Munna Michael (2017) සිංහල උපසිරැසි සමඟින්


Munna Michael (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Munna Michael (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
09-21-2017 at 11:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 24 - Views: 46822



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Heropanti (2014), Baaghi (2016) චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා වුනු සබීර් ඛාන්ගේ තවත් එක් නිර්මාණයක් තමයි මුන්නා මයිකල් චිත්‍රපටය. ඉහත කියපු චිත්‍රපට දෙකේදිම රංගනයෙන් දායක වුනු ටයිගර් ෂෙරොෆ් තමයි මේ චිත්‍රපටයටත් ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ. ඔහුත් එක්ක නිදී අගර්වාල් සහ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී නවසුදීන් සිද්දික් රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය හරහා තමයි නිදී අගර්වාල් හා හා පුරා කියලා රංගනයට අවතීර්ණ වෙන්නේ. Action, Drama, musical වර්ගීකරණයන්ට තමයි චිත්‍රපටය අයත් වෙන්නේ.

මයිකල් (රෝනිත් රෝයි) නර්තනය තමන්ගේ ආත්මයම කරගත් චිත්‍රපට පසුබිම් නර්ථන ශිල්පියෙක් විදියට රැකියාව කරන කෙනෙක්. නමුත් වයස්ගතවීමත් එක්ක ඔහුව තිරයෙන් ප්‍රතික්ශේප වෙනවා. බඩවියත රැකගත්තු රස්සාව නැති වුනු කම්පනයෙන් සහ කලකිරීමෙන් ඉන්න ඔහුට කසල ගොඩක හඩමින් ඉන්න අලුත ඉපදුනු දරුවෙක් හම්බ වෙනවා. ඔහු ඒ දරුවාව ගෙදර අරගෙන යනවා. තමන්ගේ නමේම කොටසක් අරගෙන මුන්නා මයිකල් නමින් ඔහු ඒ සිඟිත්තාට නම් තබනවා.

කාලය ගෙවී ගොස් තරුණ වියට එලඹෙත්ම මුන්නා මයිකල් (ටයිගර් ෂෙරොෆ්) ඔහුගේ පියා වගේම අති දක්ෂ නර්තන ශිල්පියෙක් වෙනවා. මුන්නාට වුවමනා කරන්නේ වෘත්තීය නර්තන ශිල්පියෙක් වෙන්න වුනත් මයිකල් ඔහුගේ ජීවිතයේ ලද නීරස කටුක අත්දැකීම් නිසා තමන්ගේ පුත්‍රයා නර්තනය වෘත්තිය කරගන්නවාට දැඩි ලෙස විරුද්ද වෙනවා. මයිකල් හැම මොහොතෙම මුන්නාට දෙන අවවාදය වෙන්නේ ස්ථිර රැකියාවක් සොයාගන්න නර්තනය වෘත්තිය කරගන්න එපා කියන එකමයි.

මේ අතරේ මුන්නා රාත්‍රී සමාජ ශාලාවල මුදලට ඔට්ටු තබමින් නර්තනයන් ඉදිරිපත් කරනවා. එවන් එක් අවස්තාවකදි ඇතිවන බහින් බස් වීමකින් මුන්නාගෙන් පහර කෑමට ලක් වෙනවා බල්ලී නම් තරුණයෙක්. ඔහුට සිටිනවා මහේන්දර් (නවසුදීන් සිද්දික්) නම් වැඩිමහල් සහෝදරයෙක්. තමන්ගේ බාල සොහොයුරාට පහර දුන් මුන්නාට ඔහු ලබා දෙන්නේ හරිම අපූරු දඩුවමක්. ඒ තමයි මාසයක් ඇතුළත තමන්ට සුපිරි නර්තන ශිල්පියෙක් වෙන්නට අවශ්‍ය ඉගැන්වීම් කරන ලෙස පැවරීම. මුන්නාට සිද්ද වෙනවා එම දඩුවමට යටත් වෙන්නට. නර්තනය ගැන මෙලෝ හසරක් දන්නේ නැති මහේන්දර්ව මාසයක් ඇතුළත සුපිරි නර්තන ශිල්පියෙක් කරන්නට මුන්නා මයිකල්ට හැකි වේවිද? මැරවරයෙක් වෙච්ච මහේන්දර් ඇයි මේ තරම් පිස්සුවෙන් නර්තනය ඉගෙන ගන්න දත කන්නේ? මොවුන් දෙදෙනා අතරට මැදි වෙන ඩොලීගේ (නිදී අගර්වාල්) ඉරණම කුමක් වේවිද? චිත්‍රපටය නැරඹුවොත් උත්තර හොයාගන්න පුලුවන්.

කිවයුතුම දෙයක් තියෙනවා. සබීර් ඛාන්ගේ මුල් චිත්‍රපට වගේම මේකත් බොහොම සරල සාමාන්‍ය කතාවක් තිබෙන චිත්‍රපටයක්. බරපතල දේවල් නම් බලාපොරොත්තු වෙන්නම එපා. පැය දෙක හමාරකට ආසන්න කාලයකදි රස විදිය හැකි එතනින් එහාට හිතන්නට යමක් ඉතුරු නොවන චිත්‍රපටයක් තමයි මේක. හැබැයි මුල් චිත්‍රපට දෙකේ ‍වගේම ‍මේකෙත් හොඳ ක්‍රියාදාම (Fighting Acts) ඇතුළත්. විශේෂම දේ තමයි මුල් චිත්‍රපට දෙකටත් එහා ගිය ආකාරයේ දැවැන්ත බවකින් යුතු නර්තන අංග ( Dancing Acts) බොහෝමයක් මේ චිත්‍රපටයේදි දකින්න පුලුවන්. ටයිගර්ගේ ගහගැනිලි ගැනයි නැටිලි ගැනයි ඉතින් ඔහුගේ මුල් චිත්‍රපට නැරඹූ අයට නම් අමුතුවෙන් වර්ණනා කරන්න වුවමනා නැහැනේ. එහෙම නම් නරඹා රස විඳින්න මුන්නා මයිකල්ගේ කතාව. තවත් උපසිරැසියක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්! සතුටින් ඉන්න!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම DVD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVD Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment