Dark Chocolate (2016) සිංහල උපසිරැසි සමඟින්


Dark Chocolate (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dark Chocolate (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
03-18-2017 at 01:31 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 20 - Views: 42007



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් හින්දි බෙංගලි කලවම් චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේක ඉන්දියාවේ සිදුවුන සත්‍ය සිදුවිමක් අලලා නිපැයුනු චිත්‍ර‍පටියක්. 2012 දි සිදුවු ''Sheena Bora murder case'' සිදුවිම අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිපදවෙන්නේ. කලිනුත් මේ වගේම මිනිමැරුමක් ගැන චිත්‍ර‍පටියක් නිකුත් උනා මතක ඇති Rahasya කියලා මරාටි චිත්‍ර‍පටක් 2008 දි සිදුවු ''Noida double murder case'' සිදුවිම අලලා. එකෙන් ලේසියෙන්ම මොවුනුයි මිනිමරුවන් කියලා පෙන්නුවා. නමුත් ඒ චිත්‍ර‍පටියෙන් පෙන්වපු කතාවට සම්පුර්ණයෙන් විරුද්ධ සැබැ සිදුවිම මෙය වෙන්න පුලුවන් යැයි කියන්න පුලුවන් වෙන විදියට හින්දි චිත්‍ර‍පටි නිර්මාණයක් ලෙස Talvar චිත්‍ර‍පටිය නිකුත් උනා. අද මේ දෙන චිත්‍ර‍පටියෙත් කිසිම සැකයකින් තොරව මිනිමරුවා මොවුන් යැයි පෙන්වනවා. නමුත් සමහර විට මේ මිනිමැරුම පිටිපස්සෙත් සැගවුන කතාවක් තියෙන්නත් බැරි නැහැ....

මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Mahima Chaudhry,Riya Sen,Mumtaz Sorcar,Shataf Figar රංඟනයෙන් දායක වෙනවා. කතාව පටන්ගන්නේ පොලිසියට නිර්ණාමික ඇමතුමක් එනවා අවුරුදු තුනකට කලින් අතුරුදහන් වුන රිනා නැමැති තරුණිය ගැන විස්තරයක් කියලා. එම ඇමතුම දෙන කෙනා පවසන්නේ ඇයව අවුරුදු තුනකට කලින් ඇයගේම මව වෙන ඉෂානි බැනර්ජී විසින් ඝාතනය කර මිනිය විනාස කර ඇති බවයි. පොලිසිය මේ ගැන පරික්ෂණ කරගෙන යනවා. සැකකරුවන් එකින් එක පොලිසිය විසින් අල්ලගන්න සමත්වෙනවා. මුලින්ම අල්ලගන්නේ ඉෂානි බැනර්ජී ගාව සේවය කරන වාහනේ රියදුරාව. මේ ඉෂානි බැනර්ජී කියන කාන්තාව බොහෝම ධනවත් කාන්තාවක්. ඇයගේ සැමියා වික්ටර් බැනර්ජී විශාල සමාගමක හිමිකරුවෙක්. හැබැයි මේ රිනා කියන්නේ වික්ටර් බැනර්ජිගේ දරුවෙක් නෙමෙයි. ඇය ඉෂානිගේ කලින් කසාදේ දරුවෙක්. මේ නිසාම සැකයක් වික්ටර් බැනර්ජිටත් යොමුවෙනවා. ඇයගේ මිනිමරුම උනේ කොහොමද? ඉෂානි එවැනි දෙයක් කරන්න හැදුවේ මොකද කියන එකයි චිත්‍ර‍පටියේ පුරාවට දිවෙන්නේ. එහෙනම් අරන් බලන්න. තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



720P 850MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment