Kadugu (2017) සිංහල උපසිරැසි සමඟින්


Kadugu (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kadugu (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
06-04-2017 at 10:18 AM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 17 - Views: 56755



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





"ලෝකය වැඩිපුරම දුක් විඳින්නේ දුෂ්ටයන්ගේ කුරිරුකම් නිසා නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාව නිසාය" යන සුප්‍රකට කියමන ප්‍රේක්ෂකයන්ගේ ඇස් ඉදිරිපිට ඔප්පුකර පෙන්වන චිත්‍රපටයක්. Goli Soda චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විජය් මිල්ටන් ගේ නවතම නිර්මාණයයි.

ගමකට පැමිණෙන තරුණ වයස ඉක්මවූ සම්ප්‍රදායික කොටි නැටුම් ශිල්පියෙක්, (ඔහු පැමිණෙන්නේ පොලිසියේ අතවැසියෙකු ලෙසයි ) ඔහු සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගා ගන්නා පොලිස් භටයෙක්, ඔහුගේ අනුකම්පාව ලබන දුප්පත් දැරියක්, අසරණවූ ළමුන්ට උගන්වන ගුරුවරියක්, ගමේ තරුණයන් අතර නායකත්වය දරන බොක්සිං පුහුණුකරුවෙක් මෙහි ප්‍රධාන චරිත වෙනවා. මේ චරිත සමග ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබෙන්නේ කිසිසේත්ම අලුත් කථාවක් නම් නොවෙයි. අපි හොඳින් දැක පුරුදු සරල කතාවක් වුණත් මේ චිත්‍රපටයේ සුවිශේෂත්වය රැඳී ඇත්තේ කථාව තුල නොව චරිත ගොඩනැංවීම තුලයි. විශිෂ්ට ලෙස ගොඩනගා ඇති චරිත නිරූපණයක් සමග ඊටම ගැලපෙන නාට්‍යමය අවස්ථා සහිතව දිගහැරෙන චිත්‍රපටය ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල කම්පනයක් ඇතිකර අලුතෙන් යමක් සිතන්නට පොළඹවනවා.

සාමාන්‍ය ඉන්දීය Mainstream චිත්‍රපටයක දකින්නට ලැබෙන ආකාරයේ පැහැදිලි වීරයෙක්, දුෂ්ටයෙක් හෝ විහිළුකාරයෙක් වශයෙන් චරිත වෙන්කර ගැනීමට නොහැකිවීම මෙහි ඇති සුවිශේෂ ලක්ෂණයක්. ප්‍රකට කැමරා අධ්‍යක්ෂවරයකුද වන විජය් මිල්ටන් තිර නාටකය මෙන්ම කැමරාව හා සංස්කරණයද උපරිමයෙන් යොදාගෙන ප්‍රේක්ෂකයන් තුල ප්‍රබල භාව කම්පනයක් ඇතිකර අමුතුම සිනමාත්මක රසාස්වාදයක් ලබාදීමට සමත් වෙනවා. මෙය ඔහු මීට පෙර තැනූ 10 Endrathukulla ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින චිත්‍රපටයක්. අතිශය සම්ප්‍රදායික කථා පුවතක් ඔහු නැවුම් සිනමා අත්දැකීමක් බවට පත්කර ඇත්තේ සියුම්ව ගොඩ නැගූ නාට්‍යමය අවස්ථා සහ තියුණු දෙබස් තුලින් මේ චරිතවල නොපෙනෙන පැතිකඩවල් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ගෙනහැරපෑම මගිනුයි.
භරත්, රාජකුමාරන් හා රාධිකා ප්‍රසිද්දා වැනි නළු නිළියන්ගේ රංගනයෙනුත්, S. N. අරුණගිරි ගේ සංගීතයෙනුත් චිත්‍රපටයට ලැබෙන්නේ ලොකු එලියක්. අවසානය මීට වඩා තරමක් ප්‍රබල වුණා නම් අති විශිෂ්ට විය හැකි යයි සිතෙන Kadugu, 2017 වසරේ දෙමළ චිත්‍රපට අතර නැරඹීමට වටින තවත් චිත්‍රපටයක්.



ලිපිය - ‎Wojith Karunanayake‎.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment