Wonder Woman (2017) සිංහල උපසිරැසි සමඟින්


Wonder Woman (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Wonder Woman (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
07-03-2017 at 10:02 AM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 42 - Views: 91747



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





හදිසියේම සුපිරි චිත්‍රපටයක් අරගෙන ආව එහෙනං.. කලින් කින්ග් ආතර් චිත්‍රපටයට අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 103 වෙනි උපසිරස විදියට අරගෙන ආවෙ දැනට මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටය කියලා කෙළින්ම කිව්වොත් හරි.. මොකද මේකෙ IMDB අගය 8.0ක්. මැයව මුළින්ම අපිට දැකගන්න ලැබුනේ Batman Vs Superman ෆිල්ම් එකේදි.. ඒහිදී ඇය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගන්නට සමත් වුනා.. මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Gal Gadot. ඇයව හැමෝම වගේ දැනගත්තෙ Fast & Furious චිත්‍රපටමාලාවෙන්.. ඇයගේ ලස්සන හැමෝම මෙම චිත්‍රපටය වෙතට ඇදගන්න තව හේතුවක්.. මුළින්ම වොන්ඩර් වුමන් චරිතය රඟපාන්නෙ මෙයා කියලා දැනගත්තම මටත් පොඩි සැකයක් තිබුණා මෙයාට ඒ චරිතය ගැලපෙයිද කියලා. ඒත් ඇය කෙතරම් අපූරුවට මෙම වොන්ඩර් වුමන් චරිතයට හැඩගැහිලා, පණපොවලා තියනවද කියලා චිත්‍රපටය නරඹන ඔබට දැනේවි..

ඇය වොන්ඩර් වුමන් වන්නට පෙර ඇය ඩයනා කුමරිය විය. ඇමසන්හි කුමාරිකාව විය. පුහුණු වූ රණශූරියක් විය. ඒ රණ ශූරිය වන ආකාරය ඇය පිටත ලෝකයට මුහුණ දෙන ආකාරය එයට හැඩගැහෙන මෙම චිත්‍රපටයෙන් දැකගන්නට පුළුවන්. හැමෝම දන්නවා වගේ මෙය DC ලගේ චිත්‍රපට මාලාවෙ චිත්‍රපටයක්. මෙහි සම්බන්දයක් තියනවා ඉදිරියේදි එන්න තියන justice league චිත්‍රපටයටත්. වොන්ඩර් වුමන් කියන්නේ දැනට එහි පැරණිම සාමාජිකාව මැය බැට් මෑන් එක්ක එකතුවෙලා තමයි ජස්ටිස් ලීගය පිහුටුවන්නේ. ඒ වගේම කියන්න ඕන අපි සුපිරි වීරයන්ගේ ෆිල්ම් ගොඩක් බලලා තියනවා මෙය තමයි අපි සුපිරි වීරවරියකගේ චිත්‍රපටයක් දකින පළවෙනි අවස්තාව. මෙහි අධ්‍යක්ෂක අධ්‍යක්ෂකවරියක් වීමද විශේෂත්වයක්. මෙය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ආදායම් වාර්තා අලුත් කරන්නටද සමත් වුනා. චිත්‍රපටය තුළ ඩයනා කුමරියගේ ළමා කාලයත් ඇය පුහුණු වන විදියත් අපිට දැකගන්න ලැබෙනවා.. මැය ඉදිරි ඩීසී ෆිල්ම් වලත් විශිෂ්ඨ ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගන්නා චරිතයක් වන බවද නොඅනුමානයි. ඩයනා කුමරිය කියන්නේ මොන වගේ කෙනෙක්ද ඇය වොන්ඩර් වුමන් බවට පත්වෙන්නේ කොහොමද කියලා මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. චිත්‍රපටයේ තියන දේවල් කතාව මොකක්ද කියලා මම කියන්නේ නැහැ ඒක ඔයාලටම බාරදෙනවා බලාගන්න.

මේක හොඳ අවස්තාවක් කියලා හිතනවා කියන්න ගොඩක් අය අහන දෙයක් තමයි සල්ලි ලැබෙන් නැතුවත් මොකටද මෙච්චර නැහෙන්නේ උපසිරස දෙන්න කියලා. ඒ අතින් බැලුවොත් අපේ දර්ශන නිශාන්ත අයියා තමයි ගොඩක්ම නැහෙන්නේ උපසිරසි දෙනවා සයිට් එකේ හැම වැඩක්ම බලනවා අපේ සබ් අප්ඩේට් කරනවා සකස් කරනවා.. ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන දේකුත් නෑ.ගොඩක් අයට ඉංග්‍රීසි චිත්‍රපට හෝල් එකකට ගිහින් බලන්න පුළුවන්කමක් නෑ. වැඩ අධික කාර්යබහුල ජීවිතයේ ගොඩක් අය පොඩි හරි සැහැල්ලුවක් සතුටක් ලබනවා මේ වගේ චිත්‍රපටයක් බලලා.පෞද්ගලිකව මටත් එහෙමයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ.

මෙම චිත්‍රපටයේ උපසිරසි කරන්න බාරගෙන තිබුණේ මම නෙමෙයි..කොහොම හරි මේක අරන් ආවා.. දැනට ඇවිත් තියෙන්නේ HC HD කොපි එකක්. කොපි එකේ තත්වය නම් හොඳයි. කට්ටියට ඩිරෙක්ට් ලින්ක් ටිකකුත් මම කමෙන්ට් සෙක්ශන් එකේ දාන්නම් අඩු සයිස් එකෙන් හොඳම කොලිටි කොපියක්. මීට වඩා හොඳ කොපියක් එන්න නම් තව මාස 2ක් වත් යාවි . BR බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් ඒ කොපිය ආපු ගමන් අප්ඩේට් කරලා දෙයි අපේ දරේ සහෝදරයා. පුළුවන් අය අදහසක් දාගෙනම යන්න. ගැටළු තියේ නම් [email protected] ඊමේල් ලිපිනයට මේල් එකක් දාන්න. එහෙනං තව චිත්‍රපටයකින් හමුවනතුරු අදට සමුගන්නවා. හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි !!!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment