Noor (2017) සිංහල උපසිරැසි සමඟින්


Noor (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Noor (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
07-06-2017 at 09:12 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 12 - Views: 39319



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේකට කලින් හින්දි මිඩියම් ෆිල්ම් එක දෙන්න හිටියේ...එත් එකේ කරපු සබ් එක මිසින් උන නිසා මේක කරන්න ගත්තා. මේ චිත්‍ර‍පටිය ආව මුල දවස් වලම කරන්න ගත්තාත් පෞද්ගලිකව මට මෙහි ප්‍ර‍ධාන නිලිය Sonakshi Sinha ව වැඩිය අල්ලන්නේ නැති නිසා කරන්න කම්මැලි හිතුනා. හැබැයි සැහෙන ඉල්ලිම් නම් ආවා මේක කරලා දෙන්න කියලා. මේ චිත්‍ර‍පටි පිටපත එක්ක ආව ඉංග්‍රිසි සබ් එකත් සැහෙන අවුල්. ඔයාලා ගත්තාම උනත් පෙනේවි ටයිම් ලයිට් ටිකක් අප්සට්. ඉතින් නවින් තමයි තරමක් හරි හොද වෙන්න ටයිම් ලයින් එහේ මෙහේ කරලා මට හදලා දුන්නනේ.... කොහොම හරි ඒ හැමදේම එක්ක ආපහු කරන්න හිතාගෙන ඉවරයක් කලා....

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක පකිස්ථානු නවකතාවක් වන Karachi, You're Killing Me! ආශ්‍රයෙන් තමයි නිර්මාණය වෙන්නේ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Sunhil Sippy විසින්... කතාව ගැන කිව්වොත් නූර් කියන්නේ ජනමාධ්‍ය වේදිනියක්. නමුත් ඇය තමන්ගේ රැකියාව වගේම ජිවිතේ ගැනත් තෘප්තිමත් නැහැ. රැකියාවේ තමන්ට කැමැති දේ කරන්න බැහැ... ඇය කැමැති සමාජයට පණිවිඩයක් දෙන වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන්න නමුත් ඇයට ඒකට අවස්ථාව ලැබෙන්නේම නැහැ. ජිවිතේ පැත්තෙන් ගත්තාත් එහෙමයි. අවුරුදු 28ක් වෙලාත් පෙම්වතෙක් නැහැ... කොල්ලෙක් සෙට් වේගන ආවාත් ඒක මොකක් හරි එකක් නිසා ගැස්සිලා යනවා. නූර්ගේ හොදම යාළුවා තමයි සාරා කියන්නේ. ඇය ක්ලබ් එකක ඩිජේ වාදන ශිල්පිනියක්. ඇය නුර්ව රෑ පාටි වලට එහෙම අරන් යන්න උත්සහා කරනවා නමුත් නූර් එවාට යන්න පවා කම්මැලියි... කොහොම හරි නූර්ට අහම්බෙන් මෙන් ඉන්දියාවේ ඇතුලත සිදුවන මිනිස් අවයව ජාවාරමක් ගැන ඉඟියක් ලැබෙනවා. මේ ඉඟිය පස්සේ ඇය හබා යනවා එහි වාර්තාවක් හදලා සැබැ තත්වය ජනමාධ්‍ය හරහා මිනිසුන්ට දැනගන්න වාර්තා කරන්න... නමුත් එයින් වෙන්න නූර් කරන්න ගිය දේ නම් නෙමෙයි... පැය දෙකක් පුරා දිවෙන නුර් ගේ ජිවිත කතාව එහෙනම් රසවිදින්න කියලා ඉල්ලන ගමන් සමුගන්නවා. තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment