Alien Covenant (2017) සිංහල උපසිරැසි සමඟින්


Alien Covenant (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Alien Covenant (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 26 sec)
08-18-2017 at 09:57 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 6 - Views: 28132



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමොද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ආයුබෝවන් හැමෝටම. කාලෙකට කලින් මතකයිනේ ඒලියන් ෆිල්ම් එක දුන්නා මම? ෆිල්ම් 4ම එකසැරේ දීගෙන ගියා. මම මුලින්ම ඒලියන් ෆිල්ම් එක දැක්කේ ජාතික රූපවාහිනියේ. අහම්බෙන්. ඒ බලපු ටිකට ෆිල්ම් එක මාර විදියට හිතට වැදුනා. ඉතින් ඒ කාලෙදිම තමයි මට සූම් එකත් හම්බවුනේ. ඉතින් ෆිල්ම් 4ම මම උපසිරැසි කලා. මම තමයි අන්තර්ජාලයේ මුලින්ම ඒලියන් චිත්‍ර‍පටි පෙලට උපසිරැසි කලේ කිව්වොත් නිවැරදියි. ගොඩක් ප්‍ර‍තිචාර ලැබුනා ඒ කාලෙදිත් චිත්‍ර‍පටයට.

ඉතින් පහුගිය ටිකේ කරදරත් වෙලා උපසිරැසි කරන්න වුනේ නෑ. මාස තුනක් විතර. ඉතින් කොහොමහරි පරක්කු වෙලා හරි ඒලියන් චිත්‍ර‍පටය මම ම අරගෙන ආවේ මුල් චිත්‍ර‍පට පෙලත් මම කරලා වෙන කෙනෙකුට දෙන්න දුක හිතුන නිසාම තමයි. ආත්මාර්තකාමී වගේ තමයි ඉතින් ඒ වුනාට ඒලියන් චිත්‍ර‍පටයට පිස්සෙක් වගේ මම ආදරේ කරනවා. ඒ්ලියන් - කවනන්ට් චිත්‍රපටයෙ මංගල ප්‍රදර්ශණය සිදුවුනෙ ලන්ඩන් නුවරදි. ඒ පසුගිය මැයි 4 වැනිදා. මේ චිත්‍ර‍පටය අධ්‍යක්ෂණය කලේත් මුල්ම ඒලියන් චිත්‍ර‍පටය(1979) අධ්‍යක්ෂණය කල රිඩ්ලි ස්කොට් වීමත් විශේෂත්වයක්. නිෂ්පාදන පිරිවැය විදියට ඇ.ඩො.මි. 100කට ආසන්න මුදලක් වියදම් කල නිර්මාණය කල ඒලියන් කවනන්ට් චිත්‍ර‍පටයට ඇ.ඩො.මි.230කට අධික බොක්ස් ඔෆීස් ආදායම් වාර්තාවක් ලැබෙනවා.

කවනන්ට් චිත්‍ර‍පටය සිදුවන්නේ 2104දී. ඒ, ප්‍රොමීතියස් චිත්‍ර‍පටයේ සිදුවීම සිදුවී වසර 11කට පසු. කවනන්ට් කියන්නේ ඔරිගා-6 නැමති අලුතින් සොයාගත් ග්‍ර‍හලෝකයේ කොලනියක් හදන්න යන යානයක්. දෙදහසක් මිනිසුන් මේ අලුත් කොලනිවාසීන් ලෙස අරගෙන යනවා මේ කවනන්ට් යානයේ. නමුත් අතරමගදී තාරකා පද්ධතියකින් පැමිණුන අධි ආරෝපිත තරංග මාලාවක් නිසා යානයේ ලොකු හානියක් වනවා. වෝල්ටර්; කවනන්ට් යානයේ මිනිස් රොබෝවා ‘‘අම්මාට‘‘ කියනවා නිළධාරී කණ්ඩායම ඇහැරවන්න කියලා. කණ්ඩායමේ කැප්ටන් තම හිමායන කුටියේදීම පිලිස්සි මිය යන්නේ මේ අතරතුර. කෙසේ හෝ යානයේ ගැටලු ටික නිරාකරණය කරන අවස්ථාවේදී අමුතු ආකාරයේ සම්ප්‍රේෂණයක් ඔවුන්ට හසුවෙනවා. එය ඉංග්‍රීසි ගීතයක් බවට ඔවුන් සොයාගන්නවා. කණ්ඩායමේ දෙවැනියා, ඒ කියන්නේ දැන් අලුත් කැප්ටන් තීරණය කරනවා මේ සම්ප්‍රේෂණය ගැන සොයන්න ඕන කියලා. ඔවුන් සොයාගන්නවා මේ අලුත් ග්‍ර‍හලෝකයක් කියලා. ඔවුන්ට කලින් හමු නොවුනු. ඒවගේම එහි පරිසරයද ජලය, ගස්වැල් වලින් පිරිපුන් එකක් බව.

නමුත් ඩැනියෙල්ස්, එහෙම නැත්නම් අලුත් චිත්‍ර‍පටයේ රිප්ලිගේ අඩුව පුරවන දෙවැනියා මෙයට කැමති වෙන්නේ නෑ. ඔවුන් සියලුම මෙහෙයුම් සකස් කලේ ඔරිගා-6 ග්‍ර‍හලෝකයට. එකසැරේ මතුවුන හැමදෙයින්ම පරිපූර්ණ ග්‍ර‍හලෝකයකට යන එකේ අමුත්තක් ඇයට දැනෙනවා. නමුත් කැප්ටන් කරන්නේ ඇයව දෙවැනියාගේ තනතුරෙන් පහ කරන එක. කෙසේහෝ ඒ ග්‍ර‍හලෝකයට ගියාට පස්සේ කණ්ඩායමේ කීපදෙනෙක්ට රෝගී තත්වයකට මූණදෙන්න වෙනවා.

ඔන්න කතාවේ ආරම්භය. ඒලියන් මුල් චිත්‍ර‍පටි බලලා නැත්නම් ඒ ටික බලලා ඉන්න. ලින්ක් ටික අපි මේකෙදිම දානවා. එහෙනම් ඊළඟ චිත්‍ර‍පටයෙන් ඉක්මනින්ම හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!



Alien පෙර චිත්‍ර‍පටි සියල්ල (1/2/3/4) මෙතැනින් ලබාගන්න


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay පිටපත් සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment