Rarandoi Veduka Chudham (2017) සිංහල උපසිරැසි සමඟින්


Rarandoi Veduka Chudham (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rarandoi Veduka Chudham (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 20 sec)
11-14-2017 at 01:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 29869



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුසංක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





වැඩි දවසක් යන්න කලින් ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. මේකත් ආදර කතාවක්. ඒ වගේම සටන් ජවනිකාත් ඇතුලත්. කේෂවා එක හැමෝම බලන්න ඇතිනේ. අදහස් දාපු අයට මගෙ ස්තූතිය පුද කරනවා. මේකත් ඔයාලට හොද රසවින්දනයක් ගෙන දෙයි කියලා මම විශ්වාස කරනවා.

IMDB අගය 5.9ක් දිනා ගත් මෙම චිත්‍රපටිය 2017 මැයි 26 වන දින තමයි තිරගත වීම ආරම්භ කරන්නේ. මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ Akkineni Naga Chhaitanya සහ Rakul Preet Singh දෙදෙනා විසින්. තෙලිගු සිනමාවෙ ප්‍රසිද්ධ නලවෙක් වෙන නාගඅර්ජුන්ගෙ පුතා තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ. අධ්‍යක්ෂනය Kalyan Krishna Kurasala විසන් කල මෙම චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ Nagarjuna විසින්. ඒ වගේම චිත්‍රපටිය විනාඩි 150ක කාලයක් පුරා ධාවනය වෙනවා.

කතාව ගැන කිවුවොත්. එක ගමක ඉන්නවා හොදම යාලුවන් 3න් දෙනෙක් (ආදි, ක්‍රිෂ්නා, ප්‍රභාකර්) ඒ ගමේ කබඩි තරගයක් කියන්නෙ අනිවාර්යෙන්ම මේ 3න් දෙනා ඉන්නවාමයි. ඒ වගේම දිනනවා. මෙහෙම ඉන්න 3න් දෙනාගෙන් ආධිනාරයන්ගෙ නංගිගෙ කසාදෙ දවසේ ආදිගෙ හොදම යාලුවා ක්‍රිෂ්නා නංගිව අරන් පැනලා යනවා. මේ විදිහට ඒ යාලුවන් 3න් දෙනා. දෙන්නෙක් විදිහට වෙන් වෙනවා. ආධිගෙ ගොලු නංගිව අනිත් යාලුවා ප්‍රභාකර් කසාද බැදලා ආදිගෙ ගෙදර නවතිනවා. ආදිටත් ඉන්නවා ගෑනු ලමයෙක්. පවුලේ එකම ගෑනු ලමයා. අනිත් අය සේරම පිරිමි අය. ඉතින් හැමෝම මේ දුවට ආදරෙයි. නම බ්‍රමනම්බා. ටිකක් පරනයි වගේ නේ? ඔව් ඒ ආත්තම්මගෙ නම. ඉතිත් මේ බ්‍රමනම්බා පොඩි කාලෙ ඉදලම හරිම හුරතලේට හැදෙන්නේ. මොන දේ උනත් තාත්තට කියනවා. හැබැයි කියන්න කලින් එක පාරක් අනිවාර්යෙන්ම අවවාද කරනවා. මෙහෙම කාලෙ ගෙවිලා ගිහින්. බ්‍රමනම්බත් ලොකු උනාට පස්සේ. ආදිගෙ යාලුවෙක්ගෙ දුවෙක්ගෙ කසාදෙ දවසේ. මනමාලයගෙ ඥාති සහෝදරයෙක් (ශිවා) බ්‍රමනම්බා දැකලා ආදරයක් ඇති වෙනවා. මෙයත් පස්සෙන්ම යනවා. හැබැයි බ්‍රමනම්බගෙ හිත දිනා ගන්න එක ලේසි නෑ. මොකද පොඩි කාලෙ ආත්තම්ම කියලා දීපු දෙයක් නිසා. එයා ඒ වගේ මනමාලයෙක් බලාගෙනයි ඉන්නේ. මොන වගේ මනමාලයෙක්ද ඕනෙ කියලා ඔයාල අරගෙන බලන්න. ඒ වගේම අපේ ශිවාගෙ ආදරෙ හරියයිද? ආත්තම්ම කියපු විදිහෙ කෙනෙක්ද කියලා. ඒ වගේම ආදරේට ආත්තම්ම කියපු දේ විතරක් නෙමෙයි. තවත් ලොකු බාධාවක් එනවා. ඒකත් දැන් කියන්නෙ නෑ. ඔයාලම බලන්න. ගොඩක් දේවල් කියන්න උනා. මේ ඇති.

හැමෝටම බලලා සතුටු වෙන්න කියලා කියනවා එහෙනම්. ලගදිම තවත් එකක් අරගෙන එනකම් ඔයාල හැමෝටම සුබ දවසක්.





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.5GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.5GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment