Srirastu Subhamastu (2016) සිංහල උපසිරැසි සමඟින්


Srirastu Subhamastu (2016) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Srirastu Subhamastu (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
06-27-2017 at 10:02 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 17 - Views: 39994



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න සෑහෙන කාලෙකට පස්සේ අපේ යාලුවෝ ටිකට නියම ආදර කථාවක් තියෙන තෙලිගු ෆිල්ම් එකක අරන් ආවා. පෞද්ගලික හේතු කිහිපයක් නිසා මට සබ් කරන්න බැරිව ගියා. ඒකට අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලනවා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමුකෝ. අවසානයට මං කලේ Sarrainodu චිත්‍ර‍පටිය. ඒකට ගොඩක් හොද ප්‍ර‍තිචාර ලැබුනා වගේම 30000+ ඩවුන්ලොඩ් ලැබිලා තියනවා. ඒ ගැන සතුටුයි බොහොමත්ම....

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Parasuram මහතා ඒ වගේම අධ්‍යක්ෂනය කරන්නේ Allu Aravind මහතා විසින්. අපේ කථානායකයා වෙන්නේ Allu Sirish මෙයා අපි ගොඩක් ආදරය කරන Allu Arjunge සහෝදරයා. ඒ වගේම Ram Charange ඥාති සහෝදරයා සහ Chiranjev ගෙ ඥාති පුතෙක් වෙනවා. නිලිය විදිහට ඉන්නේ Lavanya Tripathi. දෙන්නගෙ රග පෑමනම් අඩුපාඩුවක් කියන්න නැති තරමට හොදයි. මෙම චිත්‍රපටිය 2016 අගෝස්තු 5 වන දින ප්‍රථම වරට තිරගතවීම ආරම්භ කරන අතර මෙය බොක්ස් ඔෆිස් වාර්තා ආදායම කෝටි 20 ක් උපයලා තියෙනවා. IMDB අගය ගත්තොත් මෙයට 6.5 අගයක්ද ලැබිලා තියෙනවා.

කතාව ආරම්භ වෙන්නේ අපේ කථානයකයා එහෙමත් නැත්නම් සිරී ගෙ අයියා තාත්තට හොරෙන් කසාද බැදලා ගෙදරට එන අවස්තාවෙන්. සිරීගෙ තාත්ත ලොකු සල්ලි කාරයෙක්. අයියා බැදලා තියෙන්නේ මධ්‍යම පාන්තික කෙල්ලෙක්ව. තාත්ත හිතන විදිහට දුක්පත් කෙල්ලෝ පෝසත් කොල්ලන්ව කසාද බදින්නේ එක රැයෙන් කෝටි පතියෙක් වෙන්න හිතාගෙන කියලා. ඉතින් මෙහෙම බැදලා එන දෙන්නව ගෙදරට ගත්තත්. තාත්ත ලේලිට පේන්නවත් ඉන්න එපා කියලයි තියෙන්නේ. ටික කාලෙකට පස්සේ සිරී දවසක් එයාගෙ බිස්නස් වැඩකට ගිහින් ඉද්දී කෙල්ලෙක් දකිනවා. එයාගෙ නම අනන්‍යා. මෙයා එයාට ආදරය කරන්න ගන්නවා. හැබැයි ගෑනු ලමයා ඒක දන්නේ නෑ. ඒ වගේම සිරී එයාව යාලු කර ගන්න යන්නෙත් අමුතුව විදිහකට. ඒ ඇයි කියලා ඔයාල බලලම දැන ගන්න. තව කියන්න දෙයක් තියෙනවා. අනන්‍යාත් මධ්‍යාමපාන්තික ගෑණු ලමයෙක්. ඉතින් මේ දෙන්නට යාලු වෙන්න පුළුවන් වෙයිද? යාලු උනත් තාත්ත කැමති වෙයිද? මේ වගේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා මම නවතිනවා. බලන්නකෝ හොදද කියලා.

ඔයාලගෙ අදහසක් අනිවාර්යෙන්ම දාල යන්න කියලත් ඉල්ලනවා. මොකද දිගටම හොද තෙලඟු චිත්‍ර‍පටි ඕනි නම් ඔයාලගේ අදහසුත් අපිට වටිනවා.






*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HDTVRIP පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment