Bhale Bhale Magadivoy (2015) සිංහල උපසිරැසි සමඟින්


Bhale Bhale Magadivoy (2015) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bhale Bhale Magadivoy (2015) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
10-01-2017 at 01:35 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 4 - Views: 28399



Tags:


උපසිරැසි ගැන්වීම: තුෂංග ප්‍රමෝද්



  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.






ඔන්න ආයිමත් ටික කාලෙකින් අරගෙන ආවේ තෙලිඟු ෆිල්ම් එකක්....සමහර අයට මාවනම් මතක නැතුවත් ඇති...කලින් වතාවේ ගොඩාක් අය ඉල්ලපු A Aa 2016 න් පස්සේ මේ අරගෙන එන්නේ පලවෙනි ෆිල්ම් එක ..මේ මගේ 06 වෙනි උපසිරැසිය...මීට කලින් එක්ක දෙන්නයි හිටියේ...එක පොඩී අවුලක් ගිහින් දෙන්න බැරි උනා...කලින් වතාවේ වගේම මේ ෆිල්ම් එක අරගෙන එන්නෙත් කැම්පස් නිවාඩුවට පිං සිද්ද වෙන්න...මං ෆිල්ම් එක ගැන කියන්න කලින් මේ දේ ගැන පොඩ්ඩක් කියන්නම්...

ඇත්තටම මම මේ ෆිල්ම් එක කරන්න ගත්තේ ගිය අප්‍රේල් වල..ඒත් මේකට උපසිරැසියක් ඇවිත් තිබුණේ නෑ හරියට A Aa 2016 වගේම තමයි..එත් මට ඒක පටන් ගත්තට ඉවර කරගන්න බැරි උනා..නිවාඩු ඉවර උනා.. කාල රාමුවක් හදාගෙන සබ් එකක් කරන්න කොච්චර අමාරුද කියලා දන්නවානේ...ඉතින් මම මේක පොඩ්ඩක් තියෙන්න ඇරියා..ටිකක් දිග නිවාඩුවක් ආවහම අත ගහන්න හිතාගෙන..ඔහොම ගිහින් මීට සති දෙකක්ට කලින් මං ආයිමත මේකට අත ගැහුවා ගෙදර ඇවිත්.. කරගෙන ගියා ඉතින් කාල රාමුවකුත් හදාගෙන හෙමීට..මාර වැඩේ කියන්නේ මං ළඟ තිබුන HD කොපි එකේ එක තැනකින් විනාඩි 2 ක් විතර ඉස්සරහට පැන්නෙනවා එකපාරටම..ඉතින් මං වෙන කොපියක් වත් තියද කියලා බලන්න නෙට් එකට ආවා...ඒ සෑහෙන්න කාලෙකට පස්සේ ටොරෙන්ට් එකක් හොයන්න ගියේ...කරුමේ කියන්නේ මං සබ් එක කරන්න අරං දවස් කීපෙකින් නෙට් එකේ HD කොපියයි ඉංග්‍රීසී සබ් කයි දෙකම දාල... මට මාර අවුල් ...දැනගත්තනම් මීට ගොඩාක් කලින් දෙන්න තිබුණා ...මොකද මට ඉවර කරගන්න තිබුනේ හරියටම තව ලයින් 150 ක් විතරයි මුලු සබ් එකේම...මගේ ගාව තිබුනු කොපියත් අවුල් නිසා මං හිතුවා ගොඩ තමයි කොපියකුත් ඇවිත් තියනවනේ කියලා...කරුමේ කියන්නේ මං ළඟ තියන කොපියයි අලුතෙන් ආපු කොපියයි ටයිම් වෙනස් ගොඩක්..මං කරපු සබ් එක ඒ කොපි වලට ගැලපෙන්නේ නෑ..දෙවියනේ අච්චර කට්ටක් කාලා මට උන දෙයක්...මං සබ් කරන්නේ නෑ කියලා පැත්තකටම දැම්ම...ඒත් ඉතින් මං සති 2 ක් තිස්සේ මහන්සි උන එකනේ ඉවරයක් කරන්නම ඕනි කියලා හිතුවා...ඉතින් ආයේ මුල ඉඳන් සබ් එකේ ටයිමින් වෙනස් කරන්න උනා..සබ් එකක් අලුතෙන් ගහනවට වඩා ඒක එපා වෙන වැඩක් කියලා සබ් කරන අය විතරයි දන්නේ ...මොනා කරන්නද වැඩකුත් තිබුනා ඒකත් කල් දාලා වැඩේ කරන්නගත්තා...අම්මෝ ජීවිතෙත් එක්කම එපා උනා...දවස් දෙකේම හරියට නින්දක් නැතුව කන්නෙවත් නැතුව ඉවර කරා කොහොම හරි..ඒ ඔයාල වෙනුවෙන්..මොකද සබ් එකෙකින් තියෙන්නේ ඔයාලගේ සතුටයි ඔයාලා බලලා ඔයාලා දෙන FeedBack එකයි කමෙන්ට් එකේ සතුටයි විතරයි ඇත්තටම...A Aa 2016 ට නම් ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුනා..ලැබුනු ප්‍රතිචාරත් පට්ටයි...මොකද අපෙන් තමා ඒක මුලින්ම රිලීස් උනේ..ඒ දේවල් දැක්කම් සබ් එකක් කරන්න් ආස හිතෙනව...

මං කතාවට එන්නම්කෝ....මේකේ නම ගොඩාක් අයට හුරු නැතුව ඇති...ඒත් ටච් එකේ හිටපු අයට මතක ඇති 2015 2016 දී ගොඩාක් අය ඉල්ලපු ෆිල්ම් එකක් මේක ...මොකද කිව්වොත් මේක තමයි මෙච්චර කාලෙකට nani ගේ ආව පට්ටම හිට් උන ෆිල්ම් එක...කොච්ච්රද කිව්වොත් USA වල තෙලිගු ඉතිහාසේ 04 වෙනි Box Office වාර්තාව...ඒ විතරක් නෙවෙයි ෆිල්ම් එකේ වියදම වගේ 08 ගුණයක් හොයපු ෆිල්ම් එකක්...තෙලිඟු Box Office වාර්තාව වෙනස කරපු ෆිල්ම් එකක් .IMDB Rate එකත් 7.9..අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ෆිල්ම් එක ගැන...බොරු නම් Google Search පාරක් දාලා බලලම ගන්න... තෙලිඟු ෆිල්ම් බලන අය මේක මිස් කරගන්නවා කියන්නේ ඇත්තටම වැඩක් නෑ...මේකේ සබ් කරන්න ගිහින් මම ලෝක අමාරුවක වැටුණේ...මොකද සබ් එක කරනවට වඩා මම කලේ හිනා වෙන එක...පට්ටමයි.. Nani, Lavanya Tripathi, Murali Shaarma, NAresh Ajey වගේ පට්ටම සෙට් එක්ක් ඉන්නෙත්...

ඔයාලාගේ යාලුවොත් ඉන්නවද , මේ කියන දේ මේ අමතක වෙන ?? වැඩකට ගියාම ඊට කලින් වැඩේ අමතක වෙන..එහෙම කෙනෙක් ආදරේ කලොත්?? නියමෙට තියෙයි නේද
..එහෙම අයට ආදරේ කරන කෙල්ලොත් ඉන්නවද ඇත්තටම ? නැතන්ම් තෙලිඟු ෆිල්ම් වලට විතරමද ? ඒයාලට එකතු වෙන්න බැරි වෙයිද ?....බලන්නකෝ ෆිල්ම් එක 720p වලින්ම බලනාවානම් මම කැමතියි...

මං වගේ තෙලිඟු ෆිල්ම් පිස්සොන්ටමයි...මේ මගේ 03 වෙනි තෙලිඟු ෆිල්ම් එක.. Krishna Gadhi VPG 2016, A Aa 2016, මේ අනිත් එක...වෙනදා වගේම ඉල්ලන්නේ පුන්චි කමෙන්ට් එකක් දාගෙන යන්න..කලින් ෆිල්ම් එක හොඳට තිබුනද කියලවත් ...ඔයාලගේ ෆිල්ම් Reuest තියනවානම් FaceBook එකේ Thushanga Pramod කියලා සර්ච් එකක් දාලා බලන්නකෝ ෆිල්ම් එක. MSG එකක් දාලා තියන්න ...එහෙනම් ආයේ කැම්පස් නිවාඩුවකින් හමු වෙමු...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තුෂංග ප්‍රමෝද් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment