Enakku Vaaitha Adimaigal (2017) සිංහල උපසිරැසි සමඟින්


Enakku Vaaitha Adimaigal (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Enakku Vaaitha Adimaigal (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 04 sec)
03-10-2017 at 10:19 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 26 - Views: 42955



Tags:


උපසිරැසි ගැන්වීම: බුද්ධික කුමාර



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





යාළුවෝ...ඔයාලගේ ජිවිතයේ ඔයා වෙනුවෙන් අවධානමක් ගන්න යාළුවෝ ඉන්නවද,සැපේදි වගේම දුකේදිත් එයාලා ඉන්නවද.විවාහයට කලින් අපේ ජිවිතයේ ගොඩක් දේවල් ගෙදර අයත් එක්ක බෙදාගන්නවට වඩා යාළුවොත් එක්ක බෙදාගන්න අවස්තා වැඩියි, හැබැයි එහෙම කරන්නේ හොද යාළුවෙක් ඉන්නවනම් විතරයි.එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද.ඉතින් මන් මේ ලොකු දෙයක් කියන්න ගත්තා නෙවේ මේ පාර මන් ගෙනාවේ යාළුවෝ ගැන හොදින්ම කියවෙන ෆිල්ම් එකක්,ඉතින් ඒකයි පොඩ්ඩක් අද වෙන විදියකට පටන් ගත්තේ.ඉතින් මන් මේක කරනකොට මගේ යාළුවෝ කොයි වගේද කියලා හිතුනා, පස්සේ හිතලා බලපුවම ගොඩක් අය හොද අය, අවුලක් නෑ.ඉතින් ඔයාලත් තැමිල් ෆිල්ම් බලනවනම් මේක බලන්න කියලා ආරාධනා කරනවා.

පට්ට සීරීයස් විදියට පටන් ගත්තට මේක කොමඩි ෆිල්ම් එකක්.නම enakku vaitha adimaigal ඉන්නේ ජයි,කරුනාකරන්,කාලි වෙන්කට් වගේ ප්‍රසිද්ධ අය, ආවේ ගිය මාසේ දෙවෙනිදා, ඇවිල්ලා සති දෙකක් යන්න කලින් මේකේ හොද කොපියක් ආවත් වැඩත් එක්ක මේක ගේන්න පරක්කු උනා.ඉතින් අද තමයි පොඩ්ඩක් වෙලාව හම්බුනේ ඒ අස්සේ ටක් ගාලා ඉවර කරා ඔයාලට බලන්න.
හරි මෙන්න මේකයි වැඩේ යාළුවෝ හතර දෙනෙක් තමා මේ කතාවේ පුරාවටම ප්‍රධාන වෙන්නෙ,එයාලා තමා ක්‍රිශ්නා, මොහිදීන්,සෞමි,රමේශ ් ඉතින් කතාව පටන් ගන්නේ මෙයාලා නිකන් හදුන්වලා දීලා වගේ,මේකේ කතා නායකයා ක්‍රිශ්නා (ජයි) දිවිනසාගන්න තීරණයක් අරන් තියෙන්නේ ඒකට හේතුව එයාගේ ගෑනු ළමයා එයාව දාලා ගිය නිසා.ඉතින් මෙයා යාළු උනේ කොහොමද? කොහොමද වෙන් උනේ කියලත් මේකේ පෙන්නනවා.මෙයා මැරෙන්න හිතෙන එකට උපදේශනයක් ගන්න දොස්තර හම්බෙන්න ගියාම ජිවිතයේ සමහර දේවල් සුබවාදි කරගන්න පුළුවන් යාළුවෝ නිසා කියලා දොස්තරතුමා කියනවා,ඉතින් ඒක අහලා එහෙම ඇවිල්ලා ඉන්න ක්‍රිශ්නට ආයි මැරෙන්න හිතෙනවා ඔන්න ඔය වෙලේ දොස්තර මහත්තයගේ උපදෙස් අනුව යාළුවන්ට කතා කලාම ඒ එයාලා ඉන්න තත්වේ හැටියට මෙයාට උදව් කරන්න බෑ,අනික එයාල හිතන්නෙත් නෑ මැරෙයි කියලා.ඉතින් ඉන්න යාළුවො වැඩක් නෑ කියලා මෙයා ආයි මැරෙනවා කියලා හිතනවා.ඉතින් පැය ගානක් තිස්සෙ ගෙදරවත් එන්නෙ නැතුව පෝන් එක විසංධි කරලා තියෙන නිසා යාළුවෝ ටික මේක ඇත්ත කියලා හිතනවා.ඉතින් ඒ ටික වෙනකොට මරණයේ වගකීම ගන්න තරම් යාළුවෙක් අසරණ වෙලා.ඉතින් ඔච්චරයි කියන්න පුළුවන්.මෙයා මැරෙයිද.යාළුවෝ මෙයා බේරගන්න මොනවා කරයිද,මෙහෙමනම් කියන්න පුළුවන්නම් ඒකා නිසා අනිත් තුන් දෙනා මාර අමාරුවක වැටෙන්නේ.ඉතින් මේකේ ගොඩක්ම යන්නේ විහිළුත් එක්ක කිසිම කම්මැලි නැතුව බලන්න පුළුවන්,මේකේ අන්තිමට මේ දවස්වල මේකේ ප්‍රධාන නළුවා යාළුවෙලා ඉන්න ගෑනු ළමයත් එනවා පොඩි කෑල්ලකට.ඉතින් එහෙමනම් තවත් එකකින් හම්මුවෙමු




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති HD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ බුද්ධික කුමාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment