදාවකින් තොරව ඔබට මෙම චිත්‍රපටය නරඹන්නට පුලුවන්. මොකද පළමු කහානි චිත්‍රපටයේ කතාවත් සමගින් මේ චිත්‍රපටයේ කතාවට කිසිදු සම්බන්දයක් නැහැ. ඒ වගේම මතක් කරනවා පළමු කහානි චිත්‍රපටය තවමත් නරඹා නැති අයට අනිවාර්යෙන්ම එම චිත්‍රපටයත් නරඹන හැටියට. මොකද Kahaani (2012) චිත්‍රපටය බොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම චිත්‍රපට අතුරින් එකක් බවට කිසිදු විවාදයක් නැහැ. එහි කළ රංගනය වෙනුවෙන් විද්‍යා බාලන් එම වසරට අදාලව පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි සහ තවත් සම්මාන උළෙලවල් කිහිපයකදීම හොඳම නිළිය ලෙසින් සම්මානයට පවා පාත්‍ර වුනා. ඒ වගේම මෙම කහානි 2වන චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනුත් අවසන් වරට පැවති ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙදි විද්‍යා බාලන් හොඳම නිළිය සම්මානයට නිර්දේශ වුනා.

විද්‍යා සින්ග් තමන්ගේ දියණිය වන මිනීට තමන්ගේ පණටත් වැඩියෙන් ආදරය කරන මවක්. අංශබාග රෝගී තත්ත්වයෙන් පෙළෙන මිනී තමන්ගේ මවටත් ඒ තරමටම ආදරෙයි. දුප්පත් වුනාත් ඔවුන් දෙදෙනා බොහෝම නිහඩව තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා බොහෝම සෙනෙහසින්, ලෙන්ගතුකමින් සහ සතුටින්. අංශබාග තත්ත්වය නිසාවෙන් ඇවිදින්නට නොහැකි තමන්ගේ දියණියව නැවත දෙපයින් නැගී සිටුවීම තමයි විද්‍යාගේ ජීවිතයේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා ඇයව ආමරිකාවට ගෙන ගොස් වෛද්‍ය ප්‍රතිකාර කිරීමටයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඇය බොහොම සකසුරුවමින් යුතුව විය හේදම් කරමින් ඊට අවශ්‍ය මුදල් එකතු කරගන්නවා.

විද්‍යා රැකියාවට යන නිසා මිනීව දහවල් කාලයේ බලාකියාගන්න හෙදියක් දිනපතා උදෑසන විද්‍යාගේ නිවසට එනවා. නමුත් එක් දිනක් එම හෙදිය එන්නට ප්‍රමාද වෙනවා. ඇය නිවසට එනතුරු විද්‍යා නිවසේ රැඳෙන්නට හැදුවාත් මිනීගේ පෙරැත්තය නිසාත් රැකියාව ස්ථානයට යන්න ප්‍රමාද වෙන නිසාත් විද්‍යා නිවසින් පිට වෙලා යනවා හෙදිය එනතුරු පරෙස්සමින් ඉන්නා ලෙසට මිනීට උපදෙස් දීලා. නමුත් එදා රැකියාවේ වැඩකටයුතු නිමා කරලා රෑ බෝ වෙලා නැවත නිවසට එන විද්‍යාට මිනීව දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවෙම විද්‍යාගේ ජංගම දුරකථනයට එනවා ඇමතුමක්. ඒ ඇමතුමෙන් කියවෙන්නේ මිනීව පණපිටින් දකින්නට වුවමනා නම් තමන් ලබා දෙන ලිපිනයට වහාම එන ලෙස. එතනින් එහාට කතාන්දරය බොහෝම තීරණාත්මකයි. පැය 2ක් පුරාවට ලොකු කුතුහලයකින් එක හුස්මට නරඹා අවසන්න කරන්නට හැකි කතාන්දර්යක් ඔබට දැක ගන්නට පිළිවන් වේවි. ඔබ නොසිතන බොහෝ දේවල් සිදු වේවි. ආරාධනා කරනවා හැම දෙනාටම කහානි 2වන චිත්‍රපටය නරඹා රසවිඳින හැටියට. තවත් උපසිරැසියක් සමගින් හමුවෙන තුරු මං ඔබෙන් සමුගන්නවා. ඔබට සුභ දවසක්. සතුටින් ඉන්න!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment