La La Land (2016) සිංහල උපසිරැසි සමඟින්


La La Land (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
La La Land (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
05-12-2017 at 01:34 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 2 - Views: 19633



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලේකට පස්සේ ආපහු ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේක නිකුත් වෙලා නම් දැන් ටික දිනක් වෙනවා. මේක උපසිරැසි කරලාත් දැන් දවසක් දෙකක් වෙනවා දාන්න වෙලාවක් හම්බුනේ නැහැ... දන්නවා නේ ඉතින් දැන් වෙසක් කාලේනේ.... ගෙදර නැහැ... ඒකයි.... කොහොම හරි මේක ඇවිත් ටික කලක් වුනත් නමුත් මට විශ්වාසයි ගොඩක් අය තාම මේක නොබලලා ඇති. මොකද කිපදෙනෙක්ටම මං මේක දානවා කියද්දිත්,ගෙදර ඇවිත් ෆිල්ම් අර යන අයට දෙන්න අහද්දිත් ඒ අයගේ පිලිතුර  උනේ ''අපෝ එපා කියලා'' මොකද මේකේ නමත් එක්ක සමහර අයට මේක නිකම් සම්බාව්‍ය චිත්‍ර‍පටියක් වගේ පේනවා ඇති. මේක එහෙම එකක් නෙමෙයි කියලා කියන්නම ඕනි. මේක ලස්සන ආදර කතාවක්. හින්දි ෆිල්ම් එකක් වගේ මැද්දට ගීත කිහිපයක් දාලා තියනවා. ඒ ඇරෙන්න තමන්ගේම හීන හබා යන පෙම්වතෙක් හා පෙම්වතියක්ගේ ලස්සන ආදර කතාවක්. මං කොහොමත් හින්දි කතා බලන කෙනෙක් නේ... ඉතින් එහෙම කෙනෙක්ට කම්මැලි නැතුව මේ චිත්‍ර‍පටිය බලන්න පුලුවන් කියන්නේ අනිවාර්යෙන් දෙපාරක් හිතන්නේ නැතුව අරගන්න... ආදරය කරලා විරහාව අත්විදලා තියේ නම් දෙපාරක් හිතන්නේ නැතුව බලන්න මොකද අන්තිම වෙද්දි ඔබව සංවේදි කරාවි මේ චිත්‍ර‍පටිය...

කතාව ගැන කියනවා නම් මියා කියන්නේ නිලියක් වෙන්න හීන දකින කෙනෙක්. එතකොට සෙබස්තියන් කියන්නේ ජෑස් සංගිතයෙන් පරිපූර්ණ වු ක්ලබ් එකක් දාන්න හින දකින කෙනෙක්මේ දෙන්නා අහම්බෙන් මෙන් එක් අවස්ථාවක මුණ ගැහෙනවා. පස්සේ මේ දෙන්නාගේ මිතු දමක් ගොඩනැගෙනවා.. එය ආදරයටත් පෙරලෙනවා... සෙබස්තියන් තමන්ගේ හිතට ගැලපෙන රස්සාවක් කරගෙන ස්වාධිනව ඉන්න කෙනෙක්. මියා හා ඔහු කිසිම ගැටළුවක් නැතුව ජිවත් වෙනවා. දිනක් මියා හා ඇයගේ අම්මා අතර වු කතා බහක් සෙබස්තියන්ට ඇහෙනවා.... ගැණු ළමයි කොහොම හිතුවාත් අම්මලා තාත්තලා හරි හමන් රස්සාවක් නැතුව ඉන්න කොල්ලෙක්ට ගැණු ළමයෙක් දෙන්නේ නැහැ නේ. සෙබස්තියන්ට මේ කතාබහේ සමහර තැන් සවනේ වැකෙනවා. ඒ අතරම තමයි සෙබස්තියන් ගේ පරණ යාළුවෙක් ඔහුට තමන්ගේ බැන්ඩ් එකේ රැකියා ඇරයුමක් සදහා කතා කරන්නේ... සෙබස්තියන් හිතාගන්නවා මුදල් හම්බකරන්න යන්න... වෙනදා වගේ නෙමෙයි ඔහු සැහෙන කාර්යබහුල වෙනවා...මියා එක්ක ගත කරන කාලය අඩුවෙනවා... ඔවුන්ගේ ආදරය ටිකෙන් ටික දුරස් වෙන්න ගන්නවා....රැකියාවක් නැති උනත්...මුදල් හදල් නොමැති උනත් කවදාවත් රණ්ඩු නොවුන මේ දෙන්නා මැද්දට හිතපු නැති ප්‍ර‍ශ්න ගොඩක් එනවා... තව ඉතින් කතාව මං විස්තර කරන්න යන්නේ නැහැ...

මේ සිදුවිම් පෙල ලස්සනට ච්‍ත්‍ර‍පටියේ සංගිතයත් සමඟින් ගලපලා තියනවා... ඒ වගේම අවසානය නම් සංවේදියි. සමහර විට සමහර දේවල් නොවුනා නම්.... සමහර විට අපි ඒ වගේ තිරණ නොගත්තා නම්... අවසානය කොතරම් ලස්සන වෙන්නට තිබුනාද..... ඒක විදින්න පුලුවන් මේ චිත්‍ර‍පටිය නැරබුවාම.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BRRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment