The Fate Of The Furious (2017) සිංහල උපසිරැසි සමඟින්


The Fate Of The Furious (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Fate Of The Furious (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 38 sec)
07-29-2017 at 12:39 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 33208



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අදත් ඔයාලට අරගෙන ආවෙ සුපුරුදු විදියටම සුපිරි චිත්‍රපටයක්. ගොඩක් අය එනකන් ඇඟිලි ගැන ගැන හිටපු එකක්. මුළින්ම සමාව ඉල්ලනවා මේකේ උපසිරස ලබාදෙන්න මෙච්ච්ර ප්‍රමාදවීම ගැන. ඇත්තටම මම නෙමෙයි මේක බාරගෙන තිබුණේ. ට්‍රේලර් එක ආව දවස් වලම වෙන් කරගන්න බලනකොටත් මේක වෙන කෙනෙක් ඉල්ලගෙන තිබුණේ. ඊට පස්සේ ආපහු මේක අපේ සහෝදරයෙක් ඔහුගේ පනස්වෙනි උපසිරස විදියට දෙන්න හිටියේ. ඒත් ඔහු එකපාරම කාර්යබහුලවීම හින්දා තමයි මේක මේච්චර පහු වුණේ. සතියකට කලින් විතර තමයි මම බාරගෙන අරගෙන ආවෙ. ඇත්තටම පෞද්ගලිකව මම කණගාටු වෙනවා මේකේ උපසිරස ලබාදෙන්න ප්‍රමාදවීම ගැන. මොකද මේකෙම කලින් චිත්‍රපටය Fast and Furious 7 තමයි මම 100 වෙනි උපසිරස විදියට කරේ. ඒකට දැනට 19 000කට වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් ලැබිලා තියනවා. එහෙනම් කතාවට යමු.

The Fate of the Furious තමයි 8 වෙනි චිත්‍රපටයේ නම. මේක ටිකක් විශේෂයි මොකද පෝල් වොකර්ගේ (බ්‍රයන්ගේ) මරණයට පස්සේ එන ඔහුගේ චරිතය නැති චිත්‍රපටය මේක නිසා. වෙනද වගේම ක්‍රියාදාම වලින් මේක පිරිලා තියෙන්නේ. ඒවගේමයි විහිළුත් ගොඩක් තියනවා. විහිළු දෙබස්, අපහසයට කතා කරන නම්, උපමා ගොඩක් තිබුණ නිසා ටිකක් කාලය වැඩිපුර ගියා. මේකෙ උපසිරස ඉවර කරන්න. ඒව ටිකක් පරිවර්තනය කරන්න අමාරුයිනේ. බ්‍රයන් නැති හින්දා ඩොම්ගේ චරිතය වෙනදට වඩා ගොඩක් කැපිලා පේනවා කියලා තමයි මට නම් හිතුනේ. මොකද වෙනද කණ්ඩායමේ බර දෙන්නා අතර බෙදිලා යනවනේ. කොහොම වුනත් කණ්ඩායමට එකතු වෙන අලුත් අයත් අයත් එක්ක ඒක ඊළගට එන චිත්‍රපට වල හරියාවි. බ්‍රයන්ට තිබුණේ පවුල එක්ක බැඳුණු බැඳීම් තියන චර්තයක්නේ. ඒත් බ්‍රයන්ගේ නැතිවීමත් එක්ක ඒ බැඳීම් ඩොම්ට ලබාදෙන්න යනවා කියලා තමයි මට නම් හිතුනේ. ඇක්ෂන් ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ මොකද ඇක්ෂන් ලෝකයේ ඉන්න සුපිරිම තට්ට්යෝ තුන්දෙනා මේ චිත්‍රපටියේ රඟපානවනේ.චිත්‍රපට මාලාවෙ කලින් හතුරනුත් මෙහෙයවපු ලොකුම හතුරාව තමයි මේ පාර දකින්න ලැබෙන්නේ. මේක බලන්න කලින් Fast and Furious 7 බලලා ඉන්නවා නම් වැඩිය හොඳයි ආයෙත්. මොකද මේකෙ සමහර දෙබස් ඒකෙ වුණු සිදුවීම් වලට සම්බන්ධයි. Fast and Furious 6 එහෙමත් බලලා නැතන්ම් බලන්න එතකොට තමයි 100%ක්ම චරිත අදුරගෙන කතාව තේරුම්ගන්න පුළුවන්

BR පිටපතටම උපසිරසි ගෙනල්ලා තියෙන්නේ. උපසිරසත් පුළුවන් උපරිමෙන් හොඳටම දීලා ඇති. පුළුවන් නම් x265 10bit 720p 6ch කොපි එකකින් හරි නැත්නම් x265 10bit 1080p 6ch කොපි එකක් අරගෙනම බලන්න. මොකද මේ වගේ ෆිල්ම් එකක් ඒවගේ කොලිටියකින් බැලුවට පාඩු නෑ. මේකේ වීඩියෝ වගේම සවුන්ඩ් කොලිටි එකත් ගොඩක් වැදගත් කාර් රේස් කරනකොට එහෙම එන ගැම්ම ඇඟට දැනෙන්නේ එතකොටනේ.මම කමන්ට් එකකින් ඒ කොපි දෙකේ ලින්ක් එකත් දාන්නම් මේ වගේ අපෙන් නොලැබුණු හොඳ ෆිල්ම් තියේ නම් [email protected] ඊ මේල් එකෙන් හරි කමන්ට් එකකින් හරි දැනුම් දෙන්න.. ආපහු මේ වගේ චිත්‍රපටි වල උපසිරස ප්‍රමාද වෙන එකක් නෑ.. එහෙනම් හැමෝටම සුභ දවසක් වේවා!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 2.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment