Kavan (2017) සිංහල උපසිරැසි සමඟින්


Kavan (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kavan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
06-06-2017 at 09:03 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 24994



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කේ. වී. ආනන්ද් - සුබා සුසංයෝගයෙන් බිහිවූ හයවන චිත්‍රපටය වන මෙය ඔවුන් මීට පෙර නිර්මාණය කළ Ko මෙන්ම මාධ්‍ය හා දේශපාලනය පසුබිම් කරගත් කතාවක්. මාධ්‍යවේදියකු ලෙසින් ජීවිතය ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් ප්‍රමුඛතම රූපවාහිනි නාලිකාවකට එක්වෙන තරුණයෙක් , එහිදී ඔහුට හමුවෙන තමන් හා එකම විද්‍යාලයක මාධ්‍යකරණය හා සිනමාව ඉගෙනගත් යෙහෙලිය, විවිධ ජනතාව තමන්ගේ දැනීමේ තරමට විහිළුකාරයෙක්, මැරයෙක් හා බේබද්දෙක් වශයෙන් හඳුනාගත් දේශපාලනඥයෙක්, දේශපාලන හා වෙළඳ අරමුණු වෙනුවෙන් තොරතුරු හා සිදුවීම් විකෘතිකර ඉදිරිපත් කරමින් ජනමතය හසුරුවන රූපවාහිනී මධ්‍ය ආයතනයක් පසුබිම් කරගත් මෙය ඔවුන්ගේ Ayan, Ko, Maatran වැනි සිනමාපට හා සුබාගේ තිර රචනයක් වන Thani Oruvan මෙන්ම ප්‍රේක්ෂකයන් මනාව අලවා තබාගන්නා ෆැන්ටසියක් සමග යටින් දිවෙන ප්‍රබල සමාජ දේශපාලන ප්‍රකාශනයක් සහිත චිත්‍රපටයක්. විද්‍යුත් මාධ්‍යවලින් නිපදවෙන සංගීතමය reality තරග හා දේශපාලන සංවාදවල පසුබිමේ ඇති ව්‍යාජත්වය, බොරුව විවරණය කෙරෙන චිත්‍රපටයක්.

මෙතෙක් රඟපෑ චරිත වලින් වෙනස්ව 28 හැවිරිදි නාගරික තරුණයකු ලෙස රඟපාන විජය් සේදුපති තමන්ට ඕනෑම චරිතයක් නිරූපණය කළ හැකිබව තවදුරටත් පෙන්නුම් කරනවා. හාස්‍ය මුසු චරිතයක් රඟපාන ටී. රාජේන්දර්ගේ රංගනයත් විශේෂයි. කේ. වී. ආනන්ද්ගේ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ හැරිස් ජෙයරාජ් වෙනුවට මෙවර තෝරාගෙන ඇති Hiphop තමිලාද තම වගකීම මැනවින් ඉටුකරනවා. කේ. වී. ආනන්ද් හා සුබාගේ ප්‍රබල තිර රචනය මෙහිදීත් සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී තියනවා. (පහුගිය කාලයේ දෙමළ චිත්‍රපට නොබලන බොහෝ දෙනෙකුත් රැල්ලට නැරඹූ ධනුෂ්ගේ Kodi වල තිබුණේ තනිකරම මොවුන්ගේ චිත්‍රපටවලින් අහුලාගත් කෑලි ) අතිරේක දෙබස් රචකයකු වශයෙන් සහභාගි වී සිටින කපිලන් වෛරමුත්තු චිත්‍රපටයේ දෙබස් වලට කාව්‍යමය බවක් එක්කර තියනවා.

Thriller ලක්ෂණ සහිතව සමාජ දේශපාලනික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන Kavan කේ. වී. ආනන්ද්ගේ සිනමා ගමනේ ලොකු ඉදිරි පියවරක් නොවුණත් මේ වසරේ එලිදැක්වුණ දෙමළ චිත්‍රපට අතර නරඹන්නට වටිනාකමක් ඇති චිත්‍රපටයක්.



ලිපිය - ‎Wojith Karunanayake‎.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment