Forgotten (2017) සිංහල උපසිරැසි සමඟින්


Forgotten (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Forgotten (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
04-05-2018 at 08:18 PM
Uploaded by HEDZ

Rating: 2 after 1 votes

Various Movies
Favorites: 13 - Views: 30598



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනී ඉමාෂා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





කාලේකට පස්සේ කොරියන් චිත්‍ර‍පටියක් අරන් ආවා. අන්තිමට මං කොරියන් චිත්‍ර‍පටියකට දුන්නේ Pandora (2016) චිත්‍ර‍පටියනේ. ඒ චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියත් අපේ ඇඩ්මින්ම තමයි මට තෝරලා දුන්නේ. . මේකත් හොද ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක්... මේකේ ඉන්න නළු නිලියන් ගැන නම් මං කියන්නේ නැහැ ඒ මොකද මුලින්ම මං ඒ අයව වැඩිය දන්නෙත් නැහැ අනික ඒ අයගේ නම් දාලා ඔයාලා කියවන්න ගිහින් හක්ක පන්න ගන්න ඉඩ තියනවා . ඒක නිසා කෙලින්ම කතාව මේ විදියට කියන්නම්.... ඔයාට දවසක හිතුනොත් මොකද වෙන්නේ ඔයාගේ මුළු ජිවිතේම ඒ කියන්නේ ඔයාගේ වටේ ඉන්න හැමෝම කරන්නේ බොරුවක් කියලා... ඔයාගේ අම්මා වගේ ඉන්න කෙනා අම්මා නෙමෙයි... තාත්තා වගේ ඉන්න කෙනා තාත්තා නෙමෙයි... අඩුම ගානේ සහෝදරයා කියලා ඉන්න කෙනාත් ඒ හැබැකෙනාම නෙමෙයි කියලා. හැබැයි ඔයාට මතක පුරුදු ඒ අයම තමයි. හැබැයි ඒ ඉන්න අය හැබැවටම ඒ අය නෙමෙයි නම් ඔයා මොනාද කරන්නේ? ඒ හැම කෙනෙක්ටම ඔයා නොදන්න ජිවිතේ පැතිකඩක් තිබ්බොත්... ඒ විතරක් නෙමෙයි ඔයා ඔයා කියලා හිතාගෙන හිටපු කෙනාත් ඔයා නෙමෙයි නම්... ඔයා දැකලා තියෙන්නෙත් ඔයා කියලා බොරුවක් නම් මොකද වෙන්නේ? පැටලෙනවා නේද? මේ කතාවේ ප්‍ර‍ධාන චරිතයටත් උනේ ඕකම තමයි. එයාගේ ජිවිතේ එක රැයකින් අවුල් වෙන්න ගන්නවා කවදාවත් හදාගන්න බැරි වෙන තරමටම. ඒ අවුල මොකක්ද කියලා බලන වඟකිම එන්නේ ඔයාට තමයි. හොද ත්‍රීලර් චිත්‍ර‍පටියක් කියලා මං කිව්වා නේ. විනාඩියෙන් විනාඩිය කුතුහලයත් එක්ක බලන්න පුලුවන් වේවි....මේකත් NETFLIX ආයතනය වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. ඒ නිසා වෙබ් රිප් එකකින් ඔයාලට සැනසෙන්න වෙනවා. මොකද බ්ලුරේ එන්නේ නැති නිසා. මේක අරන් බලන්න එහෙනම් මං ගිහින් එන්නම්...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment