A Gentleman (2017) සිංහල උපසිරැසි සමඟින්


A Gentleman (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
A Gentleman (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
10-16-2017 at 07:55 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 10 - Views: 44374



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Go Goa Gone (2013), Happy Ending (2014) වගේ චිත්‍රපට අද්‍යක්ෂණය කළ Raj Nidimoru සහ Krishna D.K. දෙපළගේ නවතම සිනමා නිර්මාණය තමයි A Gentleman චිත්‍රපටය. Action, Comedy, romance කියන වර්ගීකරණයන්ට අයත් වුනු මේ චිත්‍රපටයට 7.2/10ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Hasee Toh Phasee (2014), Ek Villain (2014), Brothers (2015), Kapoor & Sons (2016), Baar Baar Dekho (2016) වගේ අතිශය ජනප්‍රිය වුනු චිත්‍රපටවල රංගනයේ යෙදුනු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් Murder 2 (2011), Race 2 (2013),Kick (2014), Roy (2015), Dishoom (2016), සහ Housefull චිත්‍රපට ත්‍රිත්වයේත් රංගනයේ යෙදුනු සුරූපී නිළි ජැකලින් ෆර්නෑන්ඩස් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පොවනවා. ඔවුන් දෙදෙනා සමගින් Mary Kom (2014), Nh 10 (2015) වැනි චිත්‍රපටවලින් සිනමා රසිකයින් අතර නමක් දිනාගත් දර්ශන් කුමාර් සහා සුපිරි බොලිවුඩ් නළු සුනිල් ෂෙට්ටි මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම මියුරු සංගීතය සචින්-ජිගර් දෙපළගෙන්.

ගෞරව් (සිද්ධාර්ත් මල්හෝත්‍රා) කියන්නේ ඇමරිකාවේ වාසය කරන බොහොම සරල, විනීත නීතිගරුක වැදගත් රැකියාවක් කරගෙන බො‍හොම සුන්දර පවුල් දිවියක් ගැන සිහින මවන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මහත්මයෙක් කියලා හඳුන්වන්න පුලුවන් විදියේ කෙනෙක්. ඔහුගේ සිහින කුමරි ය වෙන්නේ ඔහුගේම සේවා ස්තානයේ රැකියාව කරන කාව්‍යා (ජැකලින් ෆර්නෑන්ඩස්) ගෞරව් හීන මවනවා කාව්‍යාව විවාහ කරගෙන බොහොම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. නමුත් කාව්‍යාට ගෞරව් ගැන යාලුකමකින් එහා ගිය හැඟීමක් නැහැ. කාව්‍යා ගෞරව්ට ආදරය කරන්න අකමැති වෙන්න හේතුව තමයි ගෞරව් ඕනවාට වැඩිය හොඳ විම. කාව්‍යා බලාපොරොත්තු වෙන්නෙ ටිකක් දරඳඩු චරිත ලක්ෂණ තියෙන කෙනෙක්. කාව්‍යාට අනුව ගෞරව් අහිංසක වැඩියි.

ඔය අතරෙදි ගෞරව්ගේ සේවා ස්තානයේ යම් ගනුදෙනුවක් සඳහා ගෞරව්ට ඉන්දියාවට යන්න සිද්ද වෙනවා. ඒ ඉන්දීය ගමනත් එක්කම චිත්‍රපටය වෙනස්ම පැත්තකට ගලාගෙන යනවා. චිත්‍රපටයේ හැරවුම් ලක්ෂය ගෞරව්ගේ ඒ ඉන්දීය ගමන කිවුවොත් හරි. ඊට වඩා වැඩි දෙයක් කියන්නේ නෑ ඔබේ කුතුහලය නැති කරන්න අකමැති නිසා. එහෙම නම් නොනවතින සුපිරි ක්‍රියාදාම පෙළකින්ම සමන්විත වූ මේ ගෞරව් මහත්මයාගේ කතාව නරඹා රසවිඳින හැටියට හැමෝටම ආරධනා කරනවා. සුභ දවසක්! සතුටින් ඉන්න.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment