Naam Shabana (2017) සිංහල උපසිරැසි සමඟින්


Naam Shabana (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Naam Shabana (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 13 sec)
06-19-2017 at 11:28 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 22 - Views: 31372



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




ඇය නමින් ෂබානා ඛාන්. ඉතාමත් නිර්භීත, බුද්ධිමත්, ශක්තිමත් නමුත් හිතුවක්කාර තරුණියක්. ළමා කාලයේ පටන් කටුක, අමිහිරි අත්දැකීම් ගොන්නකට මුහුණු දුන් කෙනෙක්. බේබදු පියාගේ හිරිහැරවලින් ඇයත් ඇයගේ මවත් බොහෝ කාලයක් පටන් පීඩා විඳිනවා. එවන් එක් අවාසනාවන්ත දිනෙක බීමත් පියාගේ දරුණු පහරකෑමට ලක්ව සිටින තමන්ගේ මව බේරා ගැනීම වෙනුවෙන් පියාට එල්ල කරන පහරකින් ඇයගේ පියා මිය යනවා. ඒ වෙනුවෙන් වසර කිහිපයක් සිර දඬුවම් පවා විඳින ඇය ඉන් නිදහස්ව පැමිණි නැවතත් තමන්ගේ මව සමගින් වාසය කරමින් උසස් අධ්‍යාපනය හදාරනවා. එහිදී ඇයට මුණගැසන ජය නම් තරුණයෙකු සමග පෙමින් බැඳෙන ෂබානා සොයා නැවතත් අවාසානාව පැමිණෙන්නේ ඉතාමත් අනපේක්ෂිත අයුරින්. ජය සමගින් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සල්ලාල තරුණයක් කිහිප දෙනෙකු නොමනා අයුරින් කරන විහිළුවක් නිසාවෙන් කෝපාවිශ්ඨ වන ඇය එම තරුණයන් සමගින් ගැටුමකට මුලපුරන්නේ ජායිගේ විරුද්ධත්වයද තඹයකට මායිම් නොකරමින්. තරුණයක් අතර සිරවන ෂබානා බේරාගැනීමට ගැටුමට මැදිහත් වන ජය එක් තරුණයෙකුගේ දරුණු පහරදීමකට ලක්වෙනවා. සල්ලාල තරුණයන් සිවු දෙනා එතනින් පලා යනවා. ‍රෝහල්ගත කිරීමෙන් අනතරුව ජායි මිය යනවා.

තමන්ට දිවි දෙවනි කොට ආදරය කළ ඔහුට ජීවිතයෙන් සමුගන්නට සිදු වුනේ තමන්ගේ හිතුවක්කාර තීරණය නිසාවෙන් බව ඇගේ සිතට වද දෙන්නට පටන් ගන්නවා. දහස්වරක් හදවතින් පසුතැවිලි වන ඇය ජායිගේ මරණයට වගකිය යුතු ඒ අපරාධකරුවන් සොයා දඬුවම් දීමට නීතියේ සහය පැතුවත් ඇයට නීතියෙන් කිසිදු සහයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් සැඟවී සිටින ඉසවුවක් ගැන කිසිදු හෝඩුවාවක් නොලැබුනු බවයි ඇයට මාස ගණනාවක් පුරාවටම පොලීසියෙන් ලැබෙන පිළිතුර වෙන්නේ. ජායි වෙනුවෙන් යුක්තිය ඉටුකර ගත නොහැකිව අසරණව සිටින මේ මොහොතේ ඇයට ලැබෙන එක් ඇමතුමක් නිසාවෙන් ඇයගේ ජීවිතයම කණපිට හැරෙනවා.

අනන්‍යතාවය හෙළි නොකරන ඇමතුමෙන් කියවෙන්නේ ජායිගේ මරණයට වගකිය යුතු අපරාදකරුවන් ‍සොයා ගැනීමට ෂබානාට උදවු කිරීමට තමන්ට හැකි බවයි. නීතියේ පිළිසරණක්ද නොමැතිව අසරණව සිටි ෂබානාට එම ඇමතුමෙන් නව ජීවයක් ලැබෙනවා. නමුත් එම උපකාරයට කරන ප්‍රතිඋපකාරයක් හැටියට ඇයට සිදුවෙනවා ඇමතුම්කරුවා වෙනුවෙන් යම් රාජකාරියක් ඉටුකර දීමට... එතින් එහාට කතාන්දරය බොහෝම උද්වේගකර එකක් වෙනවා. ඇයට ජයගේ ඝාතකයන් සොයා ගැනීමට හැකි වේවිද? ඇයට සහාය වීමට ඉදිරිපත් වන මේ අදිසි හස්තය කුමක්ද? ඔවුන් ෂබානාගෙන් බලාපොරොත්තු වන ප්‍රති උපකාරය මොකක්ද? ඇයට මුහුණ දෙන්නට සිදුවන අභියෝග ඇය කෙසේ ජය ගනීවිද? චිත්‍රපටය අවසාන වන තෙක් නැරඹුවහොත් ඔබට සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ගලපා ගන්නට හැකි වේවි.

සිනමා රසික ඔබට 2015 වසරේ තිරගත වුනු Baby චිත්‍රපටය නිසැකවම මතක ඇති. එම චිත්‍රපටයෙන් ඔබ දුටු කතාන්දරයට පෙර සිදු වූ සිදූවීම් පෙළක් පාදක කරගෙන තමයි මේ Naam Shabana චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක Baby චිත්‍රපටයේම Prequal එකක්. අන්තර්ජාලයේ යම් තැනක සඳහන් වී තිබුනා Baby චිත්‍රපටයේ සෑම ප්‍රධාන චරිතයක් සඳහාම වෙන වෙනම චිත්‍රපට (Solo Movie) නිර්මාණය කරන්නට සූඳානමක් පවතින බව. එය තවම නිළ වශයෙන් ප්‍රකාශයට පත් වෙලා නැහැ. අපි බලමු සමහර විට මෙම චිත්‍රපටය ඒ සඳහා ගත් ආරම්භයක් වෙන්නටත් පුලුවන්.

Action, thrillerලෙසින් වර්ගීකරණය වී තිබෙන මේ චිත්‍රපටයේ IMDB දර්ශක අගය 6.4/10ක්. ශිවම් නායර්ගේ අධ්‍යක්ෂණයක්. ටොලිවුඩ් සිනමාව හරහා සිනමාවට පිවිස Chashme Baddoor (2013), Baby (2015), Pink (2016) වැනි චිත්‍රපට හරහා මේ වන විට බොලිවුඩයේද නමක් දිනාගෙන සිටින සුරූපී නිළි තප්සී පන්නූ ප්‍රධාන රංගන දායකත්වය සපයන අතරේ ප්‍රිථිවිරාජ් සුකුමාරන්, මනෝජ් බජ්පායි, විරේන්ද්‍ර සක්‍සේනා වැනි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් කිහිප දෙනෙක්ම මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්,අනුපම් කේර් සහ එලී අව්රාම්ද මෙහි ආරාධිත රංගනයන් සඳහා එක් වී තිබෙනවා. හොඳයි එහෙනම් චිත්‍රපටය නරඹා රසවිඳින හැටියට සියල්ලන්මට ආරාධනය කරමින් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment