The Son Of Bigfoot (2017) සිංහල උපසිරැසි සමඟින්


The Son Of Bigfoot (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Son Of Bigfoot (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
12-25-2017 at 02:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 72 - Views: 45940



Tags:


උපසිරැසි ගැන්වීම: රුවන් S. මහ නාන්නේරිය



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





පළමුවෙන්ම අද දිනයේ ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුබ නත්තලක් වේවා කියලා සියළු ලක්වාසි සිනමා රසිකයින්ට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ් ම තව දින කිහිපයක් ඉනික්බිත්තෙන් ලබන්නා වූ 2018 නව වසරත් සියළු වැඩ කටයුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ඔන්න මගේ නත්තල් තෑග්ග සහ අළුත් අවුරුදු තෑග්ග අපේ යාළුවන්ට නත්තල් දවසේ අරගෙන ආවා. ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලන ත්‍රිමාණ සජීවීකරණ එහෙමත් නැත්තං දන්න සිංහලෙන් කිව්වොත් ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි මං අරගෙන ආවේ. නිවාඩු පාඩුවෙ ගෙදර දරුවොත් එක්ක, පවුලෙ අයත් එක්ක එකතු වෙලා බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් තමයි මේ.

හරි චිත්‍රපටියෙ තරය පිටුපස කතාව පොඩ්ඩක් කියල ඉන්නම්කො මුලින්ම. ඇමරිකන් ඩොලර් මිලියන 30 ක බරපැනක් දරමින් මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ ප්‍රංශ හා බෙල්ජියම් සිනාමාකරුවන් කිහිපදෙනෙක් එකතු වෙලා. ඒ කියන්නෙ මේක ප්‍රංශ - බෙල්ජියම් චිත්‍රපටියක්. මේ ලස්සන කතාව මිනිත්තු 92 ක් පුරා දිව යනවා. ගොඩක් අය චිත්‍රපටියක් බලන්න කලිං ඉස්සෙල්ලම බලන්නෙ ඒ චිත්‍රපටියට ලැබිල තියන රේටින්ග්ස් ගැනන නේ...IMDb දර්ශකයේ ප්‍රේක්ෂක මනාපය 6.2/10 ලැබිලා තියවනවා.ඒ වගේම කුණු තක්කාලියෙ 77%කුත් ගූගල් පරිශීලක මනාපය 88%කුත් මේ සඳහා හිමි වෙලා තියනවා.

කතාව ගැන ටිකක් කිව්වොත් ඉන්නවා ඇඩම් කියල අහිංසක කොළුවෙක්. මිනිහට ඉස්කෝලෙ ඉන්න චන්ඩි බන්ඩින්ගෙන් හරි වදේ.හැම වෙලාවෙම එයාව කොලොප්පමට ගන්නවා. විශේෂයෙන්ම එයා වැඩියෙන්ම වෛර කරන එයාගෙ කොණ්ඩෙත් එක්ක. දවසක් ඉස්කෝලෙ දි චන්ඩි බන්ඩි ටෝනි ඇඩම්ගෙ කොණ්ඩෙ චුයින්ගම් අලනවනවා. ඉතිං ගෙදර ආවට පස්සෙ ඇඩම්ගෙ අම්මා ඇඩම්ගෙ කොණ්ඩෙ කපනවා. ඉතිං ඊට පස්සෙ එදා රෑ ඇඩම් නින්දට යනවා. පහුවදා උදේ නැගිටිනකොට ඇඩම්ට අදහ ගන්නවත් බැරි දෙයක් එයාට සිද්ධ වෙලා. ඊයෙ කපපු කොණ්ඩෙ ආයෙත් තිබ්බ ගානටම වැවිලා. ඔච්චරයි මම කියන්නෙ. කතාව නම් මීට වඩා ගොඩක් වෙනස්. කවුද ඇඩම්... එයාට මොනවද වෙන්නෙ...බිග්ෆුට් කියන්නෙ කවුද? ආදරය, කරුණාව, දරු සෙනෙහස, නොපසුබට උත්සහය, හාස්‍ය, උපහාසය, ත්‍රාසය පිරි මේ ලස්සන නිර්මාණය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරමින් උපසිරැසිකරණයෙන් සමුගන්නයි මේ සූදානම... මේ අවුරුද්දට.

තවත් අවුරුද්දකින් හමුවෙන බලාපොතේතුවෙන් ගිහිං එන්නම්.....



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු BluRay සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රුවන් S. මහ නාන්නේරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment