Poseidon [2006] Sinhala Subtitles


Poseidon [2006] Sinhala Subtitles
Add to Favorites
Poseidon [2006] Sinhala Subtitles (98 min 00 sec)
09-01-2012 at 11:26 AM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

English Movies
Favorites: 150 - Views: 28048



Tags:



මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.

ඔබ විනාශකාරි චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන නිසා අපේ හෙඩ්ස් තමයි මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කලේ,ඒ නිසා ඔහුටත් ස්තූති වන්ත වෙනවා.බිය,අවදානම,ක තුහලය,ත්‍රාසය,සැක එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ "පොසිඩන්" චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා,මෙවැනිම චිත්‍රපටයක් සමග නැවතත් හමුවෙමු!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB DIRECT LINKS මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

600MB (BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


Please use the downloading page for comments..
Submit Comment