Mona Darling (2017) සිංහල උපසිරැසි සමඟින්


Mona Darling (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mona Darling (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
08-07-2017 at 07:27 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 23 - Views: 37192



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 දි තිරඟත වු හින්දි හොරර් ත්‍රිලර් වර්ඟිකරණයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි රඟපාන නළු නිලියන් නම් ඔබට ආධුනික වෙන්න විදියක් නැහැ මං කලින් දිලා තියන මෙවැනිම හින්දි චිත්‍ර‍පටි බලලා තියනවා නම්...

කෙලින්ම කතාවට බහින්නම්... මෝනා කියන්නේ ටිකක් දඟකාර කටකාර යුවතියක්. ඇයගේ පෙම්වතා තමයි ක්‍රිස් කියන්නේ. මෝනා හා ක්‍රිස් දිනක් ආදරයෙන් මුසපත් වෙලා... වැඩේ කරන්න යද්දිම මෝනා දකිනවා ක්‍රිස් රහසිගතව ඒ ටික විඩියෝ කරන්න හදනවා කියලා. මේකට මෝනාට යකා නගිනවා. ක්‍රිස්ට හොදටම බැනලා හොද කම්මුල්පාරකුත් දිලාම තමයි මෝනා එන්නේ. ක්‍රිස් පහුවදාම ඇවිල්ලා මෝනාගෙන් සමාවගන්න හැදුවාත් ඒ කරන්න ගිය දේට ක්‍රිස්ට ඇය සමාව දෙන්නේ නැහැ. ක්‍රිස් හිතාගන්නවා ඇයගෙන් පලිගන්න. ඒකට ඔහු කරන්නේ මෝනාගේ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා..එහි නම මෝනා ඩාර්ලිං කියලා වෙනස් කරලා ඇයගේ අඩ නිරුවත් හා නිරුවත් පින්තුර එකතු කරන එක. මේ කිසිම දෙයක් ඇය දැනගන්නේ නැහැ. පහුවදා කැම්පස් ගියාම තමයි දැනගන්නේ තමන්ට මේ වගේ දෙයක් කරලා කියලා. ඇයට කරගන්න දෙයක් නැති වෙනවා. හැමෝම ඉස්සරහා ඇය ලැජ්ජාවට පත්වෙනවා. කාලය මේ විදියට ගෙවි යනවා... අවුරුද්දකට පස්සේ... එක පාරටම තරුණයෝ හතර දෙනෙක් මිය යනවා. ඒ මිය ගිය හතර දෙනා අතර අර මෝනාගේ ෆේක් එකවුන්ට් එක හදලා ඇයව ලැජ්ජාවට පත් කරපු ක්‍රිසුත් අයත්. ඔහුයි ඔහුගේ යාළුවෝ හතර දෙනෙක් තමයි මේ විදියට මැරුම් කන්නේ. මේ මිනිමැරුම් කොහොම උනාද කියලා හොයාගන්න බැරි වෙනවා.... හැබැයි මේ අතර අරුම පුදුම සිදුවිමක් වෙනවා... අවුරුද්දකට කලින් අර සිදුවිමෙන් අක්‍රිය කරපු මෝනා ඩාර්ලිං ෆේස් බුක් ප්‍රොෆයිල් එක සක්‍රිය වෙලා... එකෙන් හැමෝටම රික්වෙස්ට් යවලා... හැබැයි නිකමට හරි ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලොත් ඒ කෙනා මිය ගිහින් තමයි නතර වෙන්නේ..... ඇත්තටම මේ දේවල් කරන්නේ කවුද? මෝනා සියදිවි නසාගෙන ඇය හොල්මනක් වෙලාද? නැත්නම් මෝනාගේ නම පාවිච්චි කරලා කවුරුන් හෝ ලොකු අපරාධයක් කරනවාද? එහෙනම් ඒ කොහොමද? සේරම විසදගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අපි නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment